IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පිල්ලෙයාන්ගේ ඇප අයැදුම විසිවේ

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහමි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින නැගෙනහිර හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලයාන් විසින් ඇප අයෙදුම් කරමින් මඩකලපුව මහාධිකරණය වෙත ගොනුකර තිබූ පෙත්සම විනිසුරු වී.චන්ද්‍රමනි මහත්මිය විසින් අද 02 වනදා ප‍්‍රතික්ෂේප කළාය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවෙකුට ඇප ලබා දීමේ බලයක් මහාධිකරණයට නොමැති බව කියමින් මඩකලපුව මහාධිකරණ විනිසුරුවරිය පිල්ලයාන්ගේ ඇප අයෙදුම ප‍්‍රතික්ෂේප කළාය

කෙසේ වෙතත් පිල්ලයාන්ට ඇප අයෙදුම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බවද තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්‍ෂය සදහන් කරයි.

2005 වසරේ දෙසැමිබර් 25වන දින මඩකලපුව ශුද්ධ වූ මරියා දෙවි මැදුරේ පැවති නත්තල් දේවමෙහෙයේදී පරරාජසිංහම් මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිල්ලයාන් ඇතුළු සැකකරුවන් සිවි දෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටිති



අදහස් (0)

පිල්ලෙයාන්ගේ ඇප අයැදුම විසිවේ

අබරන් Saturday, 03 September 2016 06:36 AM

කොහොමටත් මේ මොහු උඩ ගියා වැඩියි(රේ) ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site