IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැරිසියේ දී ජීවිත ආරක්ෂක පදක්කමක් දිනති

ජීවිත ආරක්ෂක ලෝක ශූරතාවය සඳහා රටවල් 46ක් සමඟ තරඟ කළ ශ්‍රී ලංකාව ප්‍රංශයේ දී ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

පැරිස් අගනුවර සිට දකුනු දිග ප්‍රංශයේ කි:මී: 800 කට ආසන්න ස්පාඤඤ උතුරු දේශ සීමාට මායිම්ව මධ්‍යධර  මුහුදු වෙරළට යාබද මොන්පිලියේ නගරයේ දී මෙවර ශූරතාවය පැවැත්විණි.

 ලා ග්‍රොන්ඩ් මොතේ මුහුදු වෙරළ ඇන්ටිගොනේ හි පිහිටි ඔලිම්පික් පිහිනුම් තටාක මේ සදහා යොදා ගැනිණි.

 ජාතික හා අන්තර් ජාතික ක්‍රීඩා සමාජ කණ්ඩායම් මෙම ශූරතාවය නියෝජනය කළ අතර ප්‍රංශය, එංගලන්තය, ඇමෙරිකාව,  නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ස්පාඤඤය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය,  ජපානය, චීනය, ඉන්දියාව ප්‍රධාන රටවල් 46ක පමණ තරග කරුවෝ එහි වූහ.

ශ්‍රී ලංකාවේ කණ්ඩායමක්ද ශූරතාවයට සහාභාගි විය.

 ඒ අනුව 12න් පමන  12 දෙනෙක් ද, වීවෘත තරඟ සඳහා තිදෙනක් ද  කොළඹ ආනන්ද, නාලන්ද, ශාන්ත ජෝසප් විදුහල්වලින් ආහ.

 ඔවුන්ගේ කළමණාකරු හිරාන් උක්වත්ත, සහය කළමණාකරු ලසාල් ජයතුංග, පුහුණුකරු රොෂාන් විජේසිංහ සමග සහය පුහුනුකරු හා සම්බන්ධීකරණ නිලධාරියෙක් ලෙස පැරීසියේ වෙසෙන ජානක උඩගෙදර   කටයුතු කළේය. මෙම ශූරතාවයට ඇතුළත් මුහුදු වෙරළේ සහය දිවීමේ තරගයකින් තෙවන ස්ථානය හිමිකර ගනිමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට › ලාංකික කන්ඩායමට හැකි වුයේය.

____-_______-____-___-_____ Capture Capture-07 Capture-08 Capture-09 In-the-pool Logo Opening sri-lanka-team sri-lanka-team-01 sri-lanka-team-02

 

 

 



අදහස් (0)

පැරිසියේ දී ජීවිත ආරක්ෂක පදක්කමක් දිනති

ප්‍රසන්න Monday, 29 September 2014 04:57 AM

නිමල් රණසිංහ මහත්මයගෙ අදහසට තව දෙයක් එකතු කරන්න ඕනේ. මේ තරඟාවලියට මගෙ මිත්‍රයෙක්ගෙ පුතෙකුත් සහබාගි වුණා. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් සත පහක් දෙයක් උනේ නැහැ. ඇමතිතුමා කියල තියෙන්නෙ අනුමැතිය දෙන්නම් සල්ලි හොයාගෙන යන්න කියල. ලංකාවෙ ලොකු ලොකු ක්‍රීඩා වලට පැනගෙන උදවු කරන ආයතන පවා පස්ස ගැහුවා. අගොස්තු මැද අනුමතිය දීල 31 වෙනිද වෙනකොට ලක්ෂ 2.5 ක් හොයල දුන්නොත් යන්න පුලුවන් කිව්ව. මගේ මිත්‍රය හිඟා කාපු එක විතරයි නොකළේ. (ස)

:       0       0

නිමල් රණසිංහ Sunday, 28 September 2014 05:41 PM

මේ තරගාවලියට ඇවිත් හිටිය අපේ සහෝදර ලාංකික ක්‍රීඩකයන්ට නිලදාරී මහත්වරුන්ට සුබ පතමි. අවම පහසුකම් ලද ඔබ සිලුදෙනා රටට ආඩම්බරයක් ...ලංකාවේ පලවෙන කිසිම පුවත්පතක් මේ තරගාවලිය වාර්තා නොකිරිම කණගාටුවක්. දේසපාලකයන්ගේ ඕනෙම ජරා වැඩක් කිසිම හිරිකිතයකින් තොරව වාර්තා කරන සියලු මාධ්‍ය මේ වගේ තරගාවලියක් පැවෙත්වෙන බව දැනුවත් නොකරීම මහත් අසාදාරණයක්. (දී)

:       0       0

භානු Sunday, 28 September 2014 11:30 PM

මෙහෙම වැදගත් ජයග්‍රහණ ගැන රටේ කිසිම කතාවක් නැහැ. දැන් මේ පත්‍රයේ සඳහන් නොවුණා නම් අපි දන්නෙත් නැහැ. සියලු දෙනාටම සුභ පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site