වැල්ලම්පිටිය මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩ කැර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මොරටු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක් ඉල්ලා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගත්තේ යැයි සැකපිට බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා බිරිය රුපියල් පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
මුදල් ඉල්ලා ව්‍යාපාරිකයාට තර්ජනය කළැයි ද, මුදල් බිරියගේ ගිණුමකට බැර කරවා ගත්තේයැයි ද රණතුංග මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
ලබන 20 වැනි දා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන ලෙස මහ ඇමැතිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත් පැමිණිල්ල ඔක්තෝබර හත් වැනි දාට කල් තැබීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කුණුගොඩවල් ඇවිස්සෙන්නේ ඡන්දෙ කිට්ටුවෙද්දී තමයි. (ර)
පාර්ලිමේන්තුවට මේ වගේ අය පත්කරගන්නා ජනතාව ගැන කතාකරලා වැඩක් නැහැ (නි)