ඉතාලියේ මිලානෝ නගරයේ පැවති 2013 ආසියා අප්‍රිකා ලතින්ඇමරිකා චිත්‍රපටි සම්මාන උලෙළෙදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රසන්න විතානගේ අධක්ෂණය කළ ‘‘ඔබනැතිව ඔබත්එක්ක‘‘ චිත්‍රපටිය ප්‍රදර්ශනය වුහ.
මෙම චිත්‍රපටය නැරඹීම සඳහා ඉතාලි ජාතිකයෝ මෙන්ම ලාංකිකයෝ ද විය.චිත්‍රපටය අවසානයේදී අධක්ෂකවරයාගෙන් චිත්‍රපටයගැන ප්‍රශ්නකිරීමේදි එය එකම ගාලගෝට්ටියක් විය.එයට හේතුව වූයේ චිත්‍රපටයේ දෙබස් දෙකකි.අවසානයේ ලාංකිකයෝ දෙදනෙක් ප්‍රශ්න ඇසිම අතරමගදී ශාලාවෙන් එළියට දමනු ලැබුහ.
කතාව මෙසේය -
කඳුකර පළාතක, ශ්‍රීලංකා හමුදාවෙන් ඉවත්වූ පුද්ගලයෙකු පවත්වාගෙන යනු උකස් බඩු කඩයක් වේ.සැරින් සැරේ මෙහි රන් ආභරණ උකස්කිරීම සඳහා පැමිනෙන රූමත් තරුණියකි වේ.තරමක හිතවත් වීමකින් අනතුරුව තරුණයා ඇගේ භාරකරුවෝ හට ඇයව විවාහ කරගැනීම සඳහා විවාහ යෝජනාවක් ගෙන එති. පසුව දෙදෙනගේ කැමැත්ත මත විවාහය සිදුවේ.තරුණයා පැවසුයේ තමාට කාත් කව්රුත් නොමැති බවයි.
තරුණිය පැවසුයේ ඇගේ දෙමව්පියන් යුද්ධ සමයේ ඉන්දියාවට පළාගිය බවයි.
සොහොයුරන් දෙදෙනා පාසල්යන බවත් ඔවුන් හමුදාවෙන් ඝාතනය කළ බවත්ය. කාලය ගෙවීයයි,දිනක් තරුණයාගේ මිතුරෙක් ඔවුන්ගේ නිවසට පැමිණේ ,මිතුරාව සුහද පිළිගැනීමෙන් අනතුරුව පසුදින උදයේ මිතුරා තරුණියගේ ස්වාමියා සමග එකට යුද හමුදාවේ සිටි බවත් එහිදී තමාගේජීවිතය බේරාගත්තේ ඇගේ ස්වාමියා බවත් පවසයි.පසුව මිතුරා ඔවුන්ගෙන් සමුගෙන වෙන්වේ.
ශ්‍රී ලංකා හමුදාව ගැන ඇති වෛරයත් ,තම සැමියා තමාට ඇත්ත නොකියා බොරුකීමත් නිසා තරුණිය කම්පාවී ,සැමියාට වෛර කරයි . ඇය ප්‍රකාශකර සිටින්නේ ශ්‍රීලංකා හමුදාව විසින් දෙමළ තරුණියන්ව දූෂණය කැරුණු බවයි. ඔවුන්ගේ රන් භාණ්ඩ කොල්ල කෑ බවයි. දෙමළ ජනයාව ඝාතනය කල බවයි.
ඇය එසේ කියද්දී තරුණයා (කලින් සොල්දාදුවා) මුනිවත රකී.පසුව දිනක් තමබිරිදට සත්‍ය පවසනවා කියා ඔහු පවසන්නේ තමා හමුදාවෙන් ඉවත්වීමට හේතුව වුයේ තම නිවසට පැමිණි මිතුරා ඇතුළු තිදෙනෙකු ත්‍රිකුණාමල හමුදා කඳවුරේ සේවයේ සිටියදි දෙමළ තරුණියක් ඔවුන් විසින් දූෂණය කර ඝාතනය කල සිද්ධීය බොරු සාක්කි කියා එම තිදෙනා බේරා ගත් බවත්,ඉන් අතිවු කම්පනය නිසා තමා හමුදාවෙන් ඉවත්වු බවත් ඔහු කියයි.
