මෙය පිටකොටුවේ වූ සිදුවීමකි. පොලිසිය දඩ කොලයක් ලියයි. යතුරුපැදියේ ආ තරුණයා කෑ ගසමින් පවසන්නේ තමන් වරදක් නොකළ බවයි. එක් පැත්තකට පමණක් වාහන ධාවනය කිරීමට අවසර ඇති මාර්ගයක වාහනය ධාවනය කළ නොහැකි දෙසට තමන් යතුරුපැදිය තල්ලුකරගෙන ආ බව එම තරුණයා කියයි.
ඔහු තවදුරටත් පවසන්නේ වැරදි පැත්තට යතුරුපැදිය ධාවනය කරමින් ආ පොලිසිය වරදක් කළ බවයි. තමන් සතුව සියලු බලපත්‍ර හා ලියකියවිලි ඇති බවත් පොලිසිය අනවශ්‍ය පරිදි දඩකොළ ලියන බවත් මේ තරුණයා කෑ ගසමින් කියයි. නීතිය කාටත් පොදුය. රටේ පවතින නීතිය කඩ කිරීම වරදකි. එය සාමාන්‍ය මිනිසුන්ට සේම පොලිසියටත් එක හා සමාන විය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාග්‍ය, පොලිසියේ රාජකාරිය එයාලා කරලා තියෙන්නේ. මේ මුස්ලිම් මල්ලිව මැදපෙරදිග රටකට යැව්වා නම් තෙරේයි එයාලාට ලංකාවේ පොලිසියේ අගය.(ම)
ඒක පාර්ශවික කරුණු දැක්වීමක් පමණක් පෙනේ... (ර)
මෙයා ඉල්ලං කන්න වගේ හදන්නෙ. මෙයාල නඩු කීයක් දාවිද දන්නෙ නැහැ (බ)
දැන් අන්තර්ජාලය සහ ෆේස්බුක් තමයි අපේ එකම ගැලවුම්කරුවෝ. ජනතාව රටේ නායකයා තෝරා ගන්නෙත් ෆේස්බුක් එකෙන්. (බ)
මම හිතන්නේ පොලිසියට ඕනෑම දිශාවකට ගමන්කළ හැකි මොකද ඕනෑම වෙලාවල නීති විරෝධී දෙයක් පිරික්සීමට (බ)
මං හිතන්නේ මේ පී සී ලා දෙන්නත් ඉල්ලන් කනවා වගෙයි. (ර)
දවසක් කහ ඉරක් නොමැති තැනකින් පාර පැනපු පොලිස් මහතෙකු අනුගමනය කරමින් ඔහු පිටුපසින් පාර පැනපු අපිට එතුමා විසින්ම දඩ කොළයක් ලියා දීමට උත්සාහ කළා. පළමුව නීතිය රකින්නන් ආදර්ශමත් විය යුතුයි කියලයි මගේ හැගීම. (බ)
නීතිය රකින අයත් නීති ගරුක විය යුතුයි. (ර)
අපේ රටේ පොලිසියේ අයට විදේශ් සංචාරයක් ලබාදී , වෙනත් රටවල පොලිසිය රාජකාරි කරන විදිය පෙන්නන්න. එ්ක ලොකු දෙයක්, මොකද අපේ රටේ පොලිසිය රාජකාරිය එක එක නිලදාරියා එක එක විදියට කිරීමයි. නිතිය සැමටම එකයි මේ අතර බොහොම ,විනය ගරුක නිලදාරීන්ද ඇත . එමනිසා සැවොම එකතුවී හොද පොලිසියක් අපේ මව්බිමේ ස්ථාපනය කරමු (නදී)
මේක සැලසුමක්. (අ)
පොලිසියට සහ ගිලන් රථ වලට අවශ්‍ය විට පාරේ වැරදි පැත්තේ පවා යා හැකිය. මේ තරුණයා කලේ වරදක්. (අ)