කොළඹ පුරහල ප්‍රදේශයේ නීතිවිරෝධී සූදු පිටියක් වැටලූ පොලිසිය කාන්තාවක් ඇතුළු 34 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට පත්වූවන්ගෙන් හත් දෙනෙක් එහි සේවකයෝය.

මෙම සූදු පොළ මීට පෙර අවස්ථා කිහිපයක දී වැටළු අතර එක් අවස්ථාවක දී මෙය වැටලීමෙන් පසු කොළඹ සංවිධානාත්කම අපරාධ විමර්ශන අංශය විසුරුවා හැරි බවට ද චෝදනා එල්ල විය.

ඉන් අනතුරු මෙම සූදු පිටිය පවත්වාගෙන යනවාදැයි නිරීක්ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවනු ලැබීය.