IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


’’පාලකයෝ ජනතාව අසීරුවට පත් කරලා’’

(ආරියරත්න  රණබාහු )

 

මෙරට දේශපාලන අස්ථාරත්වය ජනතාවගේ ජන ජීවිත අසීරු තැනකට තල්ලු කර ඇතැයිපාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී අද පැවසීය.

දේශපාලනික යාන්ත්‍රණය සහ දූෂිත දේශපාලනය විසින් මේ රට අගාධයේ පතුලටම ඇද දමා ඇතැයි කී රාජපක්ෂ මහතා  ඒ නිසාම මේ රට ගැඹුරු අර්බුදයන්ට මුහුණපා ඇතැයි ද කීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ 07ශ්‍රී ලංකා පදනම් ආයතනයේ  අද (05)පෙරවරුවේ පැවති විධිමත් රටක්  නමින්  වු  සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය  එළිදැක්වීමේ උත්සවයේදීය.

එම මැතිවරණ ප්‍රකාශනයේ මුල් පිටපත් බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් ගැන ආගමික නායකයින්ට පිළිගැන්වීමෙන් අනතුරුව පැමිණ සිටි සියලු දෙනාටම එම ප්‍රකාශනය ලැබීමට සැලැස්වීය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද  කීය.

අප රටේ ඉතිහාසයේ ප්‍රථම වරට බංකොලොත් රටක මැතිවරණයක් පවත්වනවා .දේශපාලන පක්ෂ නායකයින් සහ පක්ෂ විසින් ජනතාව බංකොලොත් කර  තිබෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය  සිය පාලනය ගෙක ගිය 1977වනතෙක් මේ තත්ත්වය මේ රටේ තිබුණේ නෑ සියල්ල උඩු යටිකුරු වුණේ හැත්ත හතෙන් පසුවයි. විධායක ජනාධිපති ක්‍රමය නිදහස් ආර්ථික වෙළෙඳ ප්‍රතිපත්තිය මේ රටේ තිරිසන් සමාජයක් බිහිකළා.තිරිසන්නු අපව විනාශ කළා .

ඒ නිසා මේ සමාජය වෙනස් කිරීම සඳහා අද ජනතාවට  නැගී සිටීමට සිදුව තිබෙනවා.

එදා ඇතමුන්  තමාට ඔටුනු පැළඳවීමටකුමාරවරු  හෝ දරුවන් නැතැයි කිව්වත් අපට එසේ  සිතන්න බෑ.මේ රටේ දූ දරුවන් ලක්ෂ ගණනකොට අප ඔටුනු පැළඳවිය යුතුයි.එහෙම හිතන්න බැරි පාලනයකින් තොරවමේ රට හදන්න බෑ.

කාලයක් මේ රට මැද මුලන බූදලයක් වුනා

එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තැනක් නැතිවුණා.ඊට පස්සේ  එය බාර ගත් අයත් බඩ වඩා ගැනීමට කටයුතු කළා මිසක් පක්ෂය ශක්තිමත් කළේ නෑ..

මම නායක කම් ඉල්ලුවෙ නෑ . බදා ගැනීමේ පුරුද්දක්  මට නැ. අතහැරීම මගේ පුරුද්දයි..එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමේ වගකීම මට තිබෙනවා.අදටත් ඒ පක්ෂයට මේ රටේ ඡන්ද ලක්ෂ පනහක් හැටක් තිබෙනවා.

මේ රට වෙනස් කිරීමට නම් නීතියේ ආධිපත්‍යයට සියලු දෙනාම යටත් විය යුතුයි..මේ අවස්ථාවේ නිවැරදි තීන්දුව ගත්තේ නැත්නම් අනාගතයක් නෑ..

මෙහිදී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාවක් පැමිණ සිටි පිරිසට ලබා දුන්නේය.

