බොරලැස්ගමුව පිල්ලෑව සක්මන් මග විවෘත කිරීමේ උත්සවයේ සංස්කෘතික ප‍්‍රසංගය සඳහා පමණක් රුපියල් ලක්ෂ 276ක් පහත්බිම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වැය කළ බවත් මේ නාස්තියට එරෙහිව අල්ලස් හා දුෂණ වංචා කොමිෂන් සභාවට යොමුකරන පැමිණිලි කරන බවත් බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.
බොරලැස්ගමුව පිල්ලෑව වෙල්යාය ආශ‍්‍රිතව ව්‍යායාම් මං තීරුවක් හා ආපන ශාලාවක් සමග පරිසර උද්‍යානයක් සංස්ථාව විසින් වේරැස් ගඟ ව්‍යාපෘතිය යටතේ ඉදි කැරිණි. අතර එය මීට මාස කීපයකට පෙර විවෘත විය.
නිරෝෂන් පාදුක්ක මහතා පවසන පරිදි එම වියදම් ආරම්භක නැටුම හා භාෂා තුනෙන්ම ගායනය සදහා රුපියල් ලක්ෂ 138 යි. ගජබා වන්නම හා උපකරණ ( විදුලිය හා බල්බ සදහා) රුපියල් ලක්ෂ 111යි. සංගීත සංදර්ශනය සදහා රුපියල් ලක්ෂ 18 යි.
මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසුයේ ප‍්‍රධාන ආරාධිතයින්ගේ පුටු , වතුර හා පාසල් සිසුන් කිහිප දෙනෙකුගේ ඇඳුම් සදහා රුපියල් 837000 ක් සංස්කෘතික ප‍්‍රසංගයට පමණක් වැය කළ බව සත්‍යය බවයි . උත්සවය සඳහා ඊට වැඩි මුදලක් වැය වී යැයි ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධ කරපු අයට හෙන ගහන්න ඕන.(හේ)
අනේ පුළුවන් නම් ඔප්පු කරන්නකෝ. ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් ඒ වුනාට ඒවා ඇත්ත වෙන්නේ නෑ (නදී)
මේක ඇත්ත නම් මේවට සම්බන්ද අයට කරන්න ඕන මොකද්ද කියල මේක බලන අයම කියනවද බලන්න (නදී)
දැන් අපිට තේරෙනවා . මේවා කරපු කෙනෙක් නැහැ තමයි. අභ්‍යවකාශයෙන් ජීවින් ඇවිත් අපේ රටේ තුට්ටු දෙකම හුරගෙන ගිහින් . ඉතින් කොහොමද සාක්ෂි ඉතිරි වෙන්නේ. (බ)
මොකක්ද අප්පේ මෙච්චර අයකරලා නටපු නැටුම? (නි)
තව මොන ඔප්පු කරන්නද අනේ. ඔය ඔප්පුවෙලා තියෙන්නේ සේරම .ඇස් දෙකට පෙනී පෙනී තව ඔප්පු කරන්නලු.(දිල්)
මේක හරි. අදාල අය සල්ලි ගන්න පසුදාම උදේ පාන්දරම පහත්බිම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අාවා. ගායකයෙකුත් හිටියා (නදී)
දේශපාලනයට එනවිට , පරම්පරාගත බුදලය්ක්වත් , කිසිම උගත් කමක් හෝ පිළිගත් වෘත්තීය ආදායම් මාර්ගයක් නොතිබුන උදවිය ප්‍රකෝටිපතියන් වෙලා ප්‍රභූ විලාසයෙන් ජීවත් වෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රී හෝ ඇමති පඩියෙන් ඔය දේවල් කරන්න පුළුවන් ද කියල කල්පනා කලොත් , ඒ ගොල්ලන්ට විතරක් නෙවෙයි , ඔප්පු කරන්න බැරි ක්‍රම දන්නා රීටා වගේ අයටත් ලෙඩක් වැටේවි. (නදී)
අනේ ඔව් රීටා කොහොම ඔප්පු කරන්නද ? ඒවා ඔප්පු නොවෙන ක්‍රම නොදැනයි වියදම් කරන්න ඇත්තේ. අන්න අර චෝගම් එකට කියල පාවිච්චි කල සැප බස් එකත් හොරෙන්ම අමාත්‍යංශයට ආපහු ගාල් කරන්න ගිහින් අහු වෙලා. හැබැයි දැන් පාවිච්චි කල කෙනෙක් නැහැ. මේක ලංකාව නේ. (නදී)
චෝදනා නම් එමටයි. අපි බලාගෙන ඉන්නේ වැරදිකරු කවුද කියලා. තවම එක්කෙනෙක්වත් චුදිතයෙක් වෙලානම් නෑ (නදී)
අනේ කාලේ වනේ වාසේ (නදී)
නැටුමකට රුපියල් කෝටි එක හමාරක් වියදම් කරන්න මුන්ට මොලේ හොද නැද්ද? මාර වන්නමක්නේ නටල තියෙන්නේ? ජහමනයා ආපහු සැරයක් කලගුණ සැලකුවා නම් කපෝතියි (නදී)
අනේ මේ අපේ සල්ලි නේද කජු ඇට කොස් ඇට වගේ වියදම් කරලා තියෙන්නේ ? ඇයි මිනිස්සු මෙතරම්ම පහත් වැඩ කරන්නේ?(දිල්)
අල්ලස් හා දුෂණ වංචා කොමිෂන් සභාවට යොමුකරන පැමිණිලි කරලා විතරක් මදි. හොරුන්ගෙන් ආපහු ඒවා අයකරගන්නත් ඕනේ. ඔය ගනන් දැම්මට ඇත්තටම මෙයින් 100/1 ක් වත් යන්නේ නැතුව ඇතිනේ. එහෙම නැතුව ඉස්සරහට මේවා වෙන එක වලක්වන්නත් බැහැ. අනික හොරෙක් අහුවුනාම නම් ගම් ප්‍රසිද්ධ කරලා හැමෝටම දැන ගන්න අරින්න ඕනේ. එතකොට ආපහු හත් මුතු පරම්පරාවේ කෙනෙක් වත් හොරකම් කරන්නේ නැහැ.(දිල්)