පසුව බිරිඳගේ දෙමව්පියන් සෙවීමට ඉන්දියාවට යෑමට කඩයද විකුණා මුදල් ලබාගෙන සූදානම් වන අතරදී ඇය ඉහළ මහලේ සිට බිමට පැන සිය දිවි නසා ගනී.
මෙම චිත්‍රපටිය පුරාවටම සියලුම දෙබස් ඉංග්‍රීසියෙන් සහ ඉතාලි භාෂාවෙන් උප සිරැසි සහිතව ප්‍රදර්ශනය විය.
චිත්‍රපටිය අවසානයේදී අධ්‍යක්ෂක වරයා නරඹන්නන් ඉදිරියට පැමිණි අතර මුලින්ම නැගීසිටි ලාංකිකයෙක් අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රශ්නකර සිටියේ, සිංහල හමුදාව පමණක් කළ වැරදි කිරිමෙන් විදේශිය ජනයා රජයේ හමුදාව ගැන පමණක් වැරදි ආකාරයට නොසිතන්නේද යන්න විය. එය හමුදාවට මෙන්ම සිංහල ජනයාටද මහත් අසාධාරණයක් නොවන්නේද යන්න ඔහු ප්‍රශ්න කළේය.
. එයට පිළිතුරු වශයෙන් අධ්‍යක්ෂකවරයා මෙසේ පිළිතුරු දුන්නේය. “ අපි තවම කතාකරන්නේ ලංකාවේ ඇති ජාතිබේදය ගැනය. මෙම චිත්‍රපටය දෙමළ හෝ සිංහල අයට නොව මානව වර්ගයා හා මානව හදවත ගැනයි කථාකරන්නේ. එක මහත්මයෙක් ඇහුවා ඇයි ඔහු(සොල්දාදුවා) කිව්වේ නැත්තේ නුඹලාගේ ජාතියේ අයත් බොහෝ නරකදේවල් කළා කියල. ඇය (දෙමල තරුණිය) දැකපුදේ සමහරවිට සත්‍ය නොවේ.ඔහුත් (සොල්දාදුවා) මේවගේ කිසිදෙයක් කරල නෑ,නමුත් ප්‍රශ්නය වන්නේ මේ චරිත දෙක දෙදෙනාට ආදරය කළත් ඒ දෙදෙනාට නියතයකට එන්න බැහැ.මොකද ඔවුන්ගේ අතීතය ඔවුන් සමග බැඳී එල්ලී ඇති නිසා.මම කථාකරන්නේ ඒගැනයි. ශ්‍රීලංකාව අතීතය අමතක කර සමගි සන්ධානයකට එන්නේනම් ශ්‍රීලංකාවට අනාගතයක් නැත.
ප්‍රශ්නය -නමුත් මෙම චිත්‍රපටයේ ඇත්තේ සත්‍ය නොවෙයි නේද?
චිත්‍රපටි හදන්නෙක් විදයට ඇයි මම චිත්‍රපටි හදන්නේ හැම වෙලේම සත්‍යය සොයා යන්නට ,සමහරවිට මා සොයන සත්‍ය පුද්ගලයෙකු ගැන නොවන්නට පුළුවන්.නමුත් මට ඔයාලට සහතික වන්නට පුළුවන් මා සොයන්නේ සත්‍යය හැදියාව ගැනයි.
පසුව මුලින් ප්‍රශ්නය ඇසූ ලාංකිකයා සහ තවත් අයෙක් අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශවලට විරුද්ධව දිගින් දිගටම කතා කියද්දී සභාව උණුසුම්විය.විප්ලවකාරී දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසක් කීවේ මෙය ශ්‍රීලංකාවේ ඇත්ත තත්ත්වය මෙසේ බවයි කියාය.
තවත් අයෙක් කීවේ අධ්‍යක්ෂකවරයා නිදහස් කලාකරුවෙකු බවයි. ඔහුට ඕනෑම දෙයක් කිරීමට අයිතිය අති බවයි.පසුව සිනමාශාලාවේ සේවකයෝ පැමිණ මුලින් ප්‍රශ්නකල සහ විරුද්ධත්වය ප්‍රකාශකල ලාංකීකයන් දෙදෙනා ශාලාවෙන් එළියට කැඳවාගෙන ගියහ.
