රජයේ විදේශ ප්‍රතිපත්තිය ගැන බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා ගෙන ආ යෝජනාවක් විවාදයට ගනිමින් සිටිය දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව යෑම නිසා අද (21) පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීම උණුසුම් විය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යෑමත් සමඟ එහි ගණපූර්ණය නැතිවූහෙයින් මුලසුනේ සිටි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා සභාව කල් තැබීය.
ඒ සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරු හූ කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට විරෝධය දැක්වූහ. සෙංකෝලය ද ඉවතට ගෙන යෑමට උත්සාහ ගත්හ.
සභාව කල්තැබීමෙන් පසු ද විපක්ෂ මන්ත්‍රීවරු එහි රැඳී සිටිමින් සභාව පවත්වාගෙන ගිය අතර සභාපති අසුන ඉදිරිපිට සිටගෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා සභාව මෙහෙයවීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෑලදිග සබේ අලි සෙල්ලම්
ගයාන් Wednesday, 22 October 2014 03:28 AM
යු.එන්.පී විදේශ ප්‍රතිපත්තියේ මහිමය නිසා තමයි කොටි වියාපාරය බලවත් උනේ. ජේ.ආර් 1977 දී ඉන්දියාවට පයින් ගස ඇමරිකාව වෙළඳ ගත්තා. කෝපවූ ඉන්දියාව තමිල් නඩුවේ කොටි පුහුණු කලා. 1983 දෙමල අහිංසකයන්ට ගහන්න දුන්නා. දෙමල ඩයස්පෝරාව හැදුවා දැන් මේ ආණ්ඩුවට බනිනවා (නදී)
රත්නායක ආරච්චිගේ Wednesday, 22 October 2014 03:58 AM
ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය හොරු සමග හෙළුවෙන්. අපිත් මෙතෙක් කල් හිතන් හිටියා වැරදියි? යුරෝපයේ සිටින සිංහලයින් විදියට රෙද්දක් ඇදගෙන පාරේ යන්න බැහැ දැන්. සිංහල ජාතියට අබ සරණයි (නදී)
අබේපාල Tuesday, 21 October 2014 02:45 PM
මේ දෙගොල්ලෝම හැසිරෙන්නේ හරියට මානසික රෝගීන් වගෙයි (නි)
දයා අලහකෝන් Tuesday, 21 October 2014 09:57 AM
හොඳ ආදර්ශයක් රටටම.(හේ)
අජිත් කරුණාරත්න Tuesday, 21 October 2014 09:57 AM
ලජ්ජා හිතෙන්න ඇති.(හේ)
නුවන් Tuesday, 21 October 2014 04:48 PM
ලංකාවේ හැමතැනම අවුල් තමයි දැන්. ඉදිරියේදී හොඳ සෙල්ලම් බලන්න පුළුවන්!! (නි)
විචාර Tuesday, 21 October 2014 10:19 AM
පොඩි කාලේ හොරා පොලිස් සෙල්ලං වගේ ඒවා කරලා පුරුදු වෙන්නේ මේවට වෙන්න ඕන නේ.? (නදී)
හසිත Tuesday, 21 October 2014 12:10 PM
රාජකරුණා මන්ත්‍රී තුමා උගත් දක්ෂ මන්ත්‍රී තුමෙක්, සුබ අනාගතයක් වේවා. (නදී)
උපාලි Tuesday, 21 October 2014 11:08 PM
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉවත්වයාම නිසා සබාව උණුසුම් නෙමෙයි හීතල වෙන්න එපායැ. කොහොම වුණත් මෙහෙම කට්ටිය එකපොරේට ඉන්නවා දැක්කහම හරි ආශා හිතෙනවා, අනේ කොයිතරම් සහෝදරකමින්, ළංවෙලාද ඉන්නේ කියලා. අනේ ඉතින් අපි වෙනුවෙන්නේ! (නි)