IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


'පල්ලේපොල රෝහලේ වවුල් වාට්ටුවක්'

මාතලේ  පල්ලේපොල රෝහලේ  ඉදිකළ ගොඩනැගිල්ල හා  තවත්  ගොඩනැගිලි හතරක්  වසර  16 ක්  පුරා  පාචිච්චි  නොකර  කැලේ ට  ගොස්  ඇතැයි ප්‍රදේශවාසිහු  කියති. දැනට  වවුල්ලු  එහි  නේවාසිකයෝ වී  සිටිති.

මධ්‍යම පළාත්  සභාව මගින්  පාලනය වන මේ  රෝහලේ  ගොඩනැගිලි  පිළිබඳව මධ්‍යම පළාත්  සෞඛ්‍ය  අධ්‍යක්ෂිකා  දොස්තර  ශාන්තිනි  සමරසිංහ පැවසූවේ  තමන් සේවයට  ඉන්නට  පෙර  සිටම මේ  තත්ත්වය පැවැති  බවයි. මේ  පිළිබඳව ලිපි ගොනුවක්  හෝ  සොයා  ගන්නට  නැති  බවයි. එම රෝහලේ  ස්ථාන භාර  දොස්තර  දිලානි  කරුණාසේන මහත්මිය කීවේ  මේ පිළිබඳව සියළු දෙනා දැනුවත්  කර  තිබෙන බවයි.

ජනතාව කියා සිටියේ  ජනතා  මුදල් විනාශයක්  පමණක්  සිදු වී  ඇති  බවයි. 

pallepola_03[1]_4 pallepola_05[1]_9 pallepola_06[1]_7 pallepola_07[1] pallepola1_0jpg[1]



අදහස් (0)

'පල්ලේපොල රෝහලේ වවුල් වාට්ටුවක්'

පෙරේරා Thursday, 23 June 2016 06:36 AM

ලංකාවේ කිසිම අයහපත් දෙයකට වගකීමක් බාරගන්න කවුරුත් නැති ක්‍රමවේදයේ තවත් නිදසුනක්. (නි)

:       0       0

අයිරාංගනී Thursday, 23 June 2016 07:35 AM

රටපුරාම මේ වගේ කැලේට ගිය ගොඩනැගිලි කොයිතරම් තියෙනවද? මම දැක්කා ඇඹිලිපිටියෙ ගම්උදාවෙ තිබූනු ගෙවල්වල ලොකු ගස් පැලවෙලා තියෙනවා. මොන ආණ්ඩුව ආවත් මහජනතාවගේ මුදල් නාස්ති කරන එක විතරයි කරන්නේ. මේවා ගැන සොයා බලා වාර්තා කිරිම ගැන ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 23 June 2016 07:36 AM

මේ ප්‍රදේශයට දේශපාලකයෙක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් එහෙම නැතුව ඇති. ඒකයි මේ සම්පත් වනවැදිලා තියෙන්නේ. (නි)

:       0       0

නිලංගි Friday, 24 June 2016 05:58 AM

මොනතරම් ජාතික අපරාධද මේ? (නි)

:       0       0

සනත් Thursday, 23 June 2016 08:21 AM

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂික තුමිය අවුරුදු 10 ක් ඔය පුටුවේ වැජබෙනවා ඔවුනත් තමන් යටතේ තියෙන රෝහල් ගැන තාමත් අවබෝධ කරගෙන නැහැ (ම)

:       0       0

උපාලි Thursday, 23 June 2016 08:33 AM

මේක පළාත් සභාවේ රෝහලක්. ඒ ගොල්ලන්ට වැඩ ඇති. අනික වවුල්ලු එලව එලව ඉන්ඩද පළාත් සභාවට ගියේ. නෑ මහජන සේවයට. (ර)

:       0       0

සිරි Thursday, 23 June 2016 07:59 PM

මේවායේ වගකීම් ගන්න කවුරුත් නැහැ. ඔක්කොම "වවුලගේ මඟුල් ගෙදර ගියා නම් එල්ලිලා හිටු"කියන සංකල්පනාවෙයි ඉන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 249 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 741 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site