ඔවුන් එසේ කැඳවාගෙන යන අතරතුර එක් අයෙකු අධ්‍යක්ෂකවරයාට ප්‍රකාශකර සිටියේ තවත් මෙවැනි චිත්‍රපටි නිර්මාණය කරන්න කියාය,එවිට තවතවත් පිටරටවල්වලින් සම්මාන ලබාගත හැකි බවයි.
එළියටදැමූ ලාංකිකයන් දෙදෙනා පාරේ සිට සිනමාශාලාවෙන් පිටවන ඉතාලි ජාතිකයන්ට මෙම චිත්‍රපටියේ අඩුපාඩු, වැරදි ,කොටි ක්‍රියාකාරකම් විස්තර කරදෙනලදි.එක් ඉතාලි ජාතිකයකු පවසාසිටියේ මෙයට පිළිතුරුවශයෙන් චිත්‍රපටි නිපදවිය යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල් ටි ටි ඊ මොනවා කෙරුවත් කාටවත් වැඩක් නැහැ, මොකද ඒ ත්‍රස්තවාදියෝ. ඒක තමයි එයාලගේ හැටි. නමුත් මේක තමයි අපේ හැටි. අපේකම කියන්නේ ඕකට තමයි. (නි)
දැන් ඔය ඇති බැන්නා. (නි)
මේ චිත්‍රපටය ගැන මාධ්‍ය වලිනුත් පම්පෝරි ගැහුවේ මේකේ අන්තර්ගතය නොදැනද? පුරහඳ කළුවර ඉර මැදියම දෙකෙන්ම හමුදාවට නින්දා කළා නේද? ඇත්ත වුණත් රටට නින්ද වෙන විදියට චිත්‍රපට හදන එක වැරදියි. හැබැයි ඒවාට අනිවාර්යෙන්ම සම්මාන ලැබෙනවා. (නි)
වීරසිංහ ඔබ හරි. ඇත්ත තිත්තයි (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. 88,89,71 වගේ කළු බළල්ලු,කොළ කොටි,ප්‍රා වගේ "පැරා මිල්ටරි" කණ්ඩායම් උතුරේත් හිටියද? මේ මහත්තයාගේ චිත්‍රපටියෙන් කතා කරන්නේ එහෙම දෙයක්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
තමුන්ගේ නෝනව වුනත් විකුනගෙන කයි මේ වගේ අය.(නදී)
කලාකරුවා නිදහස් හා ස්වාධීන තමා. එත් යමක් හෝ යම් සිද්ධි සමුදායක් තම විෂය පථය කරගන්නවා නම් ඔහු මධ්‍යස්ථ විය යුතුයි. දෙපාර්ශ්වයේම හොඳ නරක දැකිය යුතුයි. නොඑසේ නම් ඔහු නිර්මාණකරුවකු නොව එක මතවාදයක් වෙනුවෙන් පමණක් පෙනී සිටින වාර්තාකරුවෙක් පමණක් වනු ඇති. (නි)
කුමාරිහාමි , ඔබ වැරදියි. අපේ හමුදාව හැමවිටම හරිම හොදයි කියන්න අත්දැකීම් මට නම් නැහැ. අපි මැරිලා ඉපදුනේ නැහැනේ. (නි)
සල්ලි, සල්ලි, සල්ලි, සම්මාන, සිංහල කම අමතක වෙන එක ගැනයි මගේ කණගාටුව.(නදී)
හොඳට බලන්න. යුධ හමුදාව විවේචනය වූ සියළුම චිත්‍රපට වලට විදේශීය සම්මාන ලැබුනා. එය තමයි දැන් බොහෝ කලාකරුවන් අනුගමනය කරන ක්‍රමය. (නි)
රනිල් ඔබ නිවැරදියි. ලෝකෙට අපේ පෙන්නන්න කොච්චර ප්‍රශ්න/හොද තියෙද්දීද මේ වගේ තමන්ගේ වාසියට මිනිස්සු ෆිල්ම්ස් හදන්නේ. (නි)
