හිරු අවරට යෑමත් සමඟ සුරියවැව ජලාශය වටා ඇති කුඹුක් ගස් වවුලන්ගෙන් පිරී යයි.
ඈත අතීතියේ කුඹුරු අසල මී ගස් සිටුවා තිබුණේ වවුලන්ගේ නවාතැන් වශයෙනි.කුඹුරට පොහොරද කුඹුරේ කෘමින් මර්දනයද වියදමක් නැතිව කර ගැනීමේ මගක් ලෙස පැරැන්නෝ එසේ කළහ. ඇතැම් රටවල මදුරු මර්දනයට වවුල් කොළණි පිහිටුවා ඇත.වවුල් බෙටි වල නයිට්‍රජන් බහුල නිසා එය කදිම පොහොරකියි විද්‍යාඥයෝ කියති.එදා අපේ පැරැන්නෝ ඒ විද්‍යාත්මක සත්‍ය දැන සිටින්නට ඇත.
එහෙත් සුරියවැව ජලාශය නගරයේ හා අවට පවුල්වල හයදහසක් පමණ පිරිසක් භාවිත කරති.
වියළි කාලයේදී මදුරුවන් ඇතුළු කරදරකාරී කෘමීන් නැති කිරීමට වවුලා මිනිසාගේ මිතුරෙක් වෙයි.දහසක් පමණවන වවුල් වර්ග වලින් සීයයට හැත්තෑවක් පමණ තනිකරම කෘමීන් ආහාරයට ගනිති.
මල් හා පළතුරු පරාග පෝෂණයට වවුලා උපකාරීවේ.කෙසෙල් ,අඹ ,කජු අලිගැට පේර ,කරාබු ආදියේ පරාග පෝෂණයට වවුලා වැදගත් මෙහෙයක් ඉටු කරයි.ශ්‍රී ලංකාව වැනි ඝර්ම කළාපීය රටවල වැසි වනාන්තර මල් පරාග පෝෂණයටත් ගස්වල බීජ වනාන්තරය පුරා විසිර වීමටත් වගාවට වවුලා උපකාරීවේ.
අහිතකර කෘමීන් කා දමන නිසා කෘමිනාශක බෙහෙත් ඉසිමේ අවශ්‍යතාවද අඩුවේ.
වවුලා මඟ සොයා ගැනීමට නිකුත් කරන ශබ්දය ඉදිරියේ ඇති බාධකයේ හැපී පරාවර්තනය වන ආකාරයට බාධක මඟ හැර පියාසර කිරීමට සහජ හැකියාව උරුම කැර ගෙන ඇති බවත් ඒ ක්‍රමය අනුව අන්ධයනටද මඟ පෙන්වීමේ උපකරණයක් නිපදවිය හැකි බවත් විද්‍යාඥයෝ කියති. වවුලාගේ ආයු කාලය අවුරුදු තිහක් පමණවේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැම කෙනකුම තේරුම් ගත යුතු ඉතා වටින කෙටි විස්තරයක්. ස්තුතියි (නදී)
ඒ ක්‍රමය අනුව සන්දානයටද මඟ පෙන්වීමේ උපකාරකයක් වසයෙන් වවුලා ප්‍රයෝජනයට ගත හැකි බව ජනතාව කියති.(නදී)
වටිනා ලිපියක් ලංකාදීපයට. ගොඩාක් ස්තුයි. පාසැල් අධ්‍යාපනයේදී අපි නොලබපු බොහෝදේ ගැන මා ලංකාදීප ලිපි මගින් අධ්‍යයනය කලෙමි. (නදී)
මම මේ දර්ශනය දෑසින් දකින්න තරම් පින්කළ කෙනෙක්.නමුත් කණගාටුව "ඊනියා " සංවර්ධනය හමුවේ මේ දේවල් අපෙන් ටික ටික ඈතට යන එකයි ..... (නි)
දැනුම බෙදා දීම අගය කරමි. (ස)
දැනුම වර්දනය කරගැනීමට මෙවැනි වැදගත් ලිපි පලකරනවාට ලංකාදීපයට තුතිපුදමි! (ස)
වවුලෙක් දිනකට උගේ බරින් 4/3ක් බරට කෘමින්ව ආහාරයට ගන්නවා..වවුලා ගොවියාගේ හොඳම මිතුරෙක්. (ර)
තුනිවෙනි පාරටත් ආවොත් මේකේ තමයි එල්ලෙන්න වෙන්නේ (නදී)
මෙය සත්‍ය බව අත්දැකීමෙන් දනිමි. මාගේ කුඹුරු ඉස්මත්තේ මීගස් රාශියක් තිබුණා. මී ගස්වල පලදාව සමයේ මෙම ගස්වල විශාල ලෙස වවුලන් වසා සිටි අතර වවුල් බෙටි කුඹුරට හොද පොහොරක් විය. කුඹුරුවල කෘමි හානි තිබුනේම නැත. (නදී)
හොඳ ලිපියක්. අපේ මිනිස්සු මෙව්වා කවදා තෙරුන් ගනීද දන්නේ නැහැ. (නදී)
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා මී ගස් යට මී වැහි වැහැලා කියලා අමරදේවයන් ගයන ගීය කුලරත්න ආරියවංශ රචනා කරන්න ඇත්තේ මේ නිසා වෙන්න ඕන.(නදී)