එක්සත් ජාතික පක්ෂයේ යුරෝපා සංවිධානයට අනුබද්ධිත ප්‍රංශයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ 2013 නිලවරණය පසුගිය ඉරිදා පැරීසියේදි පැවැත්විණි.
පැරීසියේ එජාප පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගිවූ එම මහා සභාවේදි සභාපති, ලේකම්, භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු සදහා අනුපිලිවෙලින් රොහාන් දයාදර, ලලිතා බෝකුරාගොඩ හා තමරා මල්කාන්ති තෝරා පත් කර ගනු ලැබූහ.
රොහාන් දයාදර හත්වන වරටත් සභාපති ධුරයට තෝරා පත්කර ගැනීම විශේෂයකි. 1994 වර්ෂයේදි ප්‍රථම වරට මෙම ශාඛාව ආරම්භ කිරීමට පෙරමුණ ගත් වර්තමාන යුරෝපා එජාප සංවිධායක දයා රණතුංග මහාතාගේ ප්‍රධානත්වයෙන් නිලවරණය ඇරැඹිණි.
පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පත්වන එජාප සමහරක් මන්ත්‍රී වරුන් තම වාසි බලාපොරොත්තුවෙන් පක්ෂය හැරදා ගියද පාක්ෂිකයන් එදා මෙන් අදත් පක්ෂය ආරක්ෂා කිරීමට උරදෙන බවත් ඒ බව අද මෙම සභාවේදි දැක ගැනීමට ලැබීම සතුටට කරුණක් බවත්, සියලූදෙනා එකමුතුව පක්ෂය ශක්තිමත් කොට ඉදිරියටත් ආරක්ෂා කිරීමට පෙල ගැසෙන ලෙස ඉල්ලන බවත් රණතුංග මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලන සමිති සමාගම් පිටරටවල පිහිටුවාගෙන කරන දේවල් ගැන මට කිසි අවබෝධයක් නැත. (නි)
ප්‍රතිචාර දැක්වූ අය බොහෝය (නි)
අසෝක පැරිස්...... ඔයා කතා කරන්නේ ප්‍රංශ නීතිය. නමුත් මේක එ.ජා.ප. ශාඛාවක්. ඉතින් සිරිකොත කියන විදිහට නිලධාරි 20 ඇතුළුව අවම 25 දෙනෙක් ඉන්න ඕනේ විදේශ ශාඛාවක් පිහිටුවන්න. ඒකවත් දන්නේ නැතිවද ඔයාලා දේශපාලනේ කරන්නේ. මුලින්ම ඒවා දැනගෙන එන්න. අනික මම දන්නා විදිහට ඔය ශාඛාව වසර ගණනකින් සිරිකොතේ ලියාපදිංචි වෙලත් නැහැ. ප්‍රංශයේ ලියාපදිංචි වෙලාද නම් දන්නේ නැහැ. (ස)
කමල්,පැරිසියේ සමහර සංවිධාන වල මහසභාවට 8 දෙනකු විතර ආපුතැන් තියෙනවා. (නි)
සේරම්, නීතිය නම් 7 දෙනෙකුගෙන් සමිතියක් තියන්න පුළුවන්. (නි)
ලංකාවෙත් ගිලා බහින නැවකට හුළං ගහන කොටසක් ඉන්නවා (නි)
මමත් මේකට යාලුවෙක්ගෙ ඇරයුමකට සහභාගි වුණා. පොඩි පිරිසනේ හිටියේ (නි)
ඔය සමිතියට වියදම් වුනු [කෑමට,බීමට ] මුදල මහරගම පිලිකා රෝහලට පරිත්‍යාග කරා නම් ඔයිට වැඩිය හොඳ නැද්ද? පිනක් වත් සිද්ධ වෙනවා.මේ පුංචි නොදරුවෝ දෙන්නගේ මොලවලටත් මේ ගොල්ලෝ විසබීජ දානවා. (ස)
හැබැයි අලියා නැගිට්ටවන එක නම් බොරු (නි)
2024දී නම් ජය නියතයි (නි)
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා... (නි)
ලංකාවේදී එජාපයට තියන තැනම තමා පිටරටවලත් තියෙන්නේ. (නි)
සමිතියටම ඉන්නේ කී දෙනයිද? (නි)
සිරිකොතේ ලියාපදිංචි වෙන්න අවම 25 ඕනෑ. මෙතන ඒකත් නැහැ. ඔය ක්‍රමය වෙනස් නොකළොත් පක්ෂය දියාරු වෙන එකත් නවත්වන්න බැහැ (නි)
මම නම් හිතන්නේ ලංකාවෙන් මේ වගේ දුර බැහැර රටවල ඉන්න අපි දේශපාලන වශයෙන් ආගම් වශයෙන් බෙදෙන්නේ නැතිව එක රටක එක ජාතියක් වශයෙන් ඉන්න පුලුවන්නම් අපිට රට වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන් කියලා. (ස)
ලංකාවේ ක්‍රමයටම ටික ටික එහෙනුත් දැනට පක්ෂය හේදිලා යනවා වගෙයි (නි)
රමණි ඔයා, කොයි මහත්තයා ගැනද කියන්නේ? මහත්තුරු ගොඩයිනෙ. (නි)
මොනවා හරි ලියන්නයි බැලුවේ. ලියන්න දෙයක් නැහැ. ජය වේවා! (අ)
දාල තියෙන ඡායාරුප කීපයෙන්ම පේනවා විශාල සෙනඟක් ඇවිල්ලා තිබෙන බව (නි).
පින්වත් මහත්වරුනේ,ඔය පුංචි ළමුන්ටත් වැරදි ආකල්ප දෙන්න එපා (නි)
මෙයාලට පැරීසියේ තමයි ඡන්දෙ ඉල්ලන්න වෙන්නේ. (නි)
ඔය පොඩි දරුවෝ ඉන්නේ ප්‍රංශ බසින් ලියන්ට දැනෙන්නේ ඒ දෙන්නට විතර නේද? (අ)
මෙතන වැඩක් හරියට කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ අර මහත්මයා විතරයි (නි)
රටක් පාලනය කල ප්‍රධාන දේශපාලන පක්‍ෂයකට ගිය කලක්... මෙයත් අනිත්අය පිළිබඳ වැදගත් පාඩමක් වගේ... (ස)
ප්‍රංශයේ කියලත් වෙනසක් වෙලා නැහැ වගේ. (නි)
දුක හිතෙනවා මේ පක්ෂයට වෙන දේට. (නි)