ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඉතා පරෙස්සමෙන් ඡන්දය භාවිත කළ යුතු යැයි කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ගෝලීය දෙමළ සංසදය කියයි.

ලන්ඩනය මූලස්ථානය කර ගත් මේ සංසදයට එස්.ජේ.එමානුවල් පියතුමා නායකත්වය දෙයි.

මෙතෙක් පැවති සියලුම මැතිවරණවලින් දෙමළ ජනතාවගේ කිසිදු අයිතියක් තහවුරු වී නොමැති බවත්, එම ජනතාවගේ අයිතිය ලබාදී නොමැති මොහොතක දෙමළ බස කතා කරන ශ්‍රී ලංකාවේ සියලුම දෙනා මෙවර ඡන්දය භාවිත කරන්නැයිද ගෝලීය දෙමළ සංසදය ඉල්ලා සිටියි.