යුද්දේ දිනීම ඉතාමත් හොදයි. විරෝධාරයි. ඒක ඇත්ත. ඒත් එයින් කියැවෙනවද ඉතිරි සියල්ල පංකාදුයි කියා. (නි)
ප්‍රශ්නේ තියෙන්නේ ඔය නිදහස් කලාකාරයන්ගේ ඔලුවට ප්‍රභාකරන්ලා කරපු තිරිසන් වැඩ ටික ඇතුලත් චිත්‍රපටියක් ගැන අදහස් එන්නේ නැති එකනේ. සමහර විට ඒකට නිෂ්පාදකයෝ හොයාගන්න අමාරු ඇති මගේ හිතේ (නි)
අනේ ප්‍රසන්න, අපේ රටේ මැරවැඩ, කාන්තා දූෂණය, මිනීමැරුම් ගැන චිත්‍රපටියක් හදන්නකෝ (නි)
මේ චිත්‍ර පටිය හොඳයි. අපිත් බැලුවා....කලා කරුවෙක්ගේ හොද කලා නිර්මාණයක්. (ස)
මේකෙදි රටේ ඇත්ත තත්ත්වය අන්ධ භක්තියෙන් දකින්න සැබෑ කලාකරුවෙක්ට බැහැ (නි)
අපරාදේ ප්‍රසන්න විතානගේට ජොනී බට්ටෙක්වත් ඒ දවස්වල පෑගිල තිබුනානන්. ප්‍රායෝගික අත්දැකීම මුල්කරගෙන හොද නිර්මානයක් කරන්න තිබුනා.(නදී)
මේ චිත්‍රපටියේ වෙන ජවනිකාව ඇත්ත එකක්ද. ඒක ඇත්ත එකක් නම් ඒ අර ලකී අල්ගම මහතාගේ කාලේ එකක්ද.(නදී)
අරන්තලාවේ භික්ෂු ඝාතනය, කැබිතිගොල්ලෑවේ මහා සංහාරය ගැන චිත්‍රපටි හදන්න කැක්කුමක් නැත්තේ ඇයි? (නි)
ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපටිවලට මම නම් කවදාවත් කැමති නැහැ.(නදී)
එන්න බලන්න මම ලිව්වා නාටකයක් " ගොනා සහ තණ කොළ." හමුදාවත් වැරදියි. අපේ තාත්තත් වැරදියි. අල්ලපු ගෙදර බාප්පා විතරයි හරි. මගේ කට නලියනවා. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේකෙ කියලා නැහැ අපේ රජයේ හමුදාව හරි කියලා. අහලා තියෙන්නේ ඇයි ත්‍රස්තයෝ කරපු වැරදි කථා නොකරන්නේ කියලා නේද? එයට මා එකඟයි.නමුත් අධ්‍යක්ෂකවරයා පවසා සිටින්නේ සිංහල දෙමල අයට කවදාවත් එකට සිටිය නොහැකියි කියා නේද?ඒ කියන්නේ රට බෙදිය යුතුයි කියා නොවේද? (නි)
රටට ජාතියට නින්දාසහගත ලෙස නිර්මාණ කරන්නන්ගේ ඇගේ දුවන්නේ සිංහල ලේ වෙන්න බැහැ (නි)
ඔය චිත්‍රපටි ජවනිකා වල ආර් ප්‍රේමදාස, උඩුගම්පොල මහත්තයත් ඉන්නවද කියලා ඕක බලපු කෙනෙක් ඉන්නවානම් කියන්න කරුණාකරලා.(නදී)
රනිල් නමැති අයගේ අදහස් ලැජ්ජා සහගතයි. (නි)
තමන්ගේ රට පාවා දෙන අය රටෙන් පන්නලා, රටට ආදරය කරන පිටරට ඉන්න මිනිස්සු ලංකාවට ගෙන්න ගන්න් ඕනෑ. (නි)
කලා කරුවන්ට ඉතිහාසේ හැමදාම ඔහොම තමයි, ගල් ප්‍රහාර එල්ල වෙන්නේ.මට මතකයි 89 දින විශාරද නන්ද මලානි මහත්මියටයි මහාචාරිය සුනිල් ආරියරත්න මහතාටයි ඉන්දියාවට පැනල යන්ට උන ඒකාලේ තිබ්බ තත්වේ හැටියට.(ස)
