ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ රූ රැජිණියෝ පොලොන්නරුවට ගොස් මෙරට ඓතිහාසික ස්ථාන රැසක් නැරඹූහ.
පරාක්‍රමබාහු මාළිගාව, නිශ්ශංකමල්ල රාජ සභාව, කුමාර පොකුණ, ශිව දේවාලය, අටදාගෙය, වටදාගෙය, හැටදාගෙය, නිශ්ශංක ලතා මණ්ඩපය, බෝධිඝරය, බෝධි සත්ත්ව රූපය, රන්කොත් වෙහෙර ඇතුළු ස්ථාන රැසක් නැරඹූහ.
ශ්‍රී ලංකාවේ එදා සිටි රජ දරුවන් ඉදිකළ බෞද්ධ සිද්ධාස්ථාන ඇතුළු සත් මහල් ප්‍රාසාද පිළිබඳ තොරතුරු එහිදී ඔවුහු ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කලහ.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අව කැපෙන කතා කියන්න එපා.චීනය නැත්නම් ආශ්චර්ය කානුපල්ලේ. (අ)
උපාලි සහෝදරයා ,ඔබගේ අනුමැතිය අපට වැඩක් නැහැ කරුණාකර ඇස පරික්ෂා කරගන්න (අ)
මොවුන් තම තමන්ගේ ලස්සන පෙන්වන්න අපේ ඵෙතිහාසික වටිනා පසුබිම් යොදාගැනීම නම් මම අනුමත කරන්නෙ නැහැ. මොවුන් හැසිරෙන්නේ කොළඹ හෝටලයක විලාසිතා ප්‍රදර්ශනයක් විලසින් නොවේද? මොවුන් ඒවා අභියස සංයමයෙන් සහ ගෞරවයෙන් සිටිය යුතු බවයි මගේ හැඟීම. (නි)
හරිම චමත්කාරයි , අපේ පැරණි නටබුන් අතරේ මොවුන් තරංග කාරී පින්තුර අරගෙන ලෝකයට පල කරාම , ලංකාවට හොඳ ප්‍රසිද්දියක් ලැබෙනවා ,විදේශීය සංචාරකයන් මේවා දැකලා බලා ගන්නට එනවා , අපිට එකත් ලොකු දෙයක් (අ)
උපාලි මහත්මයා, ඔබතුමාගේ අදහස නිරුපනය කරන්නේ සිංහල ජන සමාජය නොදැනුවත්වම මුහුණ දෙන ඉස්ලාමිය මතවාදයේ නිහඩ ආක්‍රමණයයි. උදාහරණයක් ලෙස, ඔතැන පිරිමින් සමුහයක්, අපි හිතමු කායවර්ධන තරගයක අවසන් 10 දෙනා යම් පින්තුර පෙළක් විවිධ ඉරියව් වලින් ඉදිරිපත් කළා නම්, ඔබ තුමා එතරම් විරුද්ධ වෙන එකක් නෑ නේද? (අ)
සමහරු ළිඳ තුළ හිරවුණ මැඩියන් වගෙයි (නි)
බොරු තර්ක එපා. මෙහෙම ෆොටෝ එකක් ගත්තා කියලා අපේ ඓතිහාසික දේවල් වලට හානියක් වෙන්නේ නැහැ. අපේ රටේ විතරක් නෙමෙයි අනිත් රටවලත් ඓතිහාසික දේවල් තියනවා. (නි)
උපාලි මහත්මය ඔබේ කතාව හරි. පකිස්තාන ජාතිකයන් මෙන මේ රටට සැපයක් නොවේවා? (අ)
මොන පිස්සුද උපාලි ඔය පරණ අදහස් වලින් දැන් වත් මිදෙන්න.ඕව තියෙන්නේ අපේ රටේ විතරද. (අ)
මීට වඩා ලස්සනයි ඩුබායි ඉන්න චීන ලඳුන්. (අ)
මට නම් මීට වඩා ලස්සනයි ඩුබායි ඉන්න ලඳුන්. (නි)
එහෙනම් බඩු මිල සෑහෙන්න අඩුවෙයි මගේ හිතේ. (නි)
උපාලි මේ මොවුන් හැසිරෙන විධිය නොවේ අපේ කැමරා කරුවන්ගේ විධානය අනුව ඔවුන් හැසිරෙන ක්‍රමයි ඒ අයට දොස් කියන්න කලින් අපේ සංවිධායකයෝ දැනුවත් කරන්න කියන්න (අ)
උපාලි ළිඳේ ඉන්න ගෙම්බා වගේ කියවනවා (නි)
එක හරි උපාලි (අ)
පසුබිම ඉපැරණි ගොඩනැගිල්ලක්. අසංවර හැසිරීමකුත් නැහැ . මෙතනට ඔවුන් ගේ පැමිණීම මටනම් ආඩම්බරයක් . වටිනා පසුබිම් යොදා ගැනීමෙන් ඡායා රූපයේ වටිනාකම වැඩිවෙනවා නේද? (අ)
කමක් නෑ... දේශප්‍රේමී චීන්නුනේ... ඕනෑම විදියකට හිටපුදෙන්. ඔන්න ඇමරිකන් කාරයෝ ඔහොම හිටියොත් නම් අපි මේක ලේසියෙන් අරින්නේ නෑ, හොඳේ? (අ)
මීට ඉස්සර ඇමතිවරු කීපදෙනෙක් එහෙමත් ගෙන්නලා සිගිරි අප්සරාවන් පෙන්වන්න ගියා මතකද? (නි)
අන්න කුහක කම එලියට පැන්න.මේ ළමුන්ගේ ඇඳුම වරදක් නැහැ, සංවරයි,කිසිම කෙනෙක් සාය කොටට හිරට පලාගෙන ඇඳගෙන නෑ, කැතට උඩු කය ප්‍රදර්ශනය කරලත් නෑ. ඉතාම අලංකාරයි. හොඳ සංචාරක ප්‍රවර්ධනයකුත් සිදුවෙනවා. සුදු ඇඳගත්තු කුඩු මුදලාලි කෙනෙක් හරි නිදන් හාරණ කෙනෙක් හරි මෙතන හිටියනම් හරිම සංවරයි නේද? (ස)