ඒකාබද්ධ විපක්ෂය පල් හොරුන් බේරා ගැනීමට පොල් ගෙඩි ලක්ෂයක් ගැසීමට උඩුගම වත්තකින් හොරෙන් පොල් කඩාගෙන අතැයි ද, ඔවුන්ගේ හොරකම් ගැන දෙවියන් පවා දන්නවා ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ගාල්ලේ දී ප්‍රකාශ කළේය.
පොල් හිඟ මේ කාලයේ පොල් ගෙඩියක් ගැනීමට වත්කමක් නැති දුප්පතුන්ට මේ පොල් ලබා දුන්නොත් හොඳයි යනුවෙන්ද බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පැවසුවේය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශක දිනේෂ් ගුණවර්ධන මහතා සීනිගම දේවාලය ලඟදී ප්‍රකාශ කළේ පැවසූයේ ආජපක්ෂ පවුල දඩයම් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග දෙවියන්ට කීම සඳහා මෙම පොල් ගැසීම සිදු කරන බවයි.
වීඩියෝ - රවීන්ද්‍ර ලියනගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලා වැඩක් නෑ.(හේ)
බයිලා කියන ඇමැතින්, වැඩ නොකරන මන්ත්‍රීන්, අපේ මුදලින්, පිටරට සවාරි ගොසින්. බඩු මිල ඉහල යයි මන්ත්‍රීන් සැප විඳියි.(හේ)
අනේ මෙහෙමත් මිත්‍යාවක්.(හේ)
අන්ධ භක්තික මුග්ධයෝ ඉන්නා රටක්. (බ)
හොරුන් බේරන්න හොරු හොර පොල් ගසති. (කෞ)
මේ යක්කුන්ට ඔල්මාදේ හැදිලා! ඉතින් දීපල්ලකෝ චන්ද! (කෞ)
රාජපක්ෂලගේ නඩුව අහන්නේ සීනිගම දෙවියෝ නෙමෙයි නේද? නරකද මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට පොල් ගැහුවා නම්?(කෞ)
දැන්වත් ඔබලාගේ මඩ ගැසීම නතර කරන්න පොල් ගහනවා (කෞ)
දිනේෂ් ගුණවර්ධන මහත්තය වගේ වැදගත් එක්කෙනෙක් වැටිලා ඉන්න තත්වය... කවද හරි දෙවියෝ ඔබ තුමාලට පොල් ගහයි පොල් හොරකම් කළාට ...(බ)
අවුරුද්දත් කිට්ටු කිට්ටු - පොකට් එකට තට්ටු තට්ටු (හේ)
සමහරු දෙවියන් ඉදිරියේත් රඟපානවා (නි)
ඉතින් පොල් ගහලද දෙවියන්ට කියන්න ඕනෑ? වෙන මාර්ගයක් නැද්ද? අපරාදේ! (නි)
කම්බා හොරු අද ආණ්ඩුවෙත් ඉන්නවා (නි)
ගුරුතුමාත් යන එකේ ගෝලයෝත් මේ විශ්වාස පසුපස නොගියොත් තමයි පුදුමේ. (නි)
කතාව නම් ඇත්ත...! බල්ලොත් එක්ක නිදාගත් මිනිහා දන්නවනේ මැක්කෝ ඇති වග ..! (බ)
කොහොම වුණත් මන්ත්‍රී බණ්ඩාරිගොඩ මහතා පිළිගන්නවා අද රටේ ජනතාව පොල් ගෙඩියක් ගන්න තරම්වත් වත්කමක් නැති තරමට දුප්පත් වෙලා කියලා. තමුන්නාන්සෙලා අල්ලපු හොරකමකුත් නැහැ රටට කරපු වැඩකුත් නැහැ. (නි)
බලාගෙන. වැරදි වැඩ කරලා නම් ආපහු වදිනවා ඔය ගහපු කට්ටියටම. (නි)
පව් අප්පා! දඟලන දැඟලිල්ලක්. හොරෙන් පොල් කඩලා දෙවියන් යදිනවා. (නි)
මේ සිද්ධියෙන්ම පේනවා මෙතන 1100 ම කොහොම අයද කියලා. අතට අහුවෙන කීය හරි හොරකම් කරනවා (නි)
මේ සිද්ධියෙන්ම පේනවා මෙතන 1100 ම හොරු කියලා, අතට අහුවෙන කීය හරි හොරකම් කරනවා ,, රුපියල් 100 වෙන්නත් පුළුවන් රුපියල් කෝටි 1000 වෙන්නත් පුළුවන් ,(හේ)
මහින්ද මහත්තයාගේ අඩිපාරේ යන ගෝලයෝ (හේ)