මෙන්න බොලේ හෙළයන්ට මොලේ පෑදිලා...? (නි)
රැගුම් පාලක මණ්ඩලය මොකද කරන්නේ? ලංකාවේ නෙමෙයි, තව පිටරට ගිහිනුත් පෙන්නලා? (නි)
ඔබ නැතුව ඔබ එක්ක මොනවා කතා කරන්නද? සමහරවිට අපි කටුනායකදී හමු වෙන්න පුළුවන් (නි)
ෆිල්ම් එකක් කියන්නේ සැබෑ ලෝකේ වෙන දේම නොවේ. කොටි හොද නැහැ කියලා ඕන ජරාවක් හැදුවොත් දේශප්‍රේමී. මම ෆිල්ම් 1 බලලා නැහැ. නමුත් කියන විදියට යුද්ධයේ කොන් අල්ලාගෙන සිංහල දෙමල අයට ඉදිරියට යන්න බැරි බව මේකෙන් කියනවා කියලා දැනෙනවා. අපේ දේශපාලකයන්ට තේරෙන්නේ නැත්තෙත් ඒකමයි.සැකය අවිශ්වාසය හිත් වලින් ඉවත් කරලා සහජිවනයි දැන් ඕනෑ. මම හිතන්නේ ප්‍රසන්න ෆිල්ම් එකෙන් ගෙනෙන පණිවිඩය එක වෙන්න ඕනෑ. ජාතිවාදිව හිතන තාක් ඕනෑම දෙයක් රස විදින්න බැහැ (නි)
එක්කෙනෙක් පොඩි ළමයි හෙළුවෙන් දාලා පොඩි උන් විකුණගෙන කන ච්ත්‍රපට හදනවා. තව කෙනෙක් තමුන්ගේ ගෑනිව විකුණන ඒවා හදනවා. මෙයා ඉඳන් රටයි ජාතියයි විකුණන චිත්‍රපටි හදල සම්මාන ගන්නවා. මහලොකුවට අධ්‍යක්ෂක කිව්වට යක්ෂයෝ තමයි.(නදී)
මහත්තයෝ, 88 දී විතර අපි අහපු සිංදුවක් මතක් වුණා. "යදමින් බැදී විලංගු දා මගේ පුතා රැගෙන යන්,ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්, කුමට මෙරට අදිකරණය නිතිය සහ විනිසුරන්".... මිනිසුනේ මේවා කළේ කවුද? ඇයි චිත්‍රපටියක් හරහා මේ යථාර්තේ කතා කරන්න බය. (නි)
කලාකරුවන්ගේ යුතුකම ජාතික හා අන්තර්ජාතිකව රටට යහපතක් කිරීමයි. විදේශ නිලියක් අරන් තියෙන්නෙත් සිංහල නිලියක් ඔය දෙබස් නොකියන නිසයි. (ස)
ප්‍රසන්නගේ සමහර ෆිල්ම් හොදයි. (නි)
ලසන්ත, මම කිව්වේ හමුදාව හැම විටම හොඳයි කියල නොවෙයි. ඔසරිය අඳින කොණ්ඩේ බඳින සිංහල කාන්තාවක් හැට්යට මම කිව්වේ රටට හා හමුදාවට නින්දා වෙන විදියේ චිත්‍රපට හදන එක වැරදියි කියල. එකෙන් රටට අපකීර්තියක් එනවා.(ස)
තමන්ගේ දුක නොපෙනන අනුන්ගේ දුක පෙනෙන කෙනා කමයි නියම කලාකාරයා කියන්නේ. ඒ වුනත් ඔබ ඒ වගේ කෙනෙක් නොවන බය මෙයින් ඔප්පුවෙනවා. තමනේ පුද්ගලික වෛරය චිත්‍රපට වලට ගෙන්න එපා.(නදී)
මෙයවයි අර කඩේ යන 'නළුවා' වයි එක බානට බැඳලා කුඹුරු හාන්න යවන්න ඕනේ. දෙන්නම උපන් දේශයේ ජනතාවගේ හිසට පහරනවා.(නදී)
