වසරකට වැඩි කාලයක සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයට පවතින වියළි කාලගුණයත් සමග පානීය ජල මූලාශ සිඳීයාමෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
ඝන අඩි අක්කර එක්ලක්ෂ විසි පන්දහසක ධාරිතාවෙන් යුත් පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඝන අඩි අක්කර පනස් දහස දක්වා අඩු වී ඇත. මින්නේරිය , කවුඩුල්ල හා ගිරිතලය ජල මට්ටම බාගයකටත් වඩා අඩු වී ඇත.
දැඩි නියඟය හේතුවෙන් වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව හා ලංකාපුර කොට්ඨාසවල පවුල් 8000ක සාමාජිකයන් තිස් දහසකට ආසන්න පිරිසක් පානීය ජල අර්බුදයට මුහුණ පා සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා කියයි. ඇලහැර, හිඟුරග්ගොඩ හා මින්නේරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ජල හිගය තදින්ම බල නොපාන බව ආපදා නිලධාරීහු කියති.
පීඩාවට පත්වූවන්ට අවශ්‍ය පානීය ජලය බවුසර් නවයක් හරහා බෙදා හැරීමට කටයුතු කර ඇති බව ද නානායක්කාර මහතා සඳහන් කළේය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත අතරින් පානීය ජල අර්බුදයට වැඩි වශයෙන් මුහුණ පා ඇත්තේ වැලිකන්ද කොට්ඨාසය වන අතර එහි පවුල් පන් දහසක පුද්ගලයන් දහසය දහසක් පානීය ජල අර්බුදයට මුහුණදී ඇති බව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එච් එස් කේ ජේ බණ්ඩාර මහතා කීවේය. ජල අර්බුදයෙන් පීඩාවට පත් පවුල්වලට දිනකට ජල ලීටර ලක්ෂයක් පමණ බවුසර් තුනකින් බෙදා හැරීමට කටයුතු කර ඇති බව ද බණ්ඩාර මහතා සඳහන් කළේය.
රජය මගින් පානීය ජලය බෙදා හැරීමට අමතරව යම් ආයතනයක් හෝ පරිත්‍යාගශීලීන් පානීය ජලය ලබා දීමට කටයුතු කරන්නේ නම් එය ද විශාල ශක්තියක් බව ද ඔහු කීවේය.
(ඡායාරූප නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිනී)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ පුලතිසිපුරෙන් බිහිවුණු පරාක්‍රමබාහු රජු (බ)
ඕක තමයි යහපාලනයට ලැබුන තෑගි ස්වභාව ධර්මයෙන් (නි)
වැස්ස ඇවිත් යනවා.(හේ)
දැන් මුළු රටටම පායනවා. හැම තැනටම වතුර නෑ.(හේ)
දිගටම පායනවා. දිනපතාම තැන තැන ගිනි ගන්නවා. ලොක්කෝ රට සවාරි යනවා. ජනතාව කබලෙන් ලිපට වැටුණා (ම)
තව තවත් ගස් කපමු, එතකොට වතුර ප්‍රශ්නයට හරිම විසදුම ලැබෙයි..(බ)