ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ රූ රැජිණියෝ පොලොන්නරුවට ගොස් මෙරට ඓතිහාසික ස්ථාන රැසක් නැරඹූහ.
පරාක්‍රමබාහු මාළිගාව, නිශ්ශංකමල්ල රාජ සභාව, කුමාර පොකුණ, ශිව දේවාලය, අටදාගෙය, වටදාගෙය, හැටදාගෙය, නිශ්ශංක ලතා මණ්ඩපය, බෝධිඝරය, බෝධි සත්ත්ව රූපය, රන්කොත් වෙහෙර ඇතුළු ස්ථාන රැසක් නැරඹූහ.
ශ්‍රී ලංකාවේ එදා සිටි රජ දරුවන් ඉදිකළ බෞද්ධ සිද්ධාස්ථාන ඇතුළු සත් මහල් ප්‍රාසාද පිළිබඳ තොරතුරු එහිදී ඔවුහු ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කලහ.
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පුලතිසිපුරයට චීන ලඳුන් ඇවිත්
ජගත් වෙත්තසිංහ Thursday, 28 August 2014 11:23 AM
අව කැපෙන කතා කියන්න එපා.චීනය නැත්නම් ආශ්චර්ය කානුපල්ලේ. (අ)
නිමල් රාජපක්ෂ Thursday, 28 August 2014 11:45 AM
උපාලි සහෝදරයා ,ඔබගේ අනුමැතිය අපට වැඩක් නැහැ කරුණාකර ඇස පරික්ෂා කරගන්න (අ)
උපාලි Thursday, 28 August 2014 02:11 AM
මොවුන් තම තමන්ගේ ලස්සන පෙන්වන්න අපේ ඵෙතිහාසික වටිනා පසුබිම් යොදාගැනීම නම් මම අනුමත කරන්නෙ නැහැ. මොවුන් හැසිරෙන්නේ කොළඹ හෝටලයක විලාසිතා ප්‍රදර්ශනයක් විලසින් නොවේද? මොවුන් ඒවා අභියස සංයමයෙන් සහ ගෞරවයෙන් සිටිය යුතු බවයි මගේ හැඟීම. (නි)
ලකී දොඩන්ගොඩ Thursday, 28 August 2014 01:35 PM
හරිම චමත්කාරයි , අපේ පැරණි නටබුන් අතරේ මොවුන් තරංග කාරී පින්තුර අරගෙන ලෝකයට පල කරාම , ලංකාවට හොඳ ප්‍රසිද්දියක් ලැබෙනවා ,විදේශීය සංචාරකයන් මේවා දැකලා බලා ගන්නට එනවා , අපිට එකත් ලොකු දෙයක් (අ)
ගයාන් Thursday, 28 August 2014 02:42 AM
උපාලි මහත්මයා, ඔබතුමාගේ අදහස නිරුපනය කරන්නේ සිංහල ජන සමාජය නොදැනුවත්වම මුහුණ දෙන ඉස්ලාමිය මතවාදයේ නිහඩ ආක්‍රමණයයි. උදාහරණයක් ලෙස, ඔතැන පිරිමින් සමුහයක්, අපි හිතමු කායවර්ධන තරගයක අවසන් 10 දෙනා යම් පින්තුර පෙළක් විවිධ ඉරියව් වලින් ඉදිරිපත් කළා නම්, ඔබ තුමා එතරම් විරුද්ධ වෙන එකක් නෑ නේද? (අ)
හේවාවිතාරණ Friday, 29 August 2014 06:03 AM
සමහරු ළිඳ තුළ හිරවුණ මැඩියන් වගෙයි (නි)
චන්දන Thursday, 28 August 2014 03:08 AM
