
(අංජුල මහික වීරරත්න)
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව පිහිටි පරිශ්‍රයේ තෝරාගත් ස්ථාන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම වේදය යටතේ සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන වශයෙන් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව පිහිටි පරිශ්‍රයේ තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ලෙස සංවර්ධනය කිරීමේ විභවතාවක් පවතින බව හඳුනා ගෙන ඇත.
ඒ අනුව, තෝරා ගනු ලබන ස්ථාන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින් හඳුනා ගැනීම පිණිස නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා සහ ඒ අනුව සුදුසුකම් ලබන ආයෝජකයින් වෙතින් ව්‍යාපෘති යෝජනා කැඳවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd