මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතා මුල්කරගෙන ඇතැමුන් දේශපාලන වාසි තකා නොයෙක් ප්‍රකාශ කර අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාගන්න උත්සාහ කරන බවත් මෙවැනි ක්‍රියාවලින් ත්‍රිවිධ හමුදාව නිලධාරීන් මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරීන්ද දැඩි කලකිරීමකින් සිටින බවත් ‘අපි රණවිරුවෝ‘ සංවිධානයේ කර්නල් ජයවිලාල් ප්‍රනාන්දු මහතා අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ප්‍රසන්න සිල්වා වැනි නිලධාරීන් ජිනීවා මානව හිමිකම් කොමිසම නමැති දංගෙඩියට රැගෙන යාමක් මින් සිදුවන බවද ඔහු පැවසීය.
‘ප්‍රසන්න සිල්වා මහතා 35 වසරක හමුදා සේවා කාලයක් නිමකර මේ වසරේ විශ්‍රාම යාමට නියමිත නිලධාරියෙක්. ඒ මහතාගේ මුළු හමුදා සේවා කාලයම කැප කළේ රට වෙනුවෙන්. යුද්ධයේදී ඒ මහතා මරණාසන්න තුවාල පවා ලැබුවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු හොඳ සොල්දාදුවෙක්.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
35 වසරක හමුදා සේවා කාලයක් තිබුනත් වරදක් කර තිබෙනවා නම් දඬුවම් ලැබිය යුතුයි නේද? (නි)
ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නේ බලන්න දැන් වෙන අවනම්බුව (අ)
මුළු රටම දන්නවා ප්‍රසන්න සිල්වා කියන රණවිරුවාගෙන් රටට උන සේවය.
මොන යහ පාලනයක්ද දැන් තියෙන්නේ මිනුවන්ගොඩ පැත්තේ හරියට කුඩු සහ හොරු ඒවා හොයන්නේ නැහැ , දැන් හොයන්නේ බුද්ධි අංශයේ දේවල්. (බ)
ඔහු යුද්ධයේදී විශාල කැපකිරීමක් කළා. ඔහු තුවාල වුණු වෙලාවේ ඉල්ලලා විශ්‍රාම යන්න හැදුවා! එ්ත් යුද්ධයට දායකත්වය දෙන්න කිවම ඒ ඉල්ලීම ඉල්ලා අස්කරගෙන අවසන් සටනේදී විශාල සේවයක් කළ කෙනෙක්! මලපෙරේත ,බලපෙරේත දේශපාලුවන්ට වඩා සියගුණයක් වටිනවා මේ මනුස්සයා ! (බ)
එතකොට මෙය කියන්නේ මේවා ගැන කතා නොකර හංගගෙන ඉන්න ඕනේ කියලද මේ? ඒවා හොදයි පැසිස්ට් වාදී පාලනයක් පවතින රටවලට. අපෙත් එහෙම තිබුන කාලයක් තිබුන. එත් දැන් ඒවා බෑ .ඒවා ගැන කතා කරන්න ඕනේ. නැවත ඒවා නොවෙන්න ඕනේ. (අ)
පහුගිය ආන්ඩුව පෙරලුවේ අන්තර්ජාලය හරහා පිටරට වල ඉදන් රාජපක්ෂ දූෂණ හෙලිකල මාධ්‍යවේදියෝ.... මොහු ඒ අයව මරන්න් ලංඩන් වල ඉදන් සැලසුම් හදපු කෙනෙක්...(ස)
අනේ මහත්තයෝ හෝරාට හෝරා නොකියා,වැරැදි දේට වැරැදි කියා,කියන්න ඕන කෙනෙකුට අයිතියක් තියනවා, යුද්දේ දිනුවා කියන ලයිසන් එක හැමෝටම අයිතියි, අමතකද යුද්දේ නියම වීරයා.ෆොන්සේකා මහත්තයා බව..(බ)
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයකුත් නැහැනේ (නි)
