පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම නොවැම්බ 10 වැනි දා උදෑසන 10 ට ආරම්භ වීමට නයමිතය.
විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පිංකමට ඩෙන්මාක් හී කොපන්හේගන් විහාරාධිපති මාරතුගොඩ උපරතන , ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේණාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද , ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බෞද්ධ විහාරාධිපති හල්යාලේ විමලරතන , එම විහාරවාසි අනුරාධපුරයේ සුමණරතන , පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු පුරාවිද්‍යාව පිළිබද කථිකාචාර්ය වෑතර මහින්ද , මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය උඩුගම සුදස්සි , ගම්පහ විද්‍යාවංශ පිරිවෙනේ ආචාර්ය විලච්චියේ කස්සප , දළුපිටියේ ශ්‍රී සත්‍ය සිංහාරාමයේ විහාරාධිපති කිරිමැටියාරේ සිරිධම්ම , වැලිවේරියේ ශ්‍රී නාග පිරිවෙන්වාසි විමල , යුරෝපයේ ප‍්‍රධාන සංඝ නායක ඔස්ටි‍්‍රයාවේ වියානා බෞද්ධ විහාරාධිපති හා වියානා විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබද ආචාර්ය විජයරාජපුර ශීලවංශ , වැල්ලව පුදනාපිටිය රජමහා විහාරාධිපති කුරුණෑගල චන්ද්‍රවංශ , ජර්මනියේ ප‍්‍රැන්ක්ප‍්‍රට් බෞද්ධ විහාරයේ අස්සජි , කිරින්දේ ධම්මාලෝක , මියුනිච් බෞද්ධ විහාරයේ කන්නිමහර පියසිරි , ජර්මනියේ සෙන්ට්ගාලන් හී ශ්‍රී ලංකා මහා විහාරාධිපති ශාස්ත‍්‍රපති ලේඩියන්ගල සුදස්සී යන හිරුවරුසහභාගී වෙති.
දහවල් දන්සැලෙන් හා කඨින පෙරහැරෙන් පසු කඨින චීවර පුජාවද , අනතුරුව සවස පවත්වන අටවිසි බුද්ධ පූජාව හා ධර්ම දේශනා වලින් පසු පිංකමේ කටයුතු අවසන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි තරම් හොද වැඩක්ද (දී)
අනේ සාධු..... සාධු..... සාධු..... (දී)
තවත් හාමුදුරුවරු නැත්ද අලුත් තත්වය පෙන්නන්න?(නදී)
මේ අර අන්තර්ජාලයෙන් ? සාදු! සාදු(නදී)
සුමංගල හිමියන්ගේ පළමු පිංකම බලන්න(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ හිමි යු ටියුබ් එකේ ඉන්නවාද? (නි)
කවුරු හොඳ දේ කළත් හොදයි. කවුරු නරක දේ කළත් නරකයි. ඊර්ෂ්‍යා නොකර හොඳ දේ අගය කරන්න සිංහල අපි දැන්වත් පුරුදු වෙමු. (නි)
සාදු.සාදු.සාදු. මේ අටමහ කුසල් වේ,යම් අයකු ධර්ම දානයකට කැමතිනම් පමණක් කතා කරන්න,තෙරුවන් සරණයි. 00393341227517(නදී)
මේ විදියට ගියෝත්නම් බුදු දහම යුරෝපයේ පතුරනවා ,මේක කුමන්ත්‍රණයක් කියල ලෙඩක් අදින්න ඉඩ තියෙනවා .