IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාලි බෞද්ධ සරසවියේ උපවාස කළ සිසුන් පහකට නොතීසි

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඉදිරිපිට උපවාස කරන ගිහි සහ පැවිදි සිසුන්ගෙන් නම් කළ පස් දෙනකුට අද (26) අධිකරණයේ පෙනී සිටින්නැයි හෝමාගම මහේස්ත‍්‍රාත් වයි.ආර්.බී. නෙලූම්දෙනිය මහතා ඊයේ (25) නොතීසි නිකුත් කළේය.

විශ්වවිද්‍යාලය ඉදිරිපිට පෙරේදා (24) සිට සිසුන් සත්‍යග‍්‍රහ කිරීම නිසා මහජන සාමයට බාධා වන බවට හෝමාගම පොලිසිය මහේස්ත‍්‍රාත්වරයා හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 18 දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත් එම සිසුනට සය මාසික විභාගයට පෙනී සිටින ලෙසත් ඉල්ලමින් ඔවුහු සත්‍යග‍්‍රහය ඇරැඹූහ.



අදහස් (0)

පාලි බෞද්ධ සරසවියේ උපවාස කළ සිසුන් පහකට නොතීසි

කුමාරිහාමි Thursday, 26 September 2013 03:40 PM

සුද්දට විරුද්ධව කැරලි ගහපු කාලේ හාමුදුරුවරු මේ කමෙන්ට්ස් වල කියන විදිහට සීලෙ විතරක් රැකගෙන හිටියේ නැහැ.අරගල කලා.අන්තිමේ දී සුද්දන්ගේ වෙඩි පහරින් අපවත් වුණා.මේ සිසු හාමුදුරුවරුන්ට හා ගිහි සිසුන්ට සත්‍යග්‍රහ කරන්න සාධාරණ හේතුවක් ඇති.අපි දන්නෙ එතන උපකුලපති හාමුදුරුවෝ දෙසා වදාරන දේ විතරනේ. (ස)

:       0       0

සෙනෙවි Thursday, 26 September 2013 04:12 PM

පංති තහනම වැරදි නිසා නේන්නම් සිසුන් උපවාස කරන්නෙ. (ස)

:       0       0

හේරත් Friday, 27 September 2013 12:48 AM

පන්සලේ ලොකු හාමුදුරුවන්ට විරුද්ධවද මේ උපහාසය කරන්නේ. හෙට අනිද්දා ගෙවල් වල කොල්ලෝ කෙල්ලෝ මේ ආදර්ශය ඔලුවට ගත්තම හැම තැනම උපවාස. මේ අය හදන්නේ ආගම වළදන්නද? (නි)

:       0       0

උපාලි Thursday, 26 September 2013 12:27 AM

ඒ කියන්නේ මේ පන්ති තහනම් වැරදියි කියලද? වෙන වචන වලින් කියනවා නම් ඕනෑම වැරදි වැඩකට ඉඩ දෙන්න ඕනෑ කියන එකයි. හැබැයි, ඇහුවොත් නම් කියයි අපි මේ නිදහස් අධ්‍යාපනේ බේරගන්නයි සටන් කරන්නේ කියලා. (නි)

:       0       0

හේරත් Thursday, 26 September 2013 04:28 AM

සත්‍යයග්‍රහ පෝලිමට යන්න කියන්න.ගම විතරක් නෙමෙයි, ලංකාවම වළඳනවා. (නි)

:       0       0

ඉන්ද්‍ර Thursday, 26 September 2013 05:38 AM

පින්වත් ස්වාමින්වහසේලා තථාගතයන් වහන්සේට අපහාස කරන්න එපා. ශාසනයට ඇතුළු වන්නේ තමනුත් සසරින් මිදිලා තවත් පිරිසකට මාර්ගය අවබෝධය පිණිසයි. ඔබ තමුන්නාන්සෙලා කරන වැඩවලින් , ශාසනය අතුරුදන් වෙනවා වැඩිකල් යන්න මත්තෙන් (නි)

:       0       0

මා.උපරතන හිමි - ඩෙන්මාර්ක් Thursday, 26 September 2013 12:58 PM

පාලි බෞද්ධ ආයතනය බිහිකළේ ඉතා වැදගත් පරමාර්ථ හා අරමුණු ඇතිව.හිමිවරුන් විදෙස රටවලට දායාද කිරීමත් අරමුණක්. පසුකාලය වනවිට මේ උතුම් ආයතනය වෙනත් සරසවි මට්ටමටම වැටුණා. ඒවායේ දුක්හිත ප්‍රතිපල තමාමේ. (දී)

:       0       0

ලලිත් Thursday, 26 September 2013 07:56 AM

ඔය කට්ටියගෙන් බණ අහලා දිව්‍යය ලෝකයේ යන්න පුළුවන් වෙයිද? (නි)

:       0       0

නිමල් Thursday, 26 September 2013 01:23 PM

හාමුදුරුවන්ට වෙනම ධර්ම ආයතන ඕනේ බව තමයි මේකෙන් කියන්නේ, (අ) .

:       0       0

ගමා Thursday, 26 September 2013 08:32 AM

අපේ රටේ තියෙන අසීමිත නිදහස නිසා හැමදාම හැම තැනම උද්ඝෝෂණ, පෙළපාලි. සමහරු ඒවාට සහභාගී වුණාට අරමුණ මොකක්ද කියලා දන්නෙත් නැහැ. රටේ විවිධ අංශ වල පිරිහීමට මෙවන් පිරිස් කෙලින්ම වග කිවයුතු නමුත්, සුරංගනා ලෝකවල ජීවත් වන බහුතරයක් මෙවැනි බහුබූත ක්‍රියා වලට එරෙහි නොවීම හේතුවෙන් අපට දුටු දුටු තැන පෙළපාලි සහ උද්ඝෝෂණ වලින් සශ්‍රීක රටක ජීවත් වෙන්න වෙලා තියෙනවා. (නි)

:       0       0

සෙනෙවි Thursday, 26 September 2013 10:15 AM

වීරවංශ විතරක් එක නීතියක් ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site