ශ්රී ලංකාවේ නව නීතිපති ලෙස මහින්ද රාජපක්ෂ ජනපති විසින් සරත් පාලිත ප්‍රනාන්දු මහතා පත්කරනු ලැබීය. සංඝරත්නයේ ආශිර්වාද මැද ලිපියට අත්සන් යොදා නව නීතිපති නිල වශයෙන් රාජකාරිය ආරම්භ කළේය. බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. කොළඹ රාජකීය විද්‍යාලයේ කිර්තිමත් ආදි සිසුවකු වන පාලිත මහතා 1979 දී උපරිමාධිකරණ නීතිඥවරයෙක් විය. 1980 දී සහකාර රජයේ නීතිඥවරයා ලෙස ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත් පෙරේරාට මමත් එකගයි
මේ අපේ ගෙවල් ළග මාමා කෙනෙක්.
මේ පත්වීම ගැන කතාබහ තිබුනේ දැන් ටික කලක ඉඳල. මෙතුමා මේ තනතුරට එන බව හැම දෙනෙක්ම දැනගෙන හිටිය බවත් අපි දන්නවා.
පුලුවන් නම් ඉඩම් නඩු ඉක්මණින් ඉවර කරන්න කියලා උපදෙස් දෙන්න
ස්වාධීනව සහ අපක්ෂපාතීව වැඩ නොකලොත් අපිට කයුරු ආවත් වැඩක් නැහැ
පුලුවන් නම් හොද , හිතේ රැදෙන වැඩක් කරන්න බලන්න
සරත් පොන්සේකා, සරත් එන් සිල්වාවගේ මෙයත් සරත් කෙනෙක් බලමුකෝ
අවංකව රටට සේවයක් කරන්න
පුළුවන් නම් පොලිස්පති තුමා වගේ හොඳ වැඩක් කරන්න
ආණ්ඩුවට ඕන විදියට ආණ්ඩුවට හිතවත් අය ඔය වගේ උසස් තනතුරුවලට පත් කෙරුවහම ආණ්ඩුව කියන විදියට තමයි සැම නීතියම ක්‍රියාත්මක වෙන්නේ . නීතිපතිට පුලුවනි නඩුදාන්නත් නඩු ඉල්ලලා අස්කර ගන්නත් . අපි දන්න පරිදි මීට ඉහත හිටපු නොයෙක් අය ආණ්ඩුවට ඕන විදියට නීති වෙනස් කෙරුව .ඒ වගේම ආණ්ඩුවට හිතවත් අයගේ නඩු ඉල්ලල අස්කර ගත්තා .නිල් පාට කොල පාට කියලා වෙනසක් නැහැ සියලු උතු මාලත් මෙතු මාලත් කලේ තමන්ට හිතවත් අයව මේ වගේ උසස් තනතුරු වලට පත් කරගන්න ඵකයි : එහෙම වුනාම ජනතාවට නීතිය ගැන විශ්වාසය නැතිව යනව . අද වෙලා තියෙන්නේ ඵයයි .අද රටේ නීතිය නැති නිසා තමයි මිනිස්සු පොලිසිවලට ගල් ගසන්න පෙල බිලා තියෙන්නෙ .ඵ් වගේ රජයේ සමහර ඇමති වරුත් නීතිය අතට අරගෙන මිනිස්සුන්ට කනට ගහන්න , ගස් බදින්න යනව . ඒ වගේ දේවල් සාදාරන නැහැ . නීතිය අප කාටත් පොදු වෙන්න ඕන . පක්‍ෂ බේදෙන් තොරව .
දුමින්දගෙ කේස් එකට මෙයාගෙන් වත් නීතිපති උපදෙස් හම්බුනොත් ලොකු දෙයක්
නිතිපතිතුමෙනි, රටේ හැම පුරවැසියෙකුගේම නායකයා වන ජනාධිපති ඔබට පත්වීම දුන් බැවින් , පක්‍ෂභේදයකින් තොරව ,සාධාරණව ක්‍රියා කරමින්, අපේ ශ්‍රී ලංකාද්වීපය දූෂණයෙන් හා භීෂණයෙන් මුදා ගැනීමට දායක වන්න. ඔබට සුබ පතමි.
දේශපාලුවන්ට යට නොවී කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න