අසත්‍ය වාර්තා පළ කිරීම නිසා පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව මාධ්‍යවේදීන්ට තහනම් කළ බව පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක මහතා පවසයි.
සභාපතිවරයාගේ කැබ් රථයේ අලුත්වැඩියා කටයුතු සඳහා වැය කළ රුපියල් එක් ලක්ෂ හත්දාහක බිල් පතක් පිළිබඳව හා ප්‍රමිතියෙන් අඩු සී.එෆ්.එල් බල්බ මිලට ගැනීම පිළිබඳ මන්ත්‍රීවරුන් මතු කළ කරුණු මාධ්‍යයේ පළ විය.
සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මුදල් සම්බන්ධව මුදල් කාරක සභාවේ අනුමැතිය අනුව කටයුතු කර ඇති බවය. මේ පිළිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා මුහුණ දීමට තමා සූදානම් බවත් ඔහු පවසයි.
මෙම මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශය කළ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් විජේවර්ධන මහතා මුදල් කාරක සභාවට නොපැමිණි බවද සභාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන විතරක් නෙමෙයි, රට පුරහම මුල්‍ය අක්‍රමිකතා වංචා, දූෂණ වැහිවැහැලා. මිනිස්සු හූල්ල හූල්ලා ඉන්නවා. ඊටපස්සේ එන ඡන්දෙට වංචා වලට සම්බන්ධ අයටම ඡන්දෙ දීලා ඒ අයව බලයට පත්කර ගන්නවා. ඊට පස්සේ නැවතත් වංචා ගැන කන්කෙඳිරි ගගා ඉන්නවා. රටේ මිනිසුන්ට මොළය පෑදිලා නුසුදුස්සන්ව බලයට පත්නොකරන තුරු ලංකාව ඔහොමමයි. (නි)
කට්ටිය මාධ්‍යයට ඔයතරම් බය මොකද? ඉදිරියේදී තියෙන බය තවත් වැඩිවේවි. (නි)
අපි මොකට කලබල වෙනවද? (නි)
මෙතුමා සබාපති උන හැටි මුළු පොල්ගහවෙලම දන්නවා. විශේෂයෙන් උප සබාපති තුමත්. නිලන්ත පොළ හදන කොන්ත්‍රාත් එකත් ප්‍රාදේශීය සබාව වටේ තාප්පේ සහ කාණුවේ කොන්ත්‍රාත් එතුමාට අරන් දුන්නේ ඔබගේ නමින්ද (නදී)
මම ලිවේරා මහතා ගැන දන්නා කෙනෙක්. එතුමා හොඳ අවංක දේශපාලකයෙක්. ඉතාම සුළු දේවල් ගැන මොහුට බොරුවට මඩ ගහනවා (නදී)
බොහෝ සභාපතිලා දැන් හැසිරෙන්නේ ජළභීතීකාව හැදිච්ච සුනකයෝ වගෙයි. ලොක්කන්ගේ හයිය තමා වෙන මොනවද? (නදී)
චෝදනා නැති ප්‍රාදේශීය සභාපතිවරයෙක් නම් කරන්න කියා ඕනෑම ජගතෙකුට මා අභියෝග කරනවා.(නදී)
වරදක් කරලා නැත්තම් මොනවට බයවෙනවද? (නි)
අද පුවත්පත් වල ගොඩක් පිරිලා තියෙන්නේ මේ වගේ දේවල්. (නි)
එතුමා හොඳ අවංක දේශපාලකයෙක්. මම එතුමාට සුබ අනාගතයක් පතනවා (නි)
ටික ටික හරි හොඳ වැඩ වලට හිත යන්නෙම නැහැනේ. නේද? (නි)
බන්දුල පෙරේරා,ඔබ හරියට හරි. ලංකාවේ මිනිස්සු නිදහස ලැබුණුදා පටන් කළේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. (නි)