මුලතිව් හි තරුණයින් දෙදෙනකු මරා දැමීමට මතුගම පැලවත්තට ගෙන එමින් සිටියදි සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලීසිය කියයි
මොවුන් ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ මෙයට දින දෙකකට කලිනි
ඔස්ට්‍රෙලියාවට හොරෙන් යැවු පිරිසකගෙන් රුපියල් ලක්ෂ 16 හිඟ මුදල දෙන තුරු මොවුන් දින තුනක් කළුතර පයාගල ප්‍රදේශයේ රඳවාගෙන සිටි බවත්
ලක්ෂ 16 අයකර දුනහොත් පතාල සාමාජිකයින්ට ලක්ෂ එකහමාරක් පොරොන්දු වූ බවද කියති
එහෙත් එම මුදල නොලැබුණු නිසා ඔවුන් මරා දැමිම සඳහා පැලවත්තේ හෙවෙස්සට ගෙන එමින් සිටියදී රාත්‍රී මුර සංචාරයේ සිටි පොලිස් කණ්ඩායමකට හමුවීම නිසා ඔවුන්ගේ ජිවිත බේරි ඇති බව කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි, මහපොළොව මෙහෙම්මම තියේවි ඒත් මිනිස්සු ?(නදී)
මේ ගෞතම බුද්ධ දේශයයි (නි)
ශ්‍රී ලාල් පාතාලයෝ බලන්න ඕනේ නම් ලංකාවේ පාර්ලිමේන්තුවට යන්න එතනත් පාතාලයේ නායකයෝ ඉන්නවා.(නදී)
ගාතනය සම්බන්ධයෙන් සැක පිට කියන්නේ?(නදී)
හොඳ වෙලාවට දැක්කේ.ඒ දෙන්න මැරුවනම් වෙන කතාවක් හදයි.(නදී)
ඔය පාතාල කාරයෝ කියන්නේ පාද තාලයට තබමින් නටන කට්ටියද?(නදී)
ඒ කියන්නේ තවමත් අපේ රටේ පාතාලය තියෙනවා කියන එකනේ. ඒක මැඩ පවත්වන්න රුපියල් කීයක්නම් කාබාසිනියා කරන්න ඇත්ද? එත් කෝ? තවමත් තියෙනවා නේද? මෙහෙමත් රටක අපි ඉපදුනානේ?(නදී)
දැන් ඉතින් අනිත් දෙන්නටත් වීසා නැතුවම ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් වෙයි.(නදී)
දුෂිත දේශ පාලනය තිබෙන කම් පාතාලය නැතිකරන්න බැරිය.(ස)
අම්මප මම ජනාදිපති උනානම් දන්නවා.(ස)
ඉරාජ්ගේ සින්දුවක් මට මතක් උණා.(නදී)
ඔය කියන අය පාතලේ නම්, තවම ඇයි ඒ ගොල්ලෝ ලංකාවේ ඉන්නේ? (නි)
නීතියේ උන්ඩ නැද්ද සර්? (නි)
කැලේ නීතිය හොදයි මේ වගේ බිස්නස් වලට (නි)
ජීවිත නම් බේරුවට කමක් නැහැ. නමුත් වෙච්ච පාඩුව කවුද දැන් ගෙවන්නේ? (නි)
මිනී කන්නන්ට ගිය රටක්ද මේ? (නි)
පොලිසිය විසින් බේරා ගන්නා ලද වංචාකාරයන් දෙදෙනා කරන්නට ගොස් ඇත්තේද එවැනිම වැඩක්නේ.(නදී)
අනේ ඇත්තටම මේ රටේ නීතියක් තිබුනානම් ජීවිත මෙතරම් අසරණ වෙන් නැහැ. වැරදි කරන්න මිනිසුන් බය වෙනවා.(නදී)