කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසිරුවන ලෙස දෙවොල් දෙවියන්ට කන්නලව් කරීම සඳහා හික්කඩුව සීනිගම දේවාලයේ පොල් ගැසීමට උඩුගම රජයේ ඉඩමකින් හොරෙන් පොල් ගෙඩි 700ක් කැඩීයැයි කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බව පොලිසිය කියයි.
කැඩූ පොල් ගෙඩි ට්‍රැක්ටරයකින් ගෙන ගිය බවට හා ඊට දේශපාලනඥයකු සම්බන්ධ බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.
නාගොඩ ග්‍රාම නිලධාරී සහ එජාප හිටපු ආසන සංවිධායක ආනන්ද ලැනරෝල් මහතා මේ පැමිණිල්ල කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ කල්ලියට පුරුද්ද අත්හරින්න බැරි වගේ! (බ)
පරණ පුරුදු අතාරින්න බෑ නේ ? ඕක හින්ද තමයි මේ පොලිසිය ගෙදර යවන්න දගලන්නේ. (අ)
දීප්ති, ඔයා කියවපු පුස්කොල පොතේ තිබෙන විදියට පොල් ගහන්න ඕනෑ නම්, අපේ රටේ එක් කෙනෙක්වත් පොල් ගහලා දෙවියන්ගෙන් පිහිට යදින්නේවත්, රජයකට එරෙහිව පළි ගහන්නේවත් නැහැ. (නි)
පැරණි පුස්කොල පොතක තිබුනලු පොල් ගැසීමෙන් සාර්ථක ප්‍රතිපල ලබන්න හත් වරක් හෝ අට වරක් පොල් ගහන්න ඕන කියා .හත් වෙනි වරටත් තමන් බලාපොරොත්තුවූ ප්‍රතිපල නොලැබුනොත් අට වෙනිවරට කන්න්‍යවියන් පන්සියක් දේවාල භූමියට කැදවා ඔවුන් ඉදිරිපිට තමන්ගේ නළලේ පොල්ගෙඩිය ගසාගත යුතුයකියා පොල්ගෙඩිය බිදෙන තුරු.සාර්ථකව තමන් බලාපොරොතු වුන ප්‍රතිපල ලැබෙනවලු පොල් ගැසීම මසකට වරක් බැගින් කලයුතුලු. (අ)
හොරුන් බේරගන්න හොරෙන් පොල්කඩපු අයට හෙනගේහුවත් මදිනේ (අ)
මහා කකුළුවාගෙන් වගේ ආදර්ශය අරන් තියන්නේ(අ)
අනේ අම්මපා මෙහෙමත් මඩ ගැහිල්ලක් (අ)
ඉතින් ඔය කට්ටියටද ආයෙත් රට බාරදෙන්න කියන්නේ. (නි)
හොරු පොල් ගගහ කියනවා හොරු ගැන හොයන්න එපා කියලා. (හේ)
ගෙඩි 700 කියලා ගන්නත් දන්නවා. ඒ කොහොමද? ඇයි ඉතින් ට්‍රැක්ටරේ අල්ල ගත්තේ නැත්තේ. තාම ඒක අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි. ඉගිලිලා ගිහිල්ලද.(හේ)
පොල් ගහන්න බැරිවෙන්න දේවාල ටික කාලෙකට වහලා දැම්මොත් නරකද? (නි)
හොරුන්ගෙත් හොරු . කම්ම්බා හොරු.(හේ)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
දැනට ලැබී තියෙන ආරංචි අනුව කෝටි ගණන් මහා පරිමාණයෙන් පිල්ලි ගැහුවයි කියන හොරු රංචු අල්ලන්න පිහිටවපු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසුරුවන්න කියා පොල් ගසා දෙවියන්ට කන්නලවු කරන එක තමා 2016 වසරේ දැනට තිබෙන ලොකුම විහිලුව හැටිය වාර්තා පොත් වලට ඇතුලත් විය යුත්තේ.(හේ)
