(නිමල කොඩිතුවක්කු)
පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළෙහි කටයුතු ලබන සඳුදා(14) සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අංශ ලබාදී ඇති නිර්දේශ මත පදනම්ව පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ විවෘත කිරීම සම්බන්ධයෙන්ද සොයා බලන්නැයි රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ සහ මැනින් වෙළදපොල වසා තැබීමෙන් ගොවීන්ගේ සහ ධීවරයින්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව ඔවුන්ගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වන බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කඩිනම් තීන්දු ගන්නැයි ද ඔහු සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෑලියගොඩ මැනිං වෙළදපළ සහ මත්ස්‍ය වෙළදපළ ඇරියත් මිල එකගණන්, වැහුවත් එකගණන් ... ඒ නිසා ජනතාවට ඇරියත් එකයි, වැහුවත් එකයි.