මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලික කර ගනිමින් අඟහරුවාදා (15) පැවති විරෝධතා පාගමනට පොලිස් ප්‍රහාර එල්ල කිරීම තරයේ හෙළා දකින බවත් සිසු ගැටලුවලට නිසි විසඳුම් දී මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එන් .එස් .බි .එම් ආයතනය ඇතුළු පෞද්ගලික ආයතන මගින් උපාධි විකිනීමට එරෙහිව දිගින් දිගටම විරෝධතා කරන බවය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අද (16 ) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දරුවන්ට කිසිම අනාගතයක් නැහැ. වෙන ඉතින් මොනවා කියන්නද අපි? (නි)
නයන, ඔව් ඔයාලගේ ආණ්ඩුව හරි දක්ෂයි ගහන්න ජනතාවට. බඩට ගහනවා, හැමතැනටම ගහනවා. නයන, ඔයා විශ්ව විද්‍යාලයක් ළඟට වැස්සකටවත් ගිහිල්ලම නැද්ද? නිකන් ඇහුවේ (නි)
සහෝදරවරුනි, අනුන් කිව්ව පළියට අරගල කරන්න යන්න එපා. තමන්ටත් මොළයක් කියලා එකක් තියෙනවානේ. පොඩ්ඩක් හිතලා බලන්න තමන් කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා. (නි)
උපාලි හරියටම හරි. මමත් ඔබට එකඟයි (නි)
නුඹලා ඊළඟට ගුටිකන්නෙ සාමාන්‍ය මිනිස්සු වෙන අපෙන්. (නි)
කොහොමටවත් පෞද්ගලික ආයතන මගින් උපාධි විකිනීම අනුමත කරන්න පුළුවන් කමක් නැහැ . නිදහස් අධ්‍යාපනය සුරකිය යුතුමයි. ඊට ජාති ආගම බෙද නැහැනේ. (ර)
ඔයාලා පොලිසිය නෙමෙයිනේ. හැබැයි ළඟදීම කනවා මහජනතාවගෙන්. (නි)
මේ මල්ලිලට ගහන්නේ අනුර කුමාරලගේ ආශිර්වාදයෙන්. දැන් මෙයාල ඉන්නේ කුමාර මහත්තයත් එක්ක්කයි. (බ)
මගේ කෙනෙකුත් හෙට අනිද්දා කැළනි සරසවියට යන්න ඉන්නේ නවක වදය ගෑහෑනු ලමයෙකුට සිහිනෑති වෙන්න දීලා තියෙනවා පෙරටුගාමී යක්කු මගේ එකාට ඔහොම කළොත් බාවනවා තොපිව මමත් කැලනියේ (බ)
මමත් ඉගෙන ගත්තේ උපාදි කඩයක , එත් මම ගවර්න්මෙන්ට් ධිග්රී එක ගත්ත අයට වඩා පෙර්ෆොර්ම් කරනවා, ඊරිසියා නොකර ඔයගොල්ලත් මේ තරගයට එන්න. (ර)
මෙයාලා හරි ඉරිසියයි හොද පවුල් වල ළමයි ඉහළ යනවට. (බ)
ගණන් ගන්න එපා මල්ලි ඔයාලට්ටත් අපමණ අගයක් දැනෙනවා ඇතිනේ. (බ)
ඔයගොල්ලන් මේක සාමකාමී වුනාට අපට නම් එහෙම නැහැ. අපිට වෙලාවට ගෙදර යන්න නැහැ. පාර හැම තැනම හිරවෙලා. ඔයගොල්ල කරන දෙයෙක් කොළඹින් ඈතට ගිහිල්ල කරනවද? ඔගොලන්ගේ කරන දේවල් හින්ඳ කොළඹ වැඩ කරන අය තමා දුක්විදින්නේ...(බ)
නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ උගන්නන අධ්‍යාපනය නොවේ. හණමිටි පසෙකලා නවීන ලෝකයට ගැලපෙන ලෙස ඉගෙන ගන්න ඉඩ දෙන්න (බ)
මෝඩයන්ට උපාධි ගන්න තව තව පෞද්ගලික විශ්ව විද්‍යාල අරඹන්න (බ)
කුමාරි, පෞද්ගලික විශ්ව විද්‍යාලවලට යන්නේ කවුද? වසරකට 125,000 ක් උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබනවා. ගන්නේ 40000 යි. අනික් කට්ටිය ගෙදරට වෙලා ඉන්නද කියන්නේ? කොහොම හරි බැංකුණය අරගෙන හෝ ඉගෙන ගන්න එක වැරදියි කියලද කියන්නේ? ඒක උපාධිය සල්ලිවලට ගැනීමක්ද? සල්ලි තියෙන අය පිරටවලට යනවා. මේ ඉන්නේ එහෙම බැරි අය. නිකම්ම ගිරවු වගේ කියවන්නේ නැතුව ටිකක් යථාර්ථය තේරුම් ගන්න උතසාහ කළා නම් නරකද? (බ)
