(ශිරාන් රණසිංහ)
වස විස දමා ඉදවන පලතුරු වර්ජනය කරන ලෙස කොළඹ “මැනිං මාර්කට්” පොදු වෙළඳ සමිතිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
2008 වසරේ සිට “එතනල්” නමැති විස රසායනිකය යෙදූ කෙසෙල්, පැපොල් ඇතුළු පලතුරු ඉදවූ බවත් එම විස නිසා පිළිකා රෝගය ඇතුළු රෝගවලට ජනතාව ගොදුරුවන බවත් ඒ සම්න්ධව තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ අනුව කොළඹ පිටකොටුව මැනිං වෙළඳපොළෙන් වස විස සහිත පලතුරු ඉවත් කිරීමේ සටන ආරම්භ කළ බවත් එම වෙළඳ සමිතියේ ප්‍රධානීහු පැවසූහ.
“රෙඩ් ලේඩි” නමැති පැපොල් වර්ගය ඉදවීම සඳහා අනිවාර්යයෙන්ම මෙම විස යෙදීමට සිදුවී ඇති බව ද පිටරටින් ගෙන්වන යළි පැළ නොවන ඇට නැති දෙමුහුන් බීජ මෙරට ගොවීන්ට එය හඳුන්වා දීම නිසා මුළු රටම වදවීමක් වෙත යමින් සිටින බව ද ඔවුහු කියා සිටියහ.
කෙසෙල් ඉක්මණින් ම ඉදවීම සඳහා වෙළෙඳුන් මෙන් ම කෙසෙල් වගාකරුවන් ද මෙම වස විස යෙදීමට හුරුව සිටින නිසා ජාතියේ හා මනුෂ්‍යත්වයේ නාමෙන් මිනිසුන් මරා දමන මේ අපරාධය දැන්වත් නතර කිරීමට දායකවන ලෙස ද එම වෙළඳ ප්‍රජාව ඉල්ලා සිටියහ.
වස යෙදූ ඉදවන පලතුරුවලට කුහුඹුවෙක්වත් ළං නොවන බවත් එම පලතුරු සාමාන්‍ය පරිදි ඉදෙන පලතුරු වලට වඩා හොඳ පෙනුමකින් සමන්විත නිසා පාරිභෝගිකයන්ට පහසුවෙන් හඳුනාගත හැකි බවත් ඔවුහු කීහ.
මේ වන විට පලතුරු ඉදවීමට යොදන විස රසායනික වර්ග තුන්සියයක් පමණ රට තුළ ඇතැයි ද එහිදී හෙළි විය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොද ආරම්භයක් . මුලු රටේම මෙය ව්‍යාප්ත කරමු!
අපේ පාරම්පරික කෙම් ක්‍රම විනාශ මුඛයට ගියේ ඔය බහුජාතික පොහොර සමාගම් වගේ ඒවා පලිබෝධක කෘමින් වගේම ආක්‍රමණශීලි ශාක ලංකාවේ ව්‍යාප්ත කරපු නිසා බව මම පොඩි කාලේ අහල තියෙනවා.
අපේ තාත්තලා සීයලා කරාවගේ පලතුරු ඉඩවන්න දුම් මඩු හදලා දුම්ගස්සන්න,
ලංකාවේ පලතුර විතරක් නොවේ ධානය වර්ග වලට පවා වස විස යොදවන බව ප්‍රකට කරුණක් වන අතර සමහර කෙටි කෑම වර්ග හා බයිට් වර්ග නිෂ්පාදනයේදී ශරිරයට අහිතකර රසකාරක හා ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යොදා ගන්නා අතර කෘෂි කර්මාන්තයේදී යොදන වසවිස තහනම් කිරිමට පෙර මෙවැනී දැයට යොදන වසවිස නතර කිරිමට පියවර ගැනීම කාලෝචිත අත්‍යවශ්‍ය පියවරක් වන අතර රටේ බහුතරය වන පාරිබෝගික ජනතාවගේ සහායෝගය හා ආශිර්වාදය මෙයට නොඅඩුව ලැබෙනු ඇත.
රට විනාශ කරන විස වර්ග ඇති පාලකයන් ඉක්මනටම ඉවත් කරන්න වෙයි අපේ හාමුදුරුවනේ.
මේ දේ කරන්නේ තමන් ජිවත් වෙන්නයි. එත් එකෙන් තවත් කෙනෙක් මැරෙන බව ඔවුන් නොදන්නවා නොවෙයි.
පොඩි දෙයයි කරන්න තියෙන්නේ හාමුදුරුවනේ, ඔය විස රසායනික වර්ග තුන්සිය තහනම් කරන්න.. ඕවා රට ඇතුලට එනකම් මිනිස්සු පාවිච්චි කරනවා. වෙළෙන්දෝ මොනවා කිව්වත් එයාලා තමා මුලින්ම ඕව පාවිච්චි කරන්නේ. කොළඹ පිටකොටුව මැනිං වෙළඳපොළෙ විතරද පලතුරු වෙලදාම් කරන්නේ ??
