ශ්රී ලංකාවේ නව නීතිපති ලෙස මහින්ද රාජපක්ෂ ජනපති විසින් සරත් පාලිත ප්‍රනාන්දු මහතා පත්කරනු ලැබීය. සංඝරත්නයේ ආශිර්වාද මැද ලිපියට අත්සන් යොදා නව නීතිපති නිල වශයෙන් රාජකාරිය ආරම්භ කළේය. බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. කොළඹ රාජකීය විද්‍යාලයේ කිර්තිමත් ආදි සිසුවකු වන පාලිත මහතා 1979 දී උපරිමාධිකරණ නීතිඥවරයෙක් විය. 1980 දී සහකාර රජයේ නීතිඥවරයා ලෙස ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණේය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
පාලිත ප්‍රනාන්දු නව නීතිපති
සම්පත් Monday, 16 July 2012 05:13 PM
අජිත් පෙරේරාට මමත් එකගයි
පුංචා Monday, 16 July 2012 12:45 PM
මේ අපේ ගෙවල් ළග මාමා කෙනෙක්.
ලුම්බිණි Monday, 16 July 2012 12:16 PM
මේ පත්වීම ගැන කතාබහ තිබුනේ දැන් ටික කලක ඉඳල. මෙතුමා මේ තනතුරට එන බව හැම දෙනෙක්ම දැනගෙන හිටිය බවත් අපි දන්නවා.
අමිල Monday, 16 July 2012 05:33 PM
පුලුවන් නම් ඉඩම් නඩු ඉක්මණින් ඉවර කරන්න කියලා උපදෙස් දෙන්න
වරුණ Monday, 16 July 2012 01:08 PM
ස්වාධීනව සහ අපක්ෂපාතීව වැඩ නොකලොත් අපිට කයුරු ආවත් වැඩක් නැහැ
රෝහණ Monday, 16 July 2012 01:22 PM
පුලුවන් නම් හොද , හිතේ රැදෙන වැඩක් කරන්න බලන්න
පිලිපිනෝ Tuesday, 17 July 2012 10:15 AM
සරත් පොන්සේකා, සරත් එන් සිල්වාවගේ මෙයත් සරත් කෙනෙක් බලමුකෝ
සමන් Monday, 16 July 2012 03:16 PM
අවංකව රටට සේවයක් කරන්න
මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Monday, 16 July 2012 02:48 PM
පුළුවන් නම් පොලිස්පති තුමා වගේ හොඳ වැඩක් කරන්න
අජිත් පෙරේරා ෆ්‍රාන්ස් Monday, 16 July 2012 04:02 PM
ආණ්ඩුවට ඕන විදියට ආණ්ඩුවට හිතවත් අය ඔය වගේ උසස් තනතුරුවලට පත් කෙරුවහම ආණ්ඩුව කියන විදියට තමයි සැම නීතියම ක්‍රියාත්මක වෙන්නේ . නීතිපතිට පුලුවනි නඩුදාන්නත් නඩු ඉල්ලලා අස්කර ගන්නත් . අපි දන්න පරිදි මීට ඉහත හිටපු නොයෙක් අය ආණ්ඩුවට ඕන විදියට නීති වෙනස් කෙරුව .ඒ වගේම ආණ්ඩුවට හිතවත් අයගේ නඩු ඉල්ලල අස්කර ගත්තා .නිල් පාට කොල පාට කියලා වෙනසක් නැහැ සියලු උතු මාලත් මෙතු මාලත් කලේ තමන්ට හිතවත් අයව මේ වගේ උසස් තනතුරු වලට පත් කරගන්න ඵකයි : එහෙම වුනාම ජනතාවට නීතිය ගැන විශ්වාසය නැතිව යනව . අද වෙලා තියෙන්නේ ඵයයි .අද රටේ නීතිය නැති නිසා තමයි මිනිස්සු පොලිසිවලට ගල් ගසන්න පෙල බිලා තියෙන්නෙ .ඵ් වගේ රජයේ සමහර ඇමති වරුත් නීතිය අතට අරගෙන මිනිස්සුන්ට කනට ගහන්න , ගස් බදින්න යනව . ඒ වගේ දේවල් සාදාරන නැහැ . නීතිය අප කාටත් පොදු වෙන්න ඕන . පක්‍ෂ බේදෙන් තොරව .
ලසාන් Monday, 16 July 2012 05:03 PM
දුමින්දගෙ කේස් එකට මෙයාගෙන් වත් නීතිපති උපදෙස් හම්බුනොත් ලොකු දෙයක්
දෙහිපිටිආරච්චි වෙන්නප්පුව Monday, 16 July 2012 11:29 PM
නිතිපතිතුමෙනි, රටේ හැම පුරවැසියෙකුගේම නායකයා වන ජනාධිපති ඔබට පත්වීම දුන් බැවින් , පක්‍ෂභේදයකින් තොරව ,සාධාරණව ක්‍රියා කරමින්, අපේ ශ්‍රී ලංකාද්වීපය දූෂණයෙන් හා භීෂණයෙන් මුදා ගැනීමට දායක වන්න. ඔබට සුබ පතමි.
ප්‍රියා Monday, 16 July 2012 05:34 PM
දේශපාලුවන්ට යට නොවී කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න