පුද්ගලික ආයතන වල ඉගෙනගන්න යන්නෙ ධනපතියන්ගේ ළමයි කියන එක හරිම මෝඩ තර්කයක්. වියදම් කරන්න පුළුවන්කම තියෙන අය ළමයි පිටරට අරිනවා මිසක් ලංකාවෙ ආයතන වලට යවන්නෙ නැහැ. ඒවට යන්නෙ කීයක් වියදම් කරලා හරි ගොඩයන්න ඕනෑ කියලා හිතන මැද පන්තියේ අය. එහෙම අයගෙ අධ්‍යාපන අයිතිය නැති කරන්න හදන මේ උත්සාහය හරිම නීචයි. (නි)
උපාලි, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යනු ඇඳන් 1002 සමන්විත රෝහලක්. එය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පමණක්ම නොවෙයි. වගකීමක් නැති ලෙස මුදලට වෛද්‍යවරු බිහිකිරීම ඉතාම භයානක තත්වයක්. මුදලට වෛද්‍ය සේවය ලබාගැනීම හා මුදලට වෛද්‍යවරු බිකිරිම අතර ඇති වෙනස හා භයානකකම වටහාගන්න (නි)
මෙයාලට විශ්ව විද්‍යාල ඕනෑ නැහැ. යන්න කියන්න තියෙන්නේ වන්නියේ කුඹුරු කොටන්න. (නි)
ජයන්ත නම් වැස්සට විශ්ව විද්‍යාලයකට ගිය බව කතාවෙන් පෙනෙනවා. තවත් ජයන්තලා මේ රන් දෙරණේ නොඉපදේවා කියා ප්‍රාර්ථනා කරනවා.මොකද අපි ලෝකයත් සමඟ ලෝකයේ දැනුම බෙදාගෙන ඉදිරියට යායුතුයි. එසේනම් තව තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිකළ යුතුයි. කුමාරිගේ කතාව ළිඳේ සිටින ගෙම්බෙකු කළ කතාවක් හා සමාන නිසා ඇයගේ දරුවන්ටද සුබ අනාගතයක් පතනවා! (නි)
මම උපාලිගේ කතාව සම්පූර්ණයෙන් අනුමත කරනවා. මේක දූපත් මානසිකත්වය. ඒ ළමයින්ගේ අධ්‍යාපනය නැතිකරන්න මොවුන්ට තිබෙන අයිතිය මොකද්ද? එ්ක සාධාරණද? (නි)
රන්ජිත්, ඔබේ අදහස අනුව වැඩි ලකුණු ලබාගෙන විශ්ව විද්‍යාල ඇතුළට ගිහින් ඉන්නේ නරක පවුල්වල ළමයි සහ අඩු ලකුණු වලින් එළියට වෙලා ඉන්නේ හොඳ පවුල්වල ළමයින්ය. (නි)
අනේ මොකටද තවත් කතා? (නි)
රටේ අනාගතයට අහිතකර මෙවැනි පාපතර ශිෂ්‍යන් උල තැබිය යුතුය .මෙයාල එක්ක ඇති ජනමාධ්‍ය හමු කුමකටද ?මෙයාලා කව්ද ? මේගොල්ල රටට බරක් , පිනට කකා රටේ සංවර්ධනයට බාධා කරන , අනාගත පරපුර අතරමං කරන ජාති ද්‍රෝහ්යෝ (බ)
අධ්‍යාපනය නොමිලේ ලැබෙන්නේ නැහැ. රාජ්‍ය විශ්ව විද්‍යාල වල ලමයිට යන වියදම රජයෙන් දරනවා. පුද්ගලිකව ඉගෙන ගන්න ළමයි ඒගොල්ලන්ගේ වියදම් දරන ගමන්ම රාජ්‍ය විශ්ව විද්‍යාල වල ළමයින්ගේ වියදමටත් දායක වෙනවා අනෙක් පුරවැසියන් වගේම.(බ)
මෙයාලට තියෙන්නේ කුහකකම. තව එකෙක් ඉගෙනගන්න එකට ඊර්ෂ්‍යාව (නි)
රුවන් හැර අනෙක් කිසි කෙනෙක් උසස්පෙළ සරසවි වරම් ලබල නැහැ .ඒ කාලේ පන්තියේ මහන්සිවෙලා වැඩ කළානම්, ඔයාලටත් රජයේ සරසවි වලට ඇතුල්වෙන්න තිබුනනේ.ඔයාල ලංකාවේ ඉන්න මීටර් කාරයන්ට ඊර්ෂ්‍යා කරන්න එපා.ඒ අය කියන දේ සාධාරනයි. හරි පාරෙන් එන්න. (බ)
