පලෙර්මෝ නගර සභාවට විදේශිය නියෝජිතයින් පත් කර ගැනිමේ සඳහා පැවැත්වෙන ඡන්ද හෙට (20) පැවැත්වීමට නියමිත අතර මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට හැත්තෑවකට ඡන්ද පත්‍රිකා නොලැබුණු බවට පැමිණිලි ලැබී ඇතැයි පලෙර්මෝ නගර සභා මැතිවරණ නිළධාරිනියක පැවැසුවාය. එම නිසා හෙට උදෑසන සිට ප්‍රධාන දුම් රිය ස්ථානය ආසන්නයේ ඇති ජුලියට් සිසර් නගර සභා කාර්යාලය විවෘතව තිබණ බවත් ඡන්ද පත්‍රිකා නොලැබුණු අයට එම ස්ථානයට පැමිණ ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බවත් මැතිවරණ නිලධාරිහු කියති. ශ්‍රි ලංකාව නියෝජනය කරමින් දිල්කි ප්‍රනාන්දු මහත්මිය මෙම මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ලොක දමිල ප්‍රජාව පමණක් නියොජනය කරමින් දමිල ජාතිකයෝ සිව් දෙනෙක් මැතිවරණයට ඉදිරිපත්ව සිටිති. දමිල ජාතිකයින් පන් දහසක් හා සිංහල ජාතිකයින් පන්සියක් පලෙර්මෝ නගර සභා බල ප්‍රදේශය තුල ජිවත් වෙති.
2025 දෙසැම්බර් මස 18
608
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පලෙර්මෝ නගර ඡන්දය අද
විජිත් හල්විටිගල Saturday, 19 October 2013 09:31 PM
දිල්කි මහත්මිය, තෙරුවන් සරණින් ඔබට ජය පතමි...(නදී)
දයාරත්න Sunday, 20 October 2013 01:00 AM
වැඩිකල් යන්න කලින් මේ ඡන්ද කෙරුවාව නිසා ඉතාලියේ රැකියා කරගෙන ඉන්න අයට රටෙන් පිට වෙන්න වේවිද කියලයි මට බය. හේතුව ඡන්ද ඉල්ලන දෙන ලංකාවේ සමහර අය අර කවුද වගේනේ හැසිරෙන්නේ (නි)
චමත් [ලංකාව] Sunday, 20 October 2013 04:09 AM
දිල්කි ප්‍රනාන්දු මහත්මිය, ඔබට ජය! ඇත්තටම මේ, පලෙර්මෝ නගරය තියෙන්නේ මොන රටේද? (නි)
ක්‍රිස්ට් ප්‍රනාන්දු Sunday, 20 October 2013 05:54 PM
ඔබට ජය ක්‍රිස්ට්.(නදී)