පිළියන්දල පෞද්ගලික බැංකුවක තමාගේ ගිණුමක් ඇති බවත් මසක් වැනි කෙටි කාලයක් තුළ එමගින් මිලියන ගණනින් ගනුදෙනු සිදුකළ බවත් වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු කීර්ති පද්මන් සූරසේන මහතා ඉදිරියේ දෙවැනි දිනටත් සාක්කි දෙමින් පිළිගත්තේය.
එතරම් මුදල් ලැබුණේ කෙසේදැයි අධිකරණයට කරුණු දැක්වූ වෙලේ සුදා කියා සිටියේ තමා සතුව ඇති පොල් ව්‍යාපාරයෙන් හා මුදල් පොළියට දීම මගින් ඒවා උපයාගත් බවයි. ඔහුගේ නඩුව වැඩිදුර විභාගය සිකුරාදාට (14) කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කාකි කොට් සින්දු තැටියක් විකුනලා කෝටි ගණනක් හෙව්වලු නේද ? (අ)
අපරාදේ අපි ඉගෙන ගන්න මහන්සි වුණේ. පොල් විකුණුවා නම් අද කොටිපතියෝ. (ම)
පොල් නෙවේ රවින්ද්‍ර විකුනන්න ඕන පොල් කුඩුනේ. (අ)
ඔව් අනේ ඒක තමයි මාත් කල්පනා කළේ අපේ දෙමාපියොත් අපිට මහා පොළව තඩි ගහමින් වගාවන් කරලා උගවන්න වියදම් කල මුදල් වලට පොල්ගෙඩි 1000ක් අරන් දැම්මා නම් අපිත් අද ලංකාවේ ඉදන් වෙලේ සුදාවගේ කොප්පරා ඇතුලට කුඩු දමල රට පටවනවනේ.එහෙනම් අපිත් කෝටිපතියෝ...? (අ)
වෙලේ සුදා කියන නම දැන් අහලම එපාවෙලා (නි)
මටත් හිතෙනවා පොල් බිස්නස් එකක් පටන්ගන්න (නි)
මම දන්නා පොල් මුදලාලි කෙනෙක් ඉන්නවා. හැබැයි එයාට වාහනේ ෆිනෑන්ස් එකවත් වෙලාවට ගෙවාගන්න බැහැ. (නි)