පරිසර දූෂණයකදී වැරැදිකරුවන්ගෙන් ලොකු දඩ මුදලක් අය කැරෙන පරිදි නව පරිසර නීති සම්පාදනය කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
විශාල වශයෙන් සිදුවන පරිසර දූෂණ ක්‍රියා හමුවේ හානියට සරිලන තරමේ අයකිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන බැවින් මෙම තීරණය ගත් බව එම අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි කියයි.
දූෂකයා විසින් හානිපූර්ණය කරනු ලැබීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම නව නීති සම්පාදන සිදුවන බව කී හෙතෙම මේ වනවිටත් එහි මූලික කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොකා කෝලා එකටත් මේවා බලපායිද (බ)
පටන් ගන්න ඡන්දේදි පෝස්ටර් ගහපු අයගෙන්ම කොළඹ අග නගරයේ තදාසන්න ප්‍රෙද්ශවල අලුතෙන්ම හදපු බස් නැවතුම් වල පාප්ප නාවලා පෝස්ටර් ගහලා. තාප්ප වල ගන්න දෙයක් නැහැ. මම ගාව තියනවා රවි කරුණානායක ඔය විදිහට ගහපු පෝස්ටර්. අපි අමාරුවෙන් හම්බ කරන මුදල් වලින් හදපු ඒවා විනාශ කරලා ගහපු. එයාගෙන්ම පටං ගන්න. නැත්තං වැඩක් නැහැ. ඕනේ නම් මම සාක්ෂි එවන්නම්! (බ)
හඬ තරමට වැඩ නැති රටක විහිළුවක් වෙන්න එපා. දැනට පවතින නීතිවලින් පරිසර දුෂකයින්ට දඩුවම් කරලා පෙන්වන්න. විල්පත්තුවේ වන විනාශය කරන දේශපාලන මැරයින් නීතියේ රැහැනට ගෙනත් දඩුවම් කරන්න. (බ)
කටින් බතල හිටවන්න එපා. ඕවා කියනවා විතරයි කරන්නෙ නෑ. මේ ඉන්න ආණ්ඩුව දැන් විහිළුවක් වෙලා ඉන්නේ රටට. (බ)