පලෙර්මෝ නගර සභාවට විදේශිය නියෝජිතයින් පත් කර ගැනිමේ සඳහා පැවැත්වෙන ඡන්ද හෙට (20) පැවැත්වීමට නියමිත අතර මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට හැත්තෑවකට ඡන්ද පත්‍රිකා නොලැබුණු බවට පැමිණිලි ලැබී ඇතැයි පලෙර්මෝ නගර සභා මැතිවරණ නිළධාරිනියක පැවැසුවාය. එම නිසා හෙට උදෑසන සිට ප්‍රධාන දුම් රිය ස්ථානය ආසන්නයේ ඇති ජුලියට් සිසර් නගර සභා කාර්යාලය විවෘතව තිබණ බවත් ඡන්ද පත්‍රිකා නොලැබුණු අයට එම ස්ථානයට පැමිණ ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බවත් මැතිවරණ නිලධාරිහු කියති. ශ්‍රි ලංකාව නියෝජනය කරමින් දිල්කි ප්‍රනාන්දු මහත්මිය මෙම මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ලොක දමිල ප්‍රජාව පමණක් නියොජනය කරමින් දමිල ජාතිකයෝ සිව් දෙනෙක් මැතිවරණයට ඉදිරිපත්ව සිටිති. දමිල ජාතිකයින් පන් දහසක් හා සිංහල ජාතිකයින් පන්සියක් පලෙර්මෝ නගර සභා බල ප්‍රදේශය තුල ජිවත් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිල්කි මහත්මිය, තෙරුවන් සරණින් ඔබට ජය පතමි...(නදී)
වැඩිකල් යන්න කලින් මේ ඡන්ද කෙරුවාව නිසා ඉතාලියේ රැකියා කරගෙන ඉන්න අයට රටෙන් පිට වෙන්න වේවිද කියලයි මට බය. හේතුව ඡන්ද ඉල්ලන දෙන ලංකාවේ සමහර අය අර කවුද වගේනේ හැසිරෙන්නේ (නි)
දිල්කි ප්‍රනාන්දු මහත්මිය, ඔබට ජය! ඇත්තටම මේ, පලෙර්මෝ නගරය තියෙන්නේ මොන රටේද? (නි)
ඔබට ජය ක්‍රිස්ට්.(නදී)