බොරු තර්ක එපා. මෙහෙම ෆොටෝ එකක් ගත්තා කියලා අපේ ඓතිහාසික දේවල් වලට හානියක් වෙන්නේ නැහැ. අපේ රටේ විතරක් නෙමෙයි අනිත් රටවලත් ඓතිහාසික දේවල් තියනවා. (නි)
නිමල්ලලිත් Thursday, 28 August 2014 03:29 AM
උපාලි මහත්මය ඔබේ කතාව හරි. පකිස්තාන ජාතිකයන් මෙන මේ රටට සැපයක් නොවේවා? (අ)
මහී Thursday, 28 August 2014 04:49 AM
මොන පිස්සුද උපාලි ඔය පරණ අදහස් වලින් දැන් වත් මිදෙන්න.ඕව තියෙන්නේ අපේ රටේ විතරද. (අ)
රජට රත්නායක Thursday, 28 August 2014 05:08 AM
මීට වඩා ලස්සනයි ඩුබායි ඉන්න චීන ලඳුන්. (අ)
රත්නායක Thursday, 28 August 2014 05:10 AM
මට නම් මීට වඩා ලස්සනයි ඩුබායි ඉන්න ලඳුන්. (නි)
බන්දුල පෙරේරා Thursday, 28 August 2014 05:17 AM
එහෙනම් බඩු මිල සෑහෙන්න අඩුවෙයි මගේ හිතේ. (නි)
හේවාවිතාරණ Thursday, 28 August 2014 06:42 AM
උපාලි මේ මොවුන් හැසිරෙන විධිය නොවේ අපේ කැමරා කරුවන්ගේ විධානය අනුව ඔවුන් හැසිරෙන ක්‍රමයි ඒ අයට දොස් කියන්න කලින් අපේ සංවිධායකයෝ දැනුවත් කරන්න කියන්න (අ)
හේවාවිතාරණ Thursday, 28 August 2014 08:20 PM
උපාලි ළිඳේ ඉන්න ගෙම්බා වගේ කියවනවා (නි)
කොලිත Thursday, 28 August 2014 07:12 AM
එක හරි උපාලි (අ)
උපුලි Thursday, 28 August 2014 07:59 AM
පසුබිම ඉපැරණි ගොඩනැගිල්ලක්. අසංවර හැසිරීමකුත් නැහැ . මෙතනට ඔවුන් ගේ පැමිණීම මටනම් ආඩම්බරයක් . වටිනා පසුබිම් යොදා ගැනීමෙන් ඡායා රූපයේ වටිනාකම වැඩිවෙනවා නේද? (අ)
කිංස්ලි ඒබ්‍රහම් Thursday, 28 August 2014 08:29 AM
කමක් නෑ... දේශප්‍රේමී චීන්නුනේ... ඕනෑම විදියකට හිටපුදෙන්. ඔන්න ඇමරිකන් කාරයෝ ඔහොම හිටියොත් නම් අපි මේක ලේසියෙන් අරින්නේ නෑ, හොඳේ? (අ)
සමන්ති Friday, 29 August 2014 12:27 AM
මීට ඉස්සර ඇමතිවරු කීපදෙනෙක් එහෙමත් ගෙන්නලා සිගිරි අප්සරාවන් පෙන්වන්න ගියා මතකද? (නි)
සුගත් Thursday, 28 August 2014 09:57 AM
අන්න කුහක කම එලියට පැන්න.මේ ළමුන්ගේ ඇඳුම වරදක් නැහැ, සංවරයි,කිසිම කෙනෙක් සාය කොටට හිරට පලාගෙන ඇඳගෙන නෑ, කැතට උඩු කය ප්‍රදර්ශනය කරලත් නෑ. ඉතාම අලංකාරයි. හොඳ සංචාරක ප්‍රවර්ධනයකුත් සිදුවෙනවා. සුදු ඇඳගත්තු කුඩු මුදලාලි කෙනෙක් හරි නිදන් හාරණ කෙනෙක් හරි මෙතන හිටියනම් හරිම සංවරයි නේද? (ස)