අද ඉතා දියුණු රටවල පවා විෂ රසායනික ක්‍රම මගින් නොයෙකුත් පළතුරු එළවලු සහ වෙනත් ආහාර ඉදවීම කල්තබාගැනීම සඳහා පරිහරණය කරනු ලබයි.එම රටවල පරිසර හිතකාමී සංවිධාන අපේ රටවලට වඩා දහස් ගුණයකින් ප්‍රභල වූවත් විෂ රසායනික යෙදු නොයෙකුත් නිෂ්පාදනයන් නොනැවතී මිනිසුන්ගේ පරිභෝජනය සදහා මුදාහැරේ.හේතුව ලෝකේ කිසිම රජයක් සාමාන්‍ය මිනිසුන්ගේ පැත්ත නොගෙන ව්‍යාපාරිකයන්ගේ පැත්ත ගැනීමයි.
අපේ රටේ ඉන්න පාලකයන් කියන හරකුන්ටවත් අදාල නිලධාරින්ටවත් මේවා පෙනෙන්නේ නෑ දැං. උන් හැම කෙනාටම දැන් පෙනෙන්නේ මීලග ජනාධිපතිවරණය විතරයි. තමන්ගේ රටෙි ඉන්න මිනිස්සුන්ට මැරෙන්න කන්න දෙන්න තරම් වෙලදාමට නීති නෑ. පාරිභෝගික අධිකාරිය, මහජන සෞඛ්‍ය පරීක්ෂක කියලා තනතුරු සහ ආයතන නම් තියනවා ඒවයේ ඉන්න අයට පඩිත් ගෙවනවා ඒත් අපි සහ අපේ අහිංසක දරු පැටව් හැමදාම වහ කනවා.
නිවාඩුවට ලංකාවට ආව පුජා වට්ටියක් ගත්ත කෙසෙල් ගෙඩි වල පණුවන් සිටිය කඩේ අයට පැමිණිලි කරා බෙහෙත් දාපු ඒවා නොවේ මහත්තය පනුවෝ හොඳයි කීවා මෙය සිදු උනේ නවගමුවේ තැන තැන දමා ඇති කුණුවූ පලතුරු ගොඩවල් නිසා මෙය සිදුවී ඇති බව පෙනුනත් කියන්න කෙනෙක් සිටියේ නැහැ ප්‍රාදේශීයසභා තිබුණේ නැහැ
මේ රසායන වර්ග වලට පොදුවේ අපි කියන්නේ "එතිනේට" කියලයි. මේවයින් සිදු කරන්නේ නොඉදුණු පලතුරු වර්ග "ඉදුණු" හැඩයකට පත් කිරීමයි. පළතුරක් ස්වභාවිකව ඉදිමේදී එයින් " එතිලින්" වායුව නිකුත් වෙනවා. මෙය ප්‍රනීත සුවඳක් ඇති වායුවක්. ඒ වගේමයි පලතුරු ඉදෙන්නේ " ඇතුලේ සිට පිටතට " පමනක්මයි. කවමදාකවත් පළතුරක් පොත්තෙන් පටන්ගෙන අභ්‍යන්තරයට ඉදෙන්නේ නැහැ. අර මම කිව " එතිලින් "වායුව ස්වභාවික හයිඩ්රො කාබන් වායුවක්. ඉස්සර අපි අවුරුද්දට කෙසෙල් ඉදවද්දී කෙසෙල් කැන හෝදලා ගෙඩි කිහිපයකට " හුණු "ටිකක් ගාලා බාගෙට ඉදුණු කෙසෙල් ගෙඩි කිහිපයකුත් දමලා ගෝනියකට දාල ගෝනියේ කට ගැට ගසා තියෙනවා. හරියටම දවස් 5 හෝ 6 කින් මුළු කැනම ලස්සනට ස්වභාවිකවම ඉදිලා. ඉදුණු කෙසෙල් ගෙඩි කිහිපයෙන් පිටවන එතිලින් වලින් තමයි පැසුන කෙසෙල් ගෙඩි ඉදිමේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන්නේ. ඕකිඩ් මල් වගාවෙදිත් වියලුන මල් වහාම වගාවෙන් අයින් කරන්නේ ඒවායින් පිටවන එතිලින් වලින් හොඳ මල් " ඉදිමේ " ක්‍රියාවලිය වැළැක්වීමටයි. නමුත් හොරකුට වෙළෙන්දන් පලතුරු වලට දමන සුදු පැහැති එතිනේට පලතුර තුලට ඇතුළුවී එහි රැඳෙනවා.ඒවායින් පලතුර ඉදුණ බවක් පෙන්වන අතර අපේ සිරුරට විෂදායකය.