මෙය පිටකොටුවේ වූ සිදුවීමකි. පොලිසිය දඩ කොලයක් ලියයි. යතුරුපැදියේ ආ තරුණයා කෑ ගසමින් පවසන්නේ තමන් වරදක් නොකළ බවයි. එක් පැත්තකට පමණක් වාහන ධාවනය කිරීමට අවසර ඇති මාර්ගයක වාහනය ධාවනය කළ නොහැකි දෙසට තමන් යතුරුපැදිය තල්ලුකරගෙන ආ බව එම තරුණයා කියයි.
ඔහු තවදුරටත් පවසන්නේ වැරදි පැත්තට යතුරුපැදිය ධාවනය කරමින් ආ පොලිසිය වරදක් කළ බවයි. තමන් සතුව සියලු බලපත්‍ර හා ලියකියවිලි ඇති බවත් පොලිසිය අනවශ්‍ය පරිදි දඩකොළ ලියන බවත් මේ තරුණයා කෑ ගසමින් කියයි. නීතිය කාටත් පොදුය. රටේ පවතින නීතිය කඩ කිරීම වරදකි. එය සාමාන්‍ය මිනිසුන්ට සේම පොලිසියටත් එක හා සමාන විය යුතුය.
2025 දෙසැම්බර් මස 18
157
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් කකුළුවා හරහට යයි
චන්දන Thursday, 23 July 2015 06:46 AM
භාග්‍ය, පොලිසියේ රාජකාරිය එයාලා කරලා තියෙන්නේ. මේ මුස්ලිම් මල්ලිව මැදපෙරදිග රටකට යැව්වා නම් තෙරේයි එයාලාට ලංකාවේ පොලිසියේ අගය.(ම)
හසා Tuesday, 21 July 2015 03:20 PM
ඒක පාර්ශවික කරුණු දැක්වීමක් පමණක් පෙනේ... (ර)
ප්‍රීති Tuesday, 21 July 2015 03:50 PM
මෙයා ඉල්ලං කන්න වගේ හදන්නෙ. මෙයාල නඩු කීයක් දාවිද දන්නෙ නැහැ (බ)
ධම්ම Tuesday, 21 July 2015 12:40 PM
දැන් අන්තර්ජාලය සහ ෆේස්බුක් තමයි අපේ එකම ගැලවුම්කරුවෝ. ජනතාව රටේ නායකයා තෝරා ගන්නෙත් ෆේස්බුක් එකෙන්. (බ)
දිලිප් Tuesday, 21 July 2015 12:46 PM
මම හිතන්නේ පොලිසියට ඕනෑම දිශාවකට ගමන්කළ හැකි මොකද ඕනෑම වෙලාවල නීති විරෝධී දෙයක් පිරික්සීමට (බ)
සෑම් Tuesday, 21 July 2015 09:58 AM
මං හිතන්නේ මේ පී සී ලා දෙන්නත් ඉල්ලන් කනවා වගෙයි. (ර)
ගුණසිංහ Thursday, 23 July 2015 05:34 AM
දවසක් කහ ඉරක් නොමැති තැනකින් පාර පැනපු පොලිස් මහතෙකු අනුගමනය කරමින් ඔහු පිටුපසින් පාර පැනපු අපිට එතුමා විසින්ම දඩ කොළයක් ලියා දීමට උත්සාහ කළා. පළමුව නීතිය රකින්නන් ආදර්ශමත් විය යුතුයි කියලයි මගේ හැගීම. (බ)
රෙජි-සිඩ්නි Wednesday, 22 July 2015 04:05 AM
නීතිය රකින අයත් නීති ගරුක විය යුතුයි. (ර)
භාග්‍ය Tuesday, 21 July 2015 10:31 AM
අපේ රටේ පොලිසියේ අයට විදේශ් සංචාරයක් ලබාදී , වෙනත් රටවල පොලිසිය රාජකාරි කරන විදිය පෙන්නන්න. එ්ක ලොකු දෙයක්, මොකද අපේ රටේ පොලිසිය රාජකාරිය එක එක නිලදාරියා එක එක විදියට කිරීමයි. නිතිය සැමටම එකයි මේ අතර බොහොම ,විනය ගරුක නිලදාරීන්ද ඇත . එමනිසා සැවොම එකතුවී හොද පොලිසියක් අපේ මව්බිමේ ස්ථාපනය කරමු (නදී)
මනෝ Tuesday, 21 July 2015 02:37 PM
මේක සැලසුමක්. (අ)
රන් Tuesday, 21 July 2015 02:46 PM
පොලිසියට සහ ගිලන් රථ වලට අවශ්‍ය විට පාරේ වැරදි පැත්තේ පවා යා හැකිය. මේ තරුණයා කලේ වරදක්. (අ)