වසර නවයකට අධික කාලයක් දීර්ඝ අභ්‍යාවකාශ ගමනක යෙදී සිටි නාසා ආයතනයේ “නිව් හොරයිසන්” අභ්‍යාවකාශ යානය එහි ගමනාන්තය වූ ප්ලූටෝ ග‍්‍රහයා ආසන්නයට පැමිණියේය.
ප්ලූටෝ ඡායාරූප කිහිපයක්ම මේ වන විට පෘථිවියට එවා තිබේ. ප්ලූටෝට ඉතාම ආසන්න ඡායාරූප ලබාගැනීමට විද්‍යාඥයින්ට හැකිවූ පළමු අවස්ථාවද මෙයයි.
එම ඡායාරූපයන්ගේ ප්ලූටෝගේ අයිස් වලින් වැසී ගිය මතුපිට හොදින් එහි සටන්ව ඇත.
ප්ලූටෝගේ උප ග‍්‍රහයා වන චාරොන්ගේද ඡායාරූපයන් නිව් හොරසියන් නුදුරු දිනකදීම ලබාදෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ අපේක්ෂාවෙන් සිටීති. ප්ලූටෝ හා පෘථීවිය අතර සැතපුම් බිලියන 3 ක පමණ පරතයක් පවති. එහෙයින් ප්ලූටෝ ආසන්නයේ සිට නිව් හොරයිසන් එවන එක් පණිවුඩයක් පෘථිවියට ළගාවීමට පැය 4 - 5 අතර කාලයක් ගතවන බව සඳහන්ය.
ප්ලූටෝ හා චාරොන් ඡායාරූපගත කිරීමෙන් පසු නිව් හොරසියන් අභ්‍යාවකාශයේ මෙතෙක් නොගිය ඉම කරාද යනු ඇතැයි පැවසේ. නමුත් එහි තිබෙන සංවේදී උපකරණ වලට ප්ලූටෝ ග‍්‍රහයාගෙන් ඔබ්බට විසිර පවතින දුලි හා පාෂාණ වලින් හානියක් නොවී ගැලවී ගත හැකිවනු ඇත්දැයි විද්‍යාඥයින්ට ඇත්තේ ගැටලූවකි.

![2A87B44400000578-3160464-image-a-15_1436900503407[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A87B44400000578-3160464-image-a-15_14369005034071.jpg)
![2A85A9AC00000578-3160464-This_is_the_most_detailed_image_captured_of_the_surface_of_Pluto-a-17_1436890162570[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A85A9AC00000578-3160464-This_is_the_most_detailed_image_captured_of_the_surface_of_Pluto-a-17_14368901625701.jpg)
![2A83AAD700000578-3160464-New_Horizons_has_been_sending_back_increasingly_detailed_images_-a-19_1436890162628[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A83AAD700000578-3160464-New_Horizons_has_been_sending_back_increasingly_detailed_images_-a-19_14368901626281.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්වබල දාරි දෙවියන් ග්‍රහලෝක කියක් මවලා තියෙනවද කියල පුළුවන් එක්කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකෝ. (ස)
ජය වේවා ! (බ)
ස්තුතියි...!