හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඉදිරිපිට උපවාස කරන ගිහි සහ පැවිදි සිසුන්ගෙන් නම් කළ පස් දෙනකුට අද (26) අධිකරණයේ පෙනී සිටින්නැයි හෝමාගම මහේස්ත‍්‍රාත් වයි.ආර්.බී. නෙලූම්දෙනිය මහතා ඊයේ (25) නොතීසි නිකුත් කළේය.

විශ්වවිද්‍යාලය ඉදිරිපිට පෙරේදා (24) සිට සිසුන් සත්‍යග‍්‍රහ කිරීම නිසා මහජන සාමයට බාධා වන බවට හෝමාගම පොලිසිය මහේස්ත‍්‍රාත්වරයා හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 18 දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත් එම සිසුනට සය මාසික විභාගයට පෙනී සිටින ලෙසත් ඉල්ලමින් ඔවුහු සත්‍යග‍්‍රහය ඇරැඹූහ.