මාතලේ පල්ලේපොල රෝහලේ ඉදිකළ ගොඩනැගිල්ල හා තවත් ගොඩනැගිලි හතරක් වසර 16 ක් පුරා පාචිච්චි නොකර කැලේ ට ගොස් ඇතැයි ප්‍රදේශවාසිහු කියති. දැනට වවුල්ලු එහි නේවාසිකයෝ වී සිටිති.
මධ්‍යම පළාත් සභාව මගින් පාලනය වන මේ රෝහලේ ගොඩනැගිලි පිළිබඳව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර ශාන්තිනි සමරසිංහ පැවසූවේ තමන් සේවයට ඉන්නට පෙර සිටම මේ තත්ත්වය පැවැති බවයි. මේ පිළිබඳව ලිපි ගොනුවක් හෝ සොයා ගන්නට නැති බවයි. එම රෝහලේ ස්ථාන භාර දොස්තර දිලානි කරුණාසේන මහත්මිය කීවේ මේ පිළිබඳව සියළු දෙනා දැනුවත් කර තිබෙන බවයි.
ජනතාව කියා සිටියේ ජනතා මුදල් විනාශයක් පමණක් සිදු වී ඇති බවයි.
![pallepola_03[1]_4](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/pallepola_031_4.png)
![pallepola_05[1]_9](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/pallepola_051_9.png)
![pallepola_06[1]_7](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/pallepola_061_7.png)
![pallepola_07[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/pallepola_071.png)
![pallepola1_0jpg[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/pallepola1_0jpg1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කිසිම අයහපත් දෙයකට වගකීමක් බාරගන්න කවුරුත් නැති ක්‍රමවේදයේ තවත් නිදසුනක්. (නි)
රටපුරාම මේ වගේ කැලේට ගිය ගොඩනැගිලි කොයිතරම් තියෙනවද? මම දැක්කා ඇඹිලිපිටියෙ ගම්උදාවෙ තිබූනු ගෙවල්වල ලොකු ගස් පැලවෙලා තියෙනවා. මොන ආණ්ඩුව ආවත් මහජනතාවගේ මුදල් නාස්ති කරන එක විතරයි කරන්නේ. මේවා ගැන සොයා බලා වාර්තා කිරිම ගැන ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා (නි)
මේ ප්‍රදේශයට දේශපාලකයෙක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් එහෙම නැතුව ඇති. ඒකයි මේ සම්පත් වනවැදිලා තියෙන්නේ. (නි)
මොනතරම් ජාතික අපරාධද මේ? (නි)
පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂික තුමිය අවුරුදු 10 ක් ඔය පුටුවේ වැජබෙනවා ඔවුනත් තමන් යටතේ තියෙන රෝහල් ගැන තාමත් අවබෝධ කරගෙන නැහැ (ම)
මේක පළාත් සභාවේ රෝහලක්. ඒ ගොල්ලන්ට වැඩ ඇති. අනික වවුල්ලු එලව එලව ඉන්ඩද පළාත් සභාවට ගියේ. නෑ මහජන සේවයට. (ර)
මේවායේ වගකීම් ගන්න කවුරුත් නැහැ. ඔක්කොම "වවුලගේ මඟුල් ගෙදර ගියා නම් එල්ලිලා හිටු"කියන සංකල්පනාවෙයි ඉන්නේ (නි)