නාවල නිවැසියෙකුගෙන් රුපියල් කෝටි එක හමරක වන්දියක් ඉල්ලා බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පැවරූ නඩුව ඒකපාර්ශවීයව විභාගයට ගැනීමට කොළඹ අතිරේක දිසා විනිසුරු ඒ.ඒ.අනවරත්න මහතා තීරණය කළේය.
ප‍්‍රසන්න රණතුංග මහතා ක‍්‍රිකට් පිත්තකින් පහර දුන්නේ යැයි බොරු පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කර එයට මාධය මඟින් පුළුල් ප‍්‍රචාරයක් ලබා දෙමින් අපහාස කළේ යැයි ද ඉන් සිදුවූ හානියට මෙම වන්දි මුදල අය කර දෙන ලෙස ඉල්ලා පැමිණිලිකාර රණතුංග මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.
විත්තිකාර දියගහගේ විතානගේ පියසේන අධිකරණය හමුවේ දිගින් දිගටම පෙනී නොසිටීම නිසා කොළඹ අතිරේක දිසා විනිසුරු මෙම නඩු විභාගය ඒකපාර්ශවීය ලෙස විභාගයට ගැනීමට තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විතානගේ පියසේන මහතා අධිකරණයට නෑවිත් හිටියේ ඇයි දන්නේ නැහැ. ඒ ගැනත් හොයලා බැලුවා නම් තමයි හොඳ. (නි)
මොකද දන්නෙ නැහැ අරගොල්ලෝ මඟහරින්නේ? (නි)
සත්‍යා, හරියටම හරි. (නි)
අර මෙගා අල්ලස් කතාවත් මේ වගේ දෙයක්ද ? (නදී)
අපහාස උපහාස ඉතින් විඳදරාගන්න පුරුදුවෙන්න එපායැ දේශපාලනය කරනවා නම් (නි)