
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ආයතනවල සේවකයන්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ඍජුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබානොගෙන තැරැව්කාර සමාගමක් මැදිහත් කර රජයට පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින හිටපු අමාත්‍ය ප‍්‍රසන්න රණතුංගට විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕසද මිගාරච්චි මහතා අද (16) නියෝග කළේය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණය පෙනී සිටීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විමර්ශන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකාර අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා කරුණු දක්වමින්ඇප මත සිටින තම සේවා දායකයාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරන්නැයි ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන 23 දින ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණිලි විභාගය එතෙක් කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd