ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා වසර පහක් කළ සේවය වෙනුවෙන් නිව්යෝක් නුවර පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් හා ක්වීන්ස් හා නිව්ජර්සි,ස්ටැටන් ලොන්ග් අයිලන්ඩ් හා බොස්ටන් පන්සල්හි භික්ෂුන් වහන්සේලාගේ එකමුතුව නිව්යෝක් නුවර ක්වීන්ස් බෞද්ධ විහාරස්ථානයේ උපහාර උළෙලක් පැවැත්වීය.
විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමියෝ අනුශාසනා කළහ. මෙම උත්සවයට අමතරව පසුගිය සෙනසුරාදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තනාපතිවරුන් හා ශ්‍රී ලංකා විද්වතුන්ගේ එකමුතුව ද උපහාර උළෙලක් නිව්යෝක් නුවර මැන් හටන් 44 වීදීයේ හාවඩ් සමාජ ශාලාවේදී පැවැත්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපහාර දක්වන්න මෙයා කළ සේවය කුමක්ද. පිනට කකා බිබී මෙයාගේ දරුවන් නෙව් යෝර්ක් පාසල්වලට යවාගෙන ජොලියේ හිටය මිසක්.මේ උත්සවයක් නෙමේ.මෙයාගේ යාලුවෝ කිහිපදෙනෙක් ආවා පමණි (අ)
පාලිත කොහොනගේ සේවය ගැන නොදත් අයකු අදහස් දක්වා ඇති බව පැහැදිලිව පෙන්නුම් කරයි. පාලිතට පවුලක් නැතුව පමණක් නොව ඔහු ශ්‍රී ලංකාවෙන් දායාද කළ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකි (බ)