ව්‍යාජ බලපත්‍ර ඇතිව හෝ නැතිව හෝ අලි පැටවුන් ළඟ තබා ගත් හිමිවරුන් සම්බන්ධව නිතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන අධිකරණ අමාත්‍ය හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සමඟ සාකච්ජාවක් කළ බව තිරසාර සංවර්ධන හා වනජිවි ඇමැති ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසිය.
එම හිමිවරුන්ගේ තරාතිරම නොබලා අලි පැටවුන් වනජිවී භාරයට ගත් බවත් තවත් එවැනි අලින් සිටියහොත් ඔවුන්ගේ ද තරාතිරම නොබලා අත් අඩංගුවට ගැනීමට පසු බට නොවන බවත් වරදකරුවන් පිළිබඳ තීරණ ගැනීම අධිකරණයේ සතු බවත් ඔහු පැවැසිය.
අධිකරණ ඇමැති හා අධිකරණ ලේකම් සමග සාකච්ජා කළ කාරණා සම්බන්ධවද තමාට කරුණූ කිසිවක් සඳහන් කිරිමට නොහැකි බවත් ගන්නා තීරණ සම්බන්ධව ඒ සදහා කමිටුවක් පත්කර ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා ඇමැති මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර පෙරහර සදහා පින්නවල අලින් 10 දෙනෙකු පුහුණු කර අඩු ආදායම් හා සෙසු ආගමික ස්ථාන වල ආගමික කටයුතු සඳහා, ගමන් වියදම් පමණක් අයකර අලින් ලබා දීමේ වැඩ පිළීවෙළක් ආරම්භ කරන බවත් අත් අඩංගුවට ගන්නා අලීන් සුදුසු ස්ථාන හා ආගමික ස්ථාන නඩත්තු කරමින් හා පුද්ගලයින් හට වාර්ෂික බලපත්‍රයක් මගින් ලබාදිමේ ක්‍රමයක් ඇති කරන බවත් ඇමැති කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරහර පැවැත්වීමට අලි ඇතුන් අවශ්‍යයි කරුණාකර ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්න (බ)
අසරණ තිරිසන් සත්වයන් යොදා ගනිමින් බුදු පුද ,උපහාර කිරීම් බුදු දහමේ පිළිකෙව් කෙරුණක්.මේ සඳහා තෘණ බුදින අහිංසක තිරිසන් සතුන් වද බන්ධනයනයන්ට ලක් කර පුහුණුව ලබාදීම සිදුවෙනවා .එය උත්තරීතරවූ බුද්ධ දේශනාවට එකඟද ..? යනුවෙන් ඔය ගෝත්‍රික අදහස් ඇති " පන්සිල් පද පහ " වත් නොරකින බඩජාරී දුසිල් මහණුන් හා මිත්‍යා දෘශ්ටික දෙවාල පුල්ලියන්ගෙන් තේරුම් ගන්නේ කවදාද ..? (බ)
පෙරහර කියන්නේ ශ්‍රී ලාංකික අපගේ සංකෘතික අංගයක්. එහි ගමන් ගන්නා අලි ඇතුන් පුණ්‍යවන්ත සතුන් (නි)