මනම්පිටිය ගඟේ දේවාලයේ පොල් ගැසීමට ගිය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පිරිසක් හා සන්ධානයේ උතුරුමැද පළාත් සභා දේශපාලනඥයින් දෙදෙනකුගේ අධාරකරුවන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් පොළොන්නරුවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කීර්ති විජේසිංහ හා සමස්ත ලංකා ගොවි සංවිධාන සභාපති දිනේෂ් මඩවල ද ඇතුළු පිරිසක් තුවාල ලදහ.
උතුරු මැද නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහද රෝහල්ගත් වී සිටී.
දෙපිරිස පොලු වලින් ගසා ගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගෙන් රටට වැඩක් වෙයිද.දැම්ම මරාගන්න හදවා.ඉන්න තැන අමතකවී මෙයාලා ගහ ගන්නවා.ඔකද දෙන අදර්සේ දෙශපලුවෝ රටේ ජනතාවට.ජනතාවට සේවය තියා.මුලික හැදියාවවත් මෙයාලට නෑ.රටේ විනාශේ තමා. (අ)
මේ අයගෙන් රටට වැඩක් වෙයිද.දැම්ම මරාගන්න හදවා.ඉන්න තැන අමතකවී මෙයාලා ගහ ගන්නවා.(දිල්)
අනේ ඔය ගහන්න ගෙනාව පොල් ටික දුප්පත් මිනිසුන්ට බෙදා දුන්න නම් පොල් සම්බෝලයක් එක්ක හරි ඒ මිනිස්සු වේලක් කනවා.(දිල්)
ඔන්න අපේ ප්‍රජාතන්තරේ ! නිදහස් මත දැරීම තමා විසින්ම වල කපා ගැනීමක් (අ)
ගුණදර්ම දන්නේ නැති මිනිස්සු (අ)
අසෝකා, දැන් කියන්නේ මිනිස්සුන්ට පොල් ගෙඩියක්වත් ගන්න සල්ලි නෑ කියල නේ (දිල්)
ඒ කියන්නේ ගෙඩි පොලුයි, රිටි පොලුයි දෙවර්ගයම මේ දෙගොල්ල කල්තියාම ගෙනැල්ලා වගේ නේ. (දිල්)
ඔය ගහන පොල් එකතුකරලා කොප්පරා කරනවා. කරන්නේ දුප්පතුන්ද සල්ලිකාරයෝ ද කියල දන්නේ නැහැ . සිරිපාදේ නායක හාමුදුරුවෝ තෝරන්න ඡන්දෙ තිබ්බ හැටි මතකයි නේ.(නදී)
මේගොල්ලෝ හැමදාම පොල් ගහනවා (දිල්)
පොල් ගෙඩියක් ගන්න නැති මිස්සු ඕනේ තරම් අපේ ලංකාවේ ඉන්නවා! ඔය කොලඹින් බැහැරට ගිහින් බලන්නකෝ. ඔයා දන්නේ නැත්නම් මම ඔයාව අරගෙන යන්නම් දවසට එක වේලක්වත් හරියට කන්න නැති මිනිසුන්ව පෙන්වන්න.(නදී)
බස්නාහිර දකුණ ඡන්ද වැඩ තිබියදී ,උවමනා නැති වැඩකට ගිහින් නේ ..අනාගෙන තියෙන්නේ.(නදී)
එකෙක් පොල් ගාති. තව එකෙක් කිරි මිරිකා ගනිති.(නදී)
මේ සිද්ධියෙන්ම තේරුම් ගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂයේ අපේක්ෂකයින්ගේ ඡන්ද ප්‍රතිපලවල ට කුමක් වෙයිද කියලා. මේවා පොල්ගහල විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි කියල දෙපාර්ශයම තේරුම් ගන්න එක හොඳයි.(නදී)
අපොයි! ලෝකයේ බලවත්ම සහ දරුණුතම ත්‍රස්ත වාදය මෙල්ල කල ....සරත් ෆොන්සේකා , දැන් කජු කිරි කොල්ලන්ගේනුත් ගුටි කනවා නොදන්නා දේශපාලනයකට ඇවිත්.(නදී)
පූජනීය ස්තානයක හැසිරෙන්නවත් දන්නේ නැති අය දේශපාලනය කරන්නේ කෙසේද ? (නදී)
මේ වගේ මිනිස්සුන්ව පන්නලම දාන්න රටට ආදරේ නම්. (නදී)
ෆොන්සේකා නෝනා පොල්ගහන පින්තුරයක් ලංකාදීපේ තිබ්බා. බලන්නත් බයයි මූණවල් දිහා. මේක අපේ සිරිතක් නෙමේ නේද?(නදී)
දෙපිරිසක් ගහ ගන්න බවක් නම් පේන්න නෑ. එක් පිරිසක් අනෙක් පිරිසට ගහන බව නම් පෙනෙනවා. (අ)
පොල් ගහල, කුණු හරුප කියල, අහගෙන ඉන්න බැරි වචන වලින් මිනිස්සුන්ට බනින උන් බලයට ආවම රටට මොනවා වෙයිද? (අ)
කොහොමද ඡන්ඩි ටික.හදුනාගන්න පුළුවන් නේද. (අ)
සන්ධානේ උදවිය පොලු වලින් ගහන්න හරි දක්ෂයි , බොරු සාක්ෂි කියන්න , පොලිසියට ඔත්තු සපයන්න දාල ඉන්න සිවිල් ආරක්ෂක කමිටු වල ඉන්නේ සන්ධානේ හොඳම හොරු , උන්ට තමා පොලු වලින් ගහන්න බාරදීලා තියෙන්නේ (අ)
පුදුම වෙන්න දෙයක් නෑ.මේ ගොල්ල දේශපාලඥයෝනේ.මොලේ තියෙන්නේ ඔළුවේ නෙවෙයි වෙන තැනක.ඒකයි මේ හැම ප්‍රශ්නක්ම.(අ)
දැන් තීරණය කරන්න කාටද ඡන්දය දෙන්නේ කියලා (දිල්)
අරම්භයම හොඳ නැහැ (අ)