රටේ හැම දරුවෙකුටම ඉගෙනගන්න අවස්ථාව දෙන්න වෙනවා. රජයේ හෝ පෞද්ගලික හෝ වේවා. යම් පිරිසකට රටේ අධ්‍යාපනය වෙන්කරලා කොටු කරලා දෙන්න බැහැ. පෞද්ගලික විශ්වා විද්‍යාල රට තුළ ගොඩනැගිය යුතුයි (නි)
බලා ඉන්න. මේ රජයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල ගොඩනඟනවා. ලෝකෙත් එක්ක යන්න ඔය හිතන ක්‍රමයට බැහැ (නි)
මේ අය කියන දේවල් අහන්නවත් මට ආසාවක් නැත. (නි)
එතකොට ලෝකේ ඔක්කොම වෛද්‍යවරු බිහිකරන්නේ ආණ්ඩුවේ ඒවාද? මේ යන්තන් ලකුණු මදි කට්ටිය. (නි)
නිදහස් අධ්‍යාපනයවත් හරිහැටි යොදාගන්න තේරෙන්නේ නැති හැටි? (නි)
කුමාරි, එතකොට රජයේ විශ්ව විද්‍යාල වලට යන්න බැරිවුණ අය මොකද කරන්නේ? රටේ තියන ආර්ථික තත්වයත් එක්ක රජයට කොහොමත් පුළුවන්කමක් නැහැ සියලු විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන අයට ඇතුළත් වෙන්න තරම් රාජ්‍ය විශ්ව විද්‍යාල වල ධාරිතාවය වැඩිකරන්න. අනික ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල ධාරිතාවය වැඩි කරන්න කලින් ඒවගේ පහසුකම් දියුණු කරන්න වෙනවා. (නි)
මෙ අය තමයි අධ්‍යාපනයේ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ලබන අය. කරුණාකරලා රටේ බදුගෙවන්නන්ගේ මුදල් නාස්තිනොකර විශ්ව විද්‍යාල වලින් ඉවත්වෙලා කරන උපවාසයක් ගෝල්ෆේස් එකට වෙලා කරගන්න. එතකොට මිනිස්සුන්ගෙ එදිනෙදා වැඩ වලට ලොකු කරදරයක් වෙන එකක් නැහැ. පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් පිටවෙන අයත් එක්ක මෙයාලට හැරෙන්නවත් බැහැ. එයාලගෙ උපාධි පාඨමාලා අද යුගයට ගැළපෙන විදිහට හදලා තියෙන්නෙ. (නි)
මෙයාලට ඔක්කොමත් නිකන් ඕනෑ, ආණ්ඩුව එයාලා කියන විදියට වැඩ කරන්නත් ඕනෑ. ආණ්ඩුවට බැහැ එහෙම නැත්තම් මේ රටේ බදු ගෙවන ජනතාවට බැහැ මේ රටේ හැම දෙනාටම උසස් අධ්‍යාපනය දෙන්න නිකන්. ආයෝජනය කරන්න සීමාවන් තිබෙනවා. ඒ අනුව පෞද්ගලික ආයතන ඇතිවන්න ඉඩදෙන්න ඕනෑ. (නි)
තමන්ගේ අධ්‍යාපනය ගැන අවධානය යොමු කරලා කටයුතු කරන්න.සුළු පිරිසකගේ අවශ්‍යතාවන් වලට බහුතරයක් සිසුන්ගේ ජිවිත බිල්ලට දෙන්න එපා.අධ්‍යාපනය හැමෝගෙම අයිතියක් .පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙනීම සදහා යොමු වෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉඩකඩ සිමා සහිත නිසා.පටු දේශපාලන වාසි තකා කාගෙවත් අධ්‍යාපන අයිතිය නැති කරන්න දගලන්න එපා.(බ)
කුමාරි, සල්ලි ගෙවලා ඉගෙනගත්තත් නොමිලේ ඉගෙනගත්තත් ඒ ශිෂ්‍යයින් පෙනී ඉන්නේ එකම විභාගයට නේද? වෛද්‍යවරයෙක් වෙන්න සුදුසුද නැද්ද කියලා තීරණය වෙන්නේ එතනදි මිසක සල්ලි ගෙව්වද නැද්ද කියන කාරණය මත නෙමෙයි නේද? (නි)
ඉල්ලගෙන නේද කෑවේ. දැන් ඉතින් ඔහොම කාගෙන කාගෙන කාගෙන යමු. ඉඟුරු දීල මිරිස් ගත්ත හරක් පැටව් (අ)
තමුසෙලට පුලුවන්ද අපේ ආණ්ඩුව පෙරලන්න? නිකම් ගුටි නොකා, තමුසෙලාගෙ අම්මල දෙන දෙයක් කාල ඉන්නවල (අ)