කෑගල්ල මහාධිකරණයේ නඩුවක සාක්කි දීමට නොපැමිණී පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතාට කොළඹ මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ බදාදා (06) අධිකරණයේ පෙනී සිටින්නැයි මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය වරෙන්තු නිකුත් කළාය.
2004 ජනවාරි 04 වැනි දා අලුයම අවිස්සාවේල්ල පොලිස් වසමට අයත් පනාවලදී වැලි ටිපර් රියක් කොල්ල කෑවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැරුණූ නඩුවක 17 වැනි සාක්කිකරු ලෙස පොලිස් අධිකාරි සිරිවර්ධන මහතා නම් කැර සිටි.ඔහු එවකට අවිස්සාවේල්ල පොලිස්යේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ආරක්ෂාකිරීමට සිටින පොලිසියම නීතියට ගරු නොකරන බවට මෙය හොඳ නිදසුනක්. මේවගේ පුද්ගලයන්ව උපරිම දඬුවම් නීතියෙන් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවෙන්ද ලබා දෙන්නේ නම් මෙවැනි වරදවල් ඉදිරියට සිදු නොවන්නට තියෙන ඉඩකඩ අවම වේවි.(නදී)
අයියෝ තවම අවුරුදු 10 නේ ගතවෙලා තියෙන්නේ.(නදී)