IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පෝල් වෝකර්ගේ මතකයත් සමග Fast and Furious 8 වැඩ අරඹයි

2016-08-19-ent-39

Fast and Furious යනු ලොව පුරා බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට මාලාවක්.

මීට වසර කිහිපයකට පෙර හදිසි අනතුරකින් මියගිය මෙම චිත්‍රපට මාලාවේ සුපිරි වීරයා වූ ‍ පෝල් වෝකර් නොමැතිවම එහි නවතම චිත්‍රපටය වන Fast and Furious 8 චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිට ආරම්භ වී හමාරයි.

මෙම චිත්‍රපටයේ පළමු වැනි දර්ශනය රූගත කිරීම කියුබාවේදී ආරම්භ වී තිබෙනවා.

චිත්‍රපටයට අදාළ සියලු දෙනා එම අවස්ථාවට සහභාගි වූ නමුත් පෝල් වෝකර්ගේ අඩුව කැපී පෙනෙන්නට වුණා. කෙසේ වෙතත් පෝල්ව අමතක නොකර වින් ඩීසල් ඇතුළු මේ කණ්ඩායම මීට පෙර සුපිරි වීරයා සිහිපත් කරමින් චිත්‍රපටයේ වැඩ ආරම්භ කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ මොහොත බොහෝ දෙනෙකුට ඉතා සංවේදී මොහොතක් වූ බවත් Fast and Furious 8 චිත්‍රපටයේ නිෂ්පාදනය හොඳින් ඉටු කිරීමෙන් පෝල් වෝකර්ද සතුටට පත් වේ යැයි සැනසුම් සුසුමක් හෙළමින් චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම පැවසූ බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.

 

2016-08-19-ent-38



අදහස් (0)

පෝල් වෝකර්ගේ මතකයත් සමග Fast and Furious 8 වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site