දහම්ගේ අදහසට එකගයි., අරන් යද්දීම අල්ල ගන්නනේ තිබුනේ අලි බොරුවක් වගේ (අ)
රාජපක්‍ෂ සරණං ගච්චාමි යන හැම කෙනාගේම හැටි ඔහොම තමයි.(අ)
අනේ දෙවියනි...!දෙවියන්වත් රවට්ටන්න හිතන මිනිසුන්...? (ම)
මේකට කියන්නේ හොර පොල් ගැසීම කියලා (නි)
දෙවියෝ බලා ගනිත්වා , දෙවියන්ගේ පින් පෙට්ටියටත් විදින හොරු ඉන්න රටේ මොන පොල් ගැහිලිද , වරදක් කරල නැත්නම් බය වෙන්න දෙයක් නැහැ (කෞ)
පොලිසියක් එපා කියලා පොල් ගහන්නේ හොරුයි. දෙවියන්ටද හොර කරන මොවුන්, මොවුන්ට යහපතක් උදා කර දෙන්න කියා දෙවියන්ටම කන්නලව්ද කරයි. දෙවියන් වුනත් දන්නවා හොරාට කල හැකි ලොකුම උපකාරය වැලිකඩ පැත්තේ යවලා පුනරුත්තාපනය කිරීම බව.(කෞ)
පොල් හොරෙන් කඩපු උන්ට දෙවියොම දඩුවම දෙවි .(කෞ)
බොරු කතා ගොතනවා ඇරෙන්න රජයට වෙන වැඩක් නැහැ වගේ. බයිලා අහල එපා වෙලා. කවුරුවත් පොල් ගැහුවා කියල ආණ්ඩුව බයේ දඟලනවා.(කෞ)
මෙන්න නියම විහිළු කතා . (ම)
මේවා මඩ ගැසීම් ආණ්ඩුව ගෙදර යන්නම පොල් ගහන්න ඕන (හේ)
ඔව් ඉතින් නැත්තම් මේ අයම සල්ලි දිලා පොල් ගනීද?(හේ)
අනේ මෙහෙමත් ලැජ්ජා නැති වැඩ! (නි)
ඔව් සුදේශ් , ගිය ආණ්ඩුවේ ඉන්නකොට හොර කම් කරපු ගතිය තාම ගිහින් නැහැ (කෞ)
විස විසෙන්ම නසනවා වගේ කියල හිතුවද දන්නේ නැහැ මේකත් , හොර කම හොරකමකින්ම වහන්න හදල තියෙන්නේ , දෙවොල් දෙවියොම මේවා බලා ගන්න ඕන ඉතින් (කෞ)
හොරකම් කරපුවා අල්ලනවට විරුද්ධව ගහන පොලුත් හොරකම් කරන මුන් කමයි කම්බ හොරු.(කෞ)
ඔව් ඔව් මාධවී කියන විදිහට කරමු (නි)
නියමයි අනේ (නි)
මොවුන්ට එලොව පොල් පෙන්වන්න ඕනෑ (නි)
දෙවියන් ඉදිරියේද හොරු සමග හෙළුවෙන්. (නි)
ජන්මයට වැඩිය පුරුද්ද ලොකුයිනේ (නි)
බොරු පැමිණිලි වලින් හැමදාම මිනිස්සු රැවටෙන්නේ නැහැ. 2020 මැතිවරණයේදී ඒ බව කාටත් බලාගන්න පුළුවනි. (නි)
මේක තනිකරම දේශපාලන මඩ ගැහිල්ලක් සඳහා කරපු බොරු පැමිණිල්ලක් බවයි පෙන්නේ. (හේ)
මහින්ද මහත්තයගෙ ගෝලයෝ දෙවියන් ළඟ පොල් ගහන්නත් හොරෙන් පොල් කඩන එකේ ඒ කාලෙ කොහොම කරන්න ඇද්ද? (නි)
හොරෙන් හරි කමක් නැහැ පොල් ටිකක් කඩාගෙන ඒවා ගහලා මේ කට්ටියට තියෙන හිස රදේ දෙවියන්ට කියන එක. නැතිනම් ඉතින් කරපු දේවල් හැටියට මොන ජංජාලයක් වෙන්න තියෙනවද කියලා දන්නේ නැහැනේ. අනෙක පොලුත් දැන් ගණන් නේ. ඔය දෙවියෝ දන්නේ නැහැනේ ඕව කඩෙන් ගත්තද නැතිනම් හොරෙන් කඩුවද කියලා. (හේ)