රනිල් මහතාණනි ඔබේ අදහසට පින්. හිටපු යුද සෙනෙවි ජයවිලාල් මැති තුමනි ඔබ කවදත් හමුදාව වෙනුවෙන් ඉදිරිපත් වීම ගැනත් පින්. එහෙත් සමහරු අද? (අ)
මේවා ඔක්කොම මුල ඉඳලා හොයලා නීතිය ඉදිරියට පමුණුවනතුරු අපි බලා ඉන්නවා. බලමු යහපාලනේ මොකද කරන්නෙ කියලා (නි)
මේක යුද්ධයට අදාළ දෙයක් නොවේ. අපි ප්‍රසන්න මහතා යුධ විරුවෙක් විදිහට ගරුකරනවා. එහෙත් මෙතන යම් නීතිවිරෝධී යමක් සිදුවී ඇත්නම් එය පිළිබඳව සොයාබැලිය යුතුය. (නි)
විජයබාහු මහත්තයා මැරිලා ඉපදිලා වගේ නේද ලෙස්ටර් මහත්තයෝ? (නි)
යුද්දේ දිනෙව්වා කියලා, හොඳ සොල්දාදුවෙක් වුණා කියලා යටින් නරක වැඩ කරනවා නම් ඔවුන්ට දඬුවම් දියයුතුයි. (නි)
මෙතන සමහරු කතාකරන්නේ හරිම හොඳ කිසිම වරදක් හීනෙකින්වත් කරන්නේ නැති සත්පුරුෂයෝ වගේ. ප්‍රසන්න සිල්වා මහතාගේ එක මයිල් ගහක් තරම්වත් වටින්නේ නැහැ ඔය සමහර මෝඩ කතා කියන අය. (නි)
ලෙස්ටර්ට හොල්මන්ද කොහෙද ඒ නියම විරය චන්ද්‍රිකාගේ කලෙත් හිටිය නේද කෝ යුද්දේ දිනුවද (අ)
හොර නොම්බර තහඩුව ගහගෙන ගිය එක ප්‍රසන්න සිල්වාගේ වැරැද්දක් නොවේ..(අ)
මෙතන කිසිම වරදක් වෙලාම නැද්ද? වරදක් වුණත් සිතකින් නොවේ......... (නි)
අපේ රටේ වෙන දේවල් බැලුවම නම්බර් ප්ලේට් එකත් කජ්ජක්ද. (බ)
මටත් හිතෙන්නේ මෙතන යම් සැඟවුණ දෙයක් තිබෙනවා (නි)
ඔවු ඔවු, විජයබාහු, ඒ කාලෙත් හිටියා. අනේ අපි නොදන්නා මොණරතැන්න! (නි)
හමුදාව නීතිගරුක ආයතනයක් ව්‍යාජ නොම්බර ගහන තැනක් නෙවේ. ඔහුගේ ක්‍රියාව හමුදාවට අවනම්බුවක් (ම)
විජයබාහු, සිංහල හමුදාවට රණවිරුවෝ අනන්තයි අප්‍රමාණයි. ෆොන්සේකා මහතා යාපනය බේරාගැනීමේ සටන කළේ චන්ද්‍රිකාගේ කාලයේ. එතුමා හමුදාපති වීමට පෙර සිටම ජන හදවත් දිනූ වීරයෙක්. එවැනි වීරයෙකුට සටන බාරදීම තමයි මහින්ද ජනපතිගේ හොඳම වටිනාම වැදගත්ම ක්‍රියාව. (නි)
රට වෙනුවෙන් සටන් කරා කියල, රටේ අවනීතිය කිරීම , හොර නොම්මර දාපු සුදු වෑන් සෙල්ලම කිරීම අවංක සේවයක් නොවේ (බ)
වැරැද්දක් කරානම් කවුරුවුණත් දඩුවම් විදින්න ඕනේ. දියකිරට බළල්ලු සාක්ෂිලු. පහු ගිය කාලේ සුදු වෑන් කරපු අපරාධවලට වගකිව යුත්තෝ දැන් ටික ටික එළියට එන්න පටන් අරන්. මිනිස්සු සියයක් ජීවත් කරලා එක මිනිහෙක් මරණවනම් ඔහු මිනිමරුවෙක්. ඔහුට සමාව නොදිය යුතුයි. එය මේ රටේ කාටත් නීතිය(ම)
ඉස්සර තිබුණා වගේ හමුදාවට ගරු කිරීමක් ලෙස හමුදා සෙබළුන් සහ වාහන අත්අඩංගුවට ගැනීම පොලීසියට තහනම් කරන්න ඕන.(ම)
