ජීවිත ආරක්ෂක ලෝක ශූරතාවය සඳහා රටවල් 46ක් සමඟ තරඟ කළ ශ්‍රී ලංකාව ප්‍රංශයේ දී ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
පැරිස් අගනුවර සිට දකුනු දිග ප්‍රංශයේ කි:මී: 800 කට ආසන්න ස්පාඤඤ උතුරු දේශ සීමාට මායිම්ව මධ්‍යධර මුහුදු වෙරළට යාබද මොන්පිලියේ නගරයේ දී මෙවර ශූරතාවය පැවැත්විණි.
ලා ග්‍රොන්ඩ් මොතේ මුහුදු වෙරළ ඇන්ටිගොනේ හි පිහිටි ඔලිම්පික් පිහිනුම් තටාක මේ සදහා යොදා ගැනිණි.
ජාතික හා අන්තර් ජාතික ක්‍රීඩා සමාජ කණ්ඩායම් මෙම ශූරතාවය නියෝජනය කළ අතර ප්‍රංශය, එංගලන්තය, ඇමෙරිකාව, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ස්පාඤඤය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ජපානය, චීනය, ඉන්දියාව ප්‍රධාන රටවල් 46ක පමණ තරග කරුවෝ එහි වූහ.
ශ්‍රී ලංකාවේ කණ්ඩායමක්ද ශූරතාවයට සහාභාගි විය.
ඒ අනුව 12න් පමන 12 දෙනෙක් ද, වීවෘත තරඟ සඳහා තිදෙනක් ද කොළඹ ආනන්ද, නාලන්ද, ශාන්ත ජෝසප් විදුහල්වලින් ආහ.
ඔවුන්ගේ කළමණාකරු හිරාන් උක්වත්ත, සහය කළමණාකරු ලසාල් ජයතුංග, පුහුණුකරු රොෂාන් විජේසිංහ සමග සහය පුහුනුකරු හා සම්බන්ධීකරණ නිලධාරියෙක් ලෙස පැරීසියේ වෙසෙන ජානක උඩගෙදර කටයුතු කළේය. මෙම ශූරතාවයට ඇතුළත් මුහුදු වෙරළේ සහය දිවීමේ තරගයකින් තෙවන ස්ථානය හිමිකර ගනිමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට › ලාංකික කන්ඩායමට හැකි වුයේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් රණසිංහ මහත්මයගෙ අදහසට තව දෙයක් එකතු කරන්න ඕනේ. මේ තරඟාවලියට මගෙ මිත්‍රයෙක්ගෙ පුතෙකුත් සහබාගි වුණා. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් සත පහක් දෙයක් උනේ නැහැ. ඇමතිතුමා කියල තියෙන්නෙ අනුමැතිය දෙන්නම් සල්ලි හොයාගෙන යන්න කියල. ලංකාවෙ ලොකු ලොකු ක්‍රීඩා වලට පැනගෙන උදවු කරන ආයතන පවා පස්ස ගැහුවා. අගොස්තු මැද අනුමතිය දීල 31 වෙනිද වෙනකොට ලක්ෂ 2.5 ක් හොයල දුන්නොත් යන්න පුලුවන් කිව්ව. මගේ මිත්‍රය හිඟා කාපු එක විතරයි නොකළේ. (ස)
මේ තරගාවලියට ඇවිත් හිටිය අපේ සහෝදර ලාංකික ක්‍රීඩකයන්ට නිලදාරී මහත්වරුන්ට සුබ පතමි. අවම පහසුකම් ලද ඔබ සිලුදෙනා රටට ආඩම්බරයක් ...ලංකාවේ පලවෙන කිසිම පුවත්පතක් මේ තරගාවලිය වාර්තා නොකිරිම කණගාටුවක්. දේසපාලකයන්ගේ ඕනෙම ජරා වැඩක් කිසිම හිරිකිතයකින් තොරව වාර්තා කරන සියලු මාධ්‍ය මේ වගේ තරගාවලියක් පැවෙත්වෙන බව දැනුවත් නොකරීම මහත් අසාදාරණයක්. (දී)
මෙහෙම වැදගත් ජයග්‍රහණ ගැන රටේ කිසිම කතාවක් නැහැ. දැන් මේ පත්‍රයේ සඳහන් නොවුණා නම් අපි දන්නෙත් නැහැ. සියලු දෙනාටම සුභ පතමි. (නි)