කැනඩා දිසා, කලාකරුවා රටකට ජාතියකට විනාශයක් කරනවා බලන් ඉන්න බැරි මිනිස්සු මන්ද බුද්ධිකද? මන්ද බුද්ධික කවුරුද කියල ඔබම හිතලා බලන්න. (නි)
ප්‍රසන්න මහත්තයට කියන්න මේක ඉතාලි නෙමෙයි ජීනිවා ගිනියන්න කියලා. මගේ මල්ලි නැතිවෙලා අපිට ඉන්න තැනුත් නැති උණා. ඒවා කවුරුත් දන්නේ නැහැ. රණ විරුවකුගේ වැන්දඹු බිරිඳකගේ දුක්බර කතාවක් ලියලා අධ්‍යක්ෂනය කරන්න.(නදී)
මාර වැඩක් නේ
මෙහෙත් හෝල් වල පෙන්නන්න එයිනේ.එදාට බලමුකෝ (නි)
මේකට අදහස් දාන රනිල් කියන පුද්ගලයා එක්කෝ මන්ද බුද්දීකයෙක් නැත්නම් අවස්ථාවාදියෙක්.(නදී)
කියක් හරි හොයාගන්න කරන වැඩ....(ස)
චිත්‍රපටයක් නිසා එහි යම් කලාත්මක බවක් තියෙන්න පුළුවන්. ඒත් මේවගේ මනංකල්පිත බහුබූත වලින් කොහොමද මන්ද සත්‍ය සොයා යන්නේ? (නදී)
"පස්චාත් නුතනවාදේ හෝ විවේචනාත්මක යථාර්තවාදේ" වගේ දාර්ශනික සංකල්ප මේ රටේ බත් කන අය දන්නේ නැහැ.ඒවා හරියන්නේ යුරෝපෙට.මෙහෙ අයට හරියන නිසා තමා ඔය ගස් අස්සේ නට නආ විලාප තියන ඒවා අල්ලපු රටින් ගෙනත් බලන්නේ. ඔබතුමා හොද දෙයක් කරලා බැනුම් අහන්න ඕනෑ නැහැ.වෙන රටකට යන්න (නි)
නන්දන, නිකන් ආවඩන්න එපා එක් කෙනෙක්ට (නි)
ඉස්සර වෙච්ච දේවල් ගැන නම් චිත්‍රපටිත් නැහැ නඩුත් නැහැ, උද්ඝෝෂණත් නැහැ, මානව හිමිකනුත් නැහැ. අපි කොහොමද දන්නේ උතුරේ මොනවා වුණාද කියලා. (නි)
රට,ජාතිය,ආගම,හමුදාව, පවා දීලා සම්මානයක් ලබන්න හදනවා කියන්නේ කලාවට කරන අපහාසයක්. (නි)
මේ ප්‍රතිචාර දාලා තියෙන දේවල් දිහා බැලුවාම එකක් තේරෙනවා. මේ ප්‍රතිචාර දාපු එක් කෙනෙක්වත් යුද්දේ තියෙන කාලේ එක මාසයකටවත් උතුරු, නැගෙනහිර පළාත් වල හිටපු අය නෙමෙයි (නි)
පිස්කෝ, අම්මපා ඇත්ත. තව එක්කෙනෙක් මුළු රටම විකුණන් කනවා. ඔයාගේ පෝස්ට් එකේ ඒ කෑල්ල අඩුයි නේ. එහෙම උනේ ඔයා කැමැත්තෙන් කඩේ යන කෙනෙක් නිසාද?(නදී)
නන්දන, ඔයා මොනවද දන්නෙ ප්‍රසන්න විතානගේ ගැන? කෝ මේ මිලනෝ වල හැමදේටම බොරුවට ඉදිරියට එන පුහු වීරයෝ කිසිවෙක් ඉදිරිපත් වෙලා නැහැනේ (නි)
මා සිනමා පටය නැරඹුව කෙනෙකි. ඔහුට කිසි දවසක අරන්තලා සාමනේර හිමිවරුන් ඝාතනය,කැබිතිගොල්ලෑ අහිංසක මිනිස් සංහාරය,රටේ සියලු තැන්හි සිදුකල බෝම්බ ප්‍රහාර වලින් මියගිය දහස් ගනන් අහිංසක මිනිස් ජීවිත ජාතිභේදයකින් තොරව,නොපෙනේද? නැත්නම් නොපෙනුනා සේ සිටිනවා වෙන්නටද පුළුවන. ලෙස්ට ජේමිස් පීරිස් වන් කලාකරුවන් අප රටට යහපතකි. (නි)