සිදත්, මම ඔයාගේ සමහර දේට එකඟයි. එදා ෆොන්සේකා මහතාට හමුදාව බාර දීම, එදා එය ඔහුට කල යුතුම උනා. ඒ ඇරෙන්න හිටපු ජනාදිපති තුමා ඇතුළු ඒ ලඟින් හිටපු අයට වෙනත් අයව පත් කිරීමට බොහෝ අවශ්‍යතාවය තිබුනත් ඇතුළෙන්ම ආ දැඩි පීඩනය හමුවේ ෆොන්සේකා මහතාට හමුදාව බාර දෙන්න උනා. එය හරියට අස්සයාව, හරිම ජෝකියාට බාර දීමක්. එතුමා ඇතුළු ඒ විරුවෝයි යුද්දේ දින්නේ. අද ඒ වෙනුවට බොරුවට යුද්දේ දින්න රජ තුමයි, එ්කට දායක උන විරුවයි කියල වෙනසක් නැහැ , වැරදි කලොත් දඩුවම නියතයි (නදී)
මහින්දලා මොනවා කලත් හරි. ඒ කාලේ බයේ කතාවත් කලේ නැහැ දැන් තමා කට. (නදී)
මේ රටේ තියෙන්නේ ජරා දේශපාලනයක් එයාලාට විකුණන්න පුලුවන්නම් කවුරු විකුණලා හරි බලයට එනවා අපිටනම් තිත්තයි මේවා අනේ මන්දා අපේ රටේ ජනතාවත්? (බ)
ලංකාවෙ තරම් කෙලෙහි ගුණ දන්නෙ නැති ජාතියක් මේ මුළු ලෝකෙම නැතිව ඇති. (බ)
දැන් මේ කියන විදිහට යුද්ධය කාලෙ හමුදාවෙ හිටපු කිසිම කෙනෙක් මොන වැරැද්දක් කළත් හොයන්න හොඳ නැද්ද? හමුදාවෙ ඉන්න අයත් රටේ නීතියට යටත්. (නි)
නියම සොල්දාදුවා රටේ නීතිය උල්ලංගනය කරන්නේ නැහැ. (නි)
කිරි කළයට ගොම බිංදුවත් වැටුනහම ඇති (නි)
සමහරු දාපු අදහස් දැක්කම එයාලා මෙනවට මේ රටේ ඉපදුනාද කියලා හිතෙනවා. මේ රට බේරාගත් වීරයන් දුෂ්ඨයන් කරන මේ අයට රටක් ජාතියක් නැතුවා වගෙයි (නි)
දේශපාලන වාසි තකා වැඩිපුරම අපහාස කරන අය ඒවායින් රටට හා රටවැසියන්ට වන හානිය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ (නි)
මේ සිද්ධියෙනුත් සමහරු දේශපාලන වාසි ගන්න හදනවා (නි)
ඇත්ත හෙළිවෙයිනේ. අපි බලමුකෝ (නි)
සමහරු මැරිලා ඉපදිලාද දැන් මෙහෙම කතාකරන්නේ කියලා හිතෙනවා (නි)
කවුරු කළත් සුදුවෑන් සංස්කෘතිය, ගෝනිබිලු සංස්කෘතිය සහ ජාත්‍යාල සංස්කෘතිය ලංකාවේ අපිට නම් ගැළපෙන්නේ නැහැ (නි)
සියලු තතු නිවැරදිව සනාථ වී නම් කරුණාකර රණවිරුවන්ට ගරහන්න එපා ගරහන්න ඕනෙනම් එ්කට දුෂිත දේශපාලුවන් අපේ රටේ ඕනේ තරම් ඉන්නවා (බ)
ඒ නිසාද මෙහෙම වැඩ කරන්නේ? (නි)
ඇත්ත ළඟදීම හෙළිවෙයිනේ (නි)
කොතරම් වීරයෙක් වුණත් වරදක් කර ඇත්නම් එයට දඬුවම් ලැබිය යුතුය (නි)
ඇයි දැන් සමහරුන්ට සුදු වෑන් පෙනෙන්න බැරුව නේද හිටියේ? (නි)
ප්‍රසන්න සිල්වා ලන්ඩන් වලදී මෙහෙ ඉන්න වෙබ් කාරයෝ පස්සෙන් පැන්නුව කියල ප්‍රසිද්ද දෙයක් ඇයි ඒ කාගෙ උවමනාවකටද ? මේවට උත්තර දෙන්නකෝ ? කොමාන්ඩෝ එකේ සෙබළු දෙන්නෙක් ලන්ඩන් ගෙනල්ල හිටියේ ඇයි ? (බ)
වැටහ නියරත් ගොයම් කෑවේ පසුගිය යුගයේය. මෛත්‍රී යුගයක මේ දේවල් සිදුවෙන්න බැහැ. වැරැද්දක් වී තිබේ නම් රණවිරුවන් කියා නොතකා හරින්න නීතියෙන් ඉඩක් නැහැ. (නි)
මොනවා කළත් ඒ හොර නම්බර් ප්ලේට් ගහගෙන ගියේ වාහනයක් පාවිච්චි කළේ (බ)