
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර වීදි සංචාරය කෙරෙමින් තිබියදී ඒ අසල අවන්හලක් තුළ බීර කෑන් අලෙවිකරමින් සිටි ව්‍යාපාරිකයකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය හේතුවෙන් මහනුවර නගර සීමාවේ මත්පැන් හල් සහ මස් අලවිසල් අගෝස්තු මස 20 වැනි දින දක්වා වසා දැමීමට තීරණය කොට ඇති අතර එසේ තිබියදී අදාල අවන්හලේ දේශීය සහ විදේශීය පුද්ගලයන්ට බීරකෑන් අලෙවි කරමින් සිටි බවයි පොලිසිය පවසයි.
එම අවන්හල රාත්‍රීයේ පොලිසිය වටලන අවස්ථාවේදී බීරකෑන් දොළහක් එහි තිබී ඇති අතර තවත් විශාල ප්‍රමාණයක් අලෙවි කරන්නට ඇති බවද පොලිසිය කියයි .
රුපියල් 550ක් පමණ වන එම බීර ටින් එකක් රුපියල් 1000 ක මුදලකට අලෙවි කොට ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවර විහිලු - නගර සීමාවේ මස් විකිණීම තහනම් නමුත් මාලු විකුනන්න පුලුවන්. තහනම බලපාන්නේ නොපිසූ (අමු) මස් වලට පමණයි. උයන හෝ බදින ලද මස් විකුණන්න පුලුවන්. විදේශීය සංචාරකයන් ට ගැලපෙන විදියට කන්න බොන්න නොදී සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුලුවනිද? ඔවුනට අපේ වත් පිළිවෙත් අදාල නැත.
පෙරහැරේ යන නැට්ටුවන්ට පොලිසියෙන් අල්ලපු කසිප්පු දෙන්නේ නැතිද?ඉතින් බියර් වික්කාම වරද මොකක්ද...?
ඉතාමත් සුලු දෙයයි කරන්න තියෙන්නෙ එම අවන්හල 20 වෙනිදා දක්වා විවෘත කිරීමත් තහනම් කරන්න