මං මේ චිත්‍රපටය නරඹා නැති නිසා ඒ පිළිබද යමක් කිව නොහැකි වුවත් මට කීමට ඇත්තේ, බොහෝ කැපකිරීමෙන් මේ නැගිටපු තැනින් අපිව පහළට දාන්න වැඩ කරන්න එපා කියලයි.ගහේ ඉදගෙන ගහ මුලින් කපා දානවා වගේ වැඩක් ඒක. (නි)
මධුර වියට්නාමේ යුද්ධයේදී ෆිල්ම් හැදුවේ ඇමරිකාව තමන් දිනුවා කියලා. නමුත් වියට්නාමයේදී ඇමෙරිකාව පරාද වුනා. ඔයා ඇත්තටම ඒ ෆිල්ම් බලලා තියෙනවද? ප්‍රසන්නගේ බොහෝ චිත්‍රපටිවල කලු චරිතේ සිංහල බෞද්ධ හොද සුදු චරිතේ දෙමළ කතෝලික. නමුත් ලංකාවෙ සිටින් දෙමළ ජනතාවගෙන් බහුතරය හින්දු ආගමයි අදහන්නේ. (නි)
මේ වගේ වැඩවලට රාජ්ය නොවූ සංවිදාන වලින් හොදට මුදල් ලැබෙනවා. ලංකාව නරක රටක් කියලා ෆිල්ම් හදන කොට. ඒක ලංකාවේ කවුරුත් දන්නා දෙයක්.(නදී)
වරද වසාගැනීම ජාති ආලය නොවේ.කාලකන්නි සතුටක් පමණක්මය. (නි)
සම්මානයක් ෂුවර්. ඒත් පව් අනේ එයා. (නි)
මේවගේ ෆිල්ම්ස් ලංකාවෙන් පිටටට යවනකොට බලලා යවන්න එපැයි. මේවට දැන් සම්මානත් දෙනවා. කලාකාරයන්ට උණුවෙන හදවත් තියෙන බව නම් අපි දන්නවා (නි)
අමිල, ඔබ හරි .මගේ ස්තුතිය ඔවුන් දෙදෙනාට. අගය කළ යුත්තේ ඔහුන් දෙදෙනායි (නි)
ප්‍රශ්නෙ තියෙන්නේ මෙයාගේ ස්වාධින අදහස් තියෙන ෆිල්ම්ස් ඔක්කොම තියෙන්නේ අපේ හමුදාවට විරුද්ධවනේ. රටේ මිනිස්සු සහජීවනයෙන් ඉන්න ආදර්ශවත් ෆිල්ම් එකක් හදන්න හිතට එන්නෙම නැද්ද? මමත් පොඩි කාලේදී හිතුවා දෙමල අයට ලොකු අසාධාරණයක් වෙලා ඇති කියලා. ඒ කාලේ හැම මාධ්‍යක්ම කිව්වේ එහෙමනේ. එහෙත් හොඳට කල්පනා කරල බැලුවම එහෙම දෙයක් නැහැ. එකම පොදු ප්‍රශ්නෙ දුප්පත්කම. දෙමල දේශපාලකයෝ දෙමල අයගේ දුප්පත්කම නැති කරන්න මොනවද කරලා තියෙන්නේ. ජාතිවාදේ වපුරලා මුළු රටක්ම අවූරුදු 30 ක් විනාශ කරපු එක විතරයි. ප්‍රසන්නට දෙමල ජාතිවාදයේ නිරුවත කියලා ෆිල්ම් එකක් හදන්න ස්වාධින අදහස් පහල වෙන්නෙම නැද්ද? (නි)
ආ.. එයාගේද? එහෙනම් මොන කතාද? (නි)
ශාවින්දී කියන්නේ යුද්දේ ඉවර කරපු එක වැරදියි කියලද? තවත් අවුරුදු 30 ක් තිබුණා නම් බලන්න තිබුණා. මේ ප්‍රතිචාරය දාන්නවත් ප්‍රභාකරන් ඔයාව ඉතුරු කරන එකක් නැහැ. අපිට ඔයා ගැන ගොඩාක් ලැජ්ජයි. (නි)
මදුර, ඇමරිකාව හැදුවේ ඒ ගොල්ලෝ දිනන චිත්‍රපටි. වියට්නාමයට පැරදුනාට චිත්‍රපටි වලින් දිනුවා. (නි)
