(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කිරුළපන ප්‍රදේශයේ එක්තරා ආගමික සභාවක් යටතේ පාලන වන නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස් දෙනකුට වරින් වර ලිංගික අතවර කළේ යැයි කියන එම නේවාසිකාගාරය පාලන කළ පූජකවරයකු කිරුළපන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 වන වියේ පසුවන පූජකවරයෙකි.
මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකළ එකක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අවුරුදු 9 සිට අවුරුදු 17 දක්වා අතර වයසේ පසු වන දැරියන් පස් දෙනකු 2020 වසරේ සිට මේ දක්වා සැකකාර පූජකවරයා විසින් ලිංගික අතවරවලට ලක්කර ඇතැයි එම නිලධාරියා කීය.
එම දැරියන් පස්දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පූජකවරයා සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ආගමකම ඔහොම අය ඉන්නවා.
පූජකවරුන්, පාලකයන් සහ නඩුකාරඋන්නාන්සේ ලා විසින් විනාශ කල රටක්.
පන්සලක උනානම් නම් ගම් ඔක්කොමත් එක්ක ෆොටෝස් දානවා
වයසින් අඩු එක් වරදකට වසර 10 බැගින් වින්දිතයින්ට රුපියල් මිලියනය බැගින් ගෙවිය යුතුය ඒ වගේම උපරිම සිර දඬුවම්.
ඇයි අාගම මොකද පුජකයාගෙ නම මොකක්ද කියල කියන්න බරිද ශුවර් එකට බෞද්ධ පන්සලක් නෙමෙ වෙන්න අති එහෙම උනානම් පන්සලේ නමත් හාමුදුරුවන්ගෙ නමත් ලොකු අකුරෙන්න්නෙ.
මොකද්ද ආගම ?පූජකයාගෙයි නම ?පන්සලක උනානම් අම්මට සිරි වෙනවා මේ වෙනකොට .පල්ලියේ සල්ලි බලය