එහිදී සභාවේ සිටි තරුණයකු නැගිට  තමාට කතා කිරීමට මයික්‍රෝපොනයක්දඅවශ්‍ය නැති බව කියමින් අරගලයට පහර දුන් පිරිස ගැන මෙන්ම යුක්තිය මෙහෙයුම නිසා සිර දඬුවම් විඳින පිරිස් ගැනද ජනාධිපති අපේක්ෂකයින් වන නාමල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන අය  අරගෙන ඇති විශාල ණය ප්‍රමාණය ගැන අනුගමනය කරන පිළිවෙත කුමක්දැයි විමසීය.

ඊට ඉතා සාමකාමීව පිළිතුරු දුන් රාජපක්ෂ මහතා කියා සිටියේ අරගලය අයත් වන්නේ තරුණයින්ට පමණක් නොව ඒ සඳහා වයස් භේදයකින් දෙකින් තොරව රටේ බොහෝ පිරිසක් එක්වු බවත් එමඅරගලය හොඳ බවත්ය.එහි අරමුණු  හොද වුවත් ඊට නායකයකු  නොමැති වීමෙන් එය අකාලයේ දියවි ගිය බවද සඳහන් කළේය

කෙසේ වෙතත් අරගලය නිසා රට දිනූ බවද දුෂ්ටපාලකයින් පලවා හැරීමට එය සමත් වූ බවද පැවසීය

තමා අධිකරණ ඇමතිව සිටියදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් බොහෝ පනත් හේතුවෙන් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද   හෙතෙම අවධාරණය  කළේය බොහෝ සිවිල් සමාජ පුරවැසියන් දැන්  ඒ අනුවවැඩ ආරම්භ කර ඇතැයිද කිය.මැතිවරණ සමයේ සිදුවන විවිධාකාරයේ  අල්ලස් දීම් හේතුවෙන්  ඇතැම් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ටවැඩ වැරදිය හැකි බවද  හෙතෙම පැවසීය.



අදහස් (6)

’’පාලකයෝ ජනතාව අසීරුවට පත් කරලා’’

wedage Thursday, 05 September 2024 04:11 PM

එතකොට ඔයා එහෙම කෙනෙක් නොවෙයිද? 

:       0       19

Roshan Thursday, 05 September 2024 04:47 PM

ඔයා වගේ දේශපාලන අවස්ථාවාදින් නිසා තමයි... එහෙම වෙලා තියෙන්නේ...!

:       0       20

ඉසංක Thursday, 05 September 2024 05:47 PM

ආ එහෙමද?

:       0       11

Dayasena Thursday, 05 September 2024 07:44 PM

ඇදුරුතුමා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා දීමට ඉල්ලා අස්වෙන තුරුම ඔහෙත් ඇමැති මණ්ඩලයේ හිටපු ප්‍රබලයෙක් නේද? ඉතින් ඔහොම උඩබලාගෙන කෙල ගහන්න එපා... වැටෙන්නේ ඔහේගේම මූණට මිස අපේ මූණට නොවෙයි කියලා තේරුම්ගන්න අමාරුද? මතක තියාගන්න මහත්තයෝ අනුන්ට එක ඇඟිල්ලක් දික්කරන විට හතරක් ඔහේගේ පැත්තට හැරෙනවා කියලා...!

:       0       0

Kazi Shajahan Friday, 06 September 2024 08:52 AM

විජයදාස ආණ්ඩුවෙන් අයින් උන දවසෙන් පස්සේ ඉඳලද ,ජනතාව අපහසුතාවට පත් උනේ ?ඊට කලින් නැද්ද ?

:       0       8

nisansala Friday, 06 September 2024 01:31 PM

විවෙච්නය කර හඩාවැලපීමෙන්, මඩ ගැසීමෙන් ඵලක් නැත. කුල්ල කුජීත වෙන්න බන්කොලොත් වුනේ.. මෙතුමා තක්කඩි දේශපාලනයේ කොටස්කරුවෙක්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site