පන්නල පරගම්මන රක්ෂිතයෙන් දුර්ලභ හිකනළු දුටු බව ඩී ඇම් අනිල් දසනායක මහතා කියයි.
පොලොං හිකනලා යනුවෙන් සිංහල බසින් හැ`දින්වෙන සුදු කළු රේඛා සහිත හිකනලා ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ සත්ත්ව විශේෂයකි. වියළි කලාපයේ තුරු මත ජීවත්වන මේ හිකනලා සෙන්ටි මීටර අටක් පමණ දිගට වැඩෙන කුඩා සත්ත්ව විශේෂයකි.
ඩසියා හලියානස් ලෙස සත්ත්ව විද්‍යාත්මකව හ`දුන්වන මේ සත්ත්වයා නම්කැර ඇත්තේ මෙරට ප්‍රථම කෞතුකාගාර අධ්‍යක්ෂවරයා වූ ආචාර්ය අම්බ්‍රඩ් හේලි මහතා සිහිවීම පිණිසය.
පැරණි රුපියල් දෙකේ කොළයේ එක් පැත්තක් සැරසූ පොලොං හිකනලා ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්වයකු ලෙස හ`දුනාගෙන එම මුදල් නෝට්ටුවට ඇතුලත් කැර තිබුණ ද ඉන්දියාවේ ද මේ සත්ත්ව විශේෂය සිටින බව එරට විද්‍යාඥයෝ කීහ. ඉන් වසර ගණනාවකට පසු ඉන්දියාවේ සිටින එම සත්ත්වයා හා ශ්‍රී ලංකාවේ සිටින සත්ත්වයා පරීක්ෂාවට ලක්කළ සත්ත්ව විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවේ සිටින මේ හා සමාන වූ හිකනලාත් මෙරට පොලොං හිකනලාත් විශේෂ එකක් නොව දෙකක් බව තහවුරු කළහ.
කකුල් කොට හිකනලෙක් ද ශ්‍රී ලංකාවේ සිටී. ඒ හිකනලා හීරළුවා ලෙස හැඳිවෙයි. හිකනලා තෙත් හා වියළි කලාපයේ ජීවත්වන බව තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ උරග හා උභය විද්‍යාඥ සමීර කරුණාරත්න මහතා කියයි.
ඉන්දියාවේ සිටින සුදු පැහැති මුදු සහිත හිකනලා ඩසියා සබ්කේරුලියම් ලෙස නම් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින ඩසියා හලියානස් විශේෂය මෙරටට ආවේණික විශේෂයක් ලෙස යළි පිලිගැණිනි.
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පමණක් දැකිය හැකි මේ සත්ත්ව විශේෂය පල්ලෙගම, දඹුල්ල, පොළොන්නරුව, බකමූණ, අනුරාධපුරය, පලටුපාන හා යාපනය වැනි ප්‍රදේශවලින් වාර්තා වී ඇත.
බොහෝ කුලෑටි සත්ත්වයකු වන ‘පොළොං හිකනලා‘ තුරු මත වසන බැවින් දැකගැනීම අතිශය අසීරුයැයි පරිසරවේදීහු පවසති.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලොං හිකනලා නිකිනි වගේ
ජයා-පිටබැද්දර Thursday, 13 November 2014 12:31 PM
මේ සතාව නොපෙන්න කැලේට යන්න අැරියා නම් මෙයාව ආරක්ෂා කර ගන්න තිබුනා දැන් ඉතින් නම ගම ඔක්කොම තියෙන නිසා දඩයම පටන් ගනීවි මෙයාව පිට රටකට විකුණලා සල්ලි හොයන්න.(හේ)
රවි Friday, 14 November 2014 05:55 AM
වල්ල පට්ටා ,කිඹුල් හූනා ඉවර වුණා විතරයි .තව ඵකෙක් ඵළියට ආවා .මූත් ඉවරයි ???(දිල්)
විකි Thursday, 13 November 2014 03:04 PM
දැනගන්න ලැබුණු එක සතුටක් ඉන්නවා කියලා ... (හේ)
සඳුනි Thursday, 13 November 2014 03:53 PM
ජයා..නිවැරදියි.මෙවැනි සතුන් සිටිනා ඉසව් හෙලිකිරීම ඔවුන්ට මාරකයක් ලගා කිරීමක්.(අ)
දසුන් Friday, 14 November 2014 10:59 PM
මෙවන් සතුන් සංරක්ෂණය කිරීමට යම් වැඩපිළිවෙළක් අවශ්‍යයි නේද? (නි)
හුසේන් Friday, 14 November 2014 10:34 AM
ඔය වගේ විරල සත්තුන්ට වඩා සල්ලිවලට අපේ මිනිස්සු කෑදරයි.ඔය සතා පෙන්නුවට ලංකාදීපයට ස්තුතීයි. (හේ)
ටෙක්ලා Friday, 14 November 2014 03:09 AM
ස්වභාව ධර්මයේ හරිම සුන්දර නිර්මාණයක් (නි)