(පැතුම් දර්ශන සහ රෝහණ චන්ද්‍රදාස)
සිය කුඹුරේ පැල් රකිමින් සිටියදී වල් අලියකු පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ අඹුසැමි යුවළක් වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද(24) අළුයම මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසිය පවසයි.
කැබිතිගොල්ලෑව,සියඹලාගස්වැව ප්‍රදේශයේදී ඊයේ (23) මධ්‍යම රාත්‍රි දොලහට පමණ මෙම වල් අලි පහරදිම සිදුව ඇති අතර මියගොස් ඇත්තේ සියඹලාගස්වැව,තිත්තගෝණෑව ලිපිනයේ පදිංචි තෙට්ටුවාගේ තෙන්නකොන්(58) සහ ලේන්සුවාගේ නන්දාවති (58) යන දරුවන් දෙදෙනකු හිමි අඹුසැමි යුවළකි.
පොලිසිය පවසන්නේ මියගිය යුවළගේ නිවස පිටුපසට මීටර් සීයක් පමණ දුරින් පිහිටා තිබූ කුඹුරක අඩි 12 ක් පමණ උසට කණු සිටුවා සකසා තිබූ පැලක මොවුන් පැල් රකිමින් සිට ඇති බව ය. එහිදී මධ්‍යම රාත්‍රී 12ට පමණ එකවර ම තනි අලියකු මෙම පැලට කඩා වැදී ඇති බව පොලීසිය පවසයි.
අලියාගේ පහරදීමෙන් අඹුසැමි යුවළ ද සමඟ පැල සම්පූර්ණයෙන් බිමට කඩා වැටී ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය කියයි. පසුව ඥාතීන් විසින් සුවසැරිය ගිලන් රථය ගෙන්වාගෙන කැබිතිගොල්ලෑව රෝහලට තුවාලකරුවන් රැගෙන ගොස් තිබිණි. නමුත් තත්වය බරපතල නිසා ඔවුන් පසුව වව්නියාව මහ රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබුනද පොලීසිය පවසන්නේ එහිදී (24) අලුයම දෙකට පමණ ඔවුන් මියගොස් ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් ගොවීන්ගේ හේන්වලට පැමිණ ඔවුන්ට පහරදෙන වල් අලින්ට වෙඩි තියන්න ඇයි මෙතරම් මැලිවෙන්නේ? ඒ ඈත ගම්වල වෙසෙන මිනිසුන් දුප්පත් නිසාද?
අලින්ව බයකරන්න බල්ලෝ දානව කියලා කතාවක් මේදවස්වල පැතිරෙනවා නේද…
අලින්ට වෙඩි තියන එක විසඳුමක් නොවෙයි. අලින්ට වෙන අසාධාරණයක් ගැන පැමිණිලි කිරීමට එම සතුන්ට නොහැක. නමුත් මිනිසුන්ට එය පුළුවන්. අලින්ගේ ප්‍රදේශ වල පදින්චි උනාම ඇති වෙන ප්‍රශ්නයට වෙනත් විසඳුමක් ගෙන ඒම රජය කල යුතු දෙයක්.