මගේ විදුලි බිල ගෙවන්නේ පොලිසියෙන්ද ? (නදී)
අපේ රටේ මිනිස්සුන්ගේ දුක් කරදර අපහාස නැතුව සතුට උද්යෝගය ධෛර්ය එන ෆිල්ම් එකක් හදන්නකෝ (නි)
මෙයා මේක ප්‍රදර්ශනය කරනකම් අපේ රටේ මිනිස්සු නිදියගෙන හිටියද දන්නේ නැහැ. මේක කොහේද පටිගත කරලා තියෙන්නේ. රඟ පාන්නේ ලංකාවේ නළු නිලියන්නම් වෙන්න බැහැ. (ස)
අද ගොඩක් විදේශ සම්මාන ගන්න හදන චිත්‍රපටි හදන්නේ. අපේ රටේ ස්වභාවය විකෘති කරලා. මේවා පසු පස මුදල් වියදම් කරන්නේ විදේශිකයෝ. සම්මාන දෙන්නෙත් ඔවුන්. (නි)
රනිල් ඔයා එයාට කැමති වෙන්න පුළුවන්. ඒත් රටක් කියන්නේ වෙන එකක්. වික්ලීක්ස් වෙබ් එකට මොකද වුණේ? කටට එන සියලු දේ කියන්න එපා. (නි)
ඕව ගණන් ගන්න එපා මහත්තයෝ.තව හුග දෙනෙකුට ඔහොම කිවුවා (නි)
අපේ ගෙවල්ගාව හිටිය ඇල්ලී ජ්නපදයේ මහා ගොවියා 1956. 1983 පසේ ඔක්කොම නැතිඋනා .දෙමලු මිනිස්සු අල්ලගත්තලු, ජීවතය බේරුනා , ප්‍රසන්න එය ගෙනත් ෆිල්ම් එක්ක හදන්න. සම්මාන ලැබෙයිද දන්නේ නැහැ.(නදී)
අන්තර් ජාතික චිත්‍රපට උළෙලවල් ඉලක්ක කරගෙන චිත්‍රපටි හදන එක ලංකාවේ සිනමාකරුවන්ට පුරුදු කළේ කවුද කියලා දන්නවනේ. ලංකාවේ සිනමාකරුවොත් හිතන්න පුරුදුවෙලා ඉන්නේ අන්තර්ජාතික සම්මාන වලින් ලංකාවේ වෙළඳපොල අල්ලන්න .එක සාර්ථක ක්‍රමයක් නෙමෙයි (නි)
ප්‍රසන්න විතානගේ ඔබ හොද කලාකරුවෙක් වෙන්න පුළුවන්. නමුත් රටේ මේ ලබාගත් නිදහසට අගෞරවය වන චිත්‍රපටි හදා ලෝකෙට පෙන්වන්න එපා. පිටරැටියෝ බලා ඉන්නේ සිංහලයා බාල්දු කරන්න. යුද්දයකදී හොද නරක දෙකම සිදුවෙනවා. ඔබ කර ඇත්තේ මහා මෝඩකමක්. මම අගේ කරනවා ගයා ගුනරත්ත මහතා නිෂ්පාදනය කල කෙටි චිත්‍රපටිය. එය බලා පිටරට අය දැන් අපේ රට අගය කෙරනවා. එම චිත්‍රපටියට සම්මානත් ලැබී තියෙනවා. කරුණාකරලා කලාව අපේ රටේ මතු දියුණුව සදහා යොදා ගන්න . ඔබ ගැන ලැජ්ජයි. ඔබ ලංකාවේ කෙනෙක්. පිටරට මිනිසුන් අපේ රට බාල්දු කෙරන්න බලාගෙන ඉන්නේ තාමත්. ඔබේ ඔවුන්ට ඊට උඩ ගෙඩි දෙනවා. ඔබ ගන්න සම්මානය ගැන ලජ්ජා වෙන්න.(නදී)
අපේ හමුදාවේ වැඩ අපි යුද්දෙදි වගේම 71 දීත් දැක්කා. 88 දීත් දක්කා, 89 දැක්කා. අපට යුද්දේ ගැන තියන ගාම්බිර හැගීම ගැන පමණක් සලකා තීන්දු දෙන්න බැහැනේ. මොකෝ අපි මැරිලා ඉපදුනේ නැහැනේ. උතුරින් පිට 60000 මරුනේ නිකන්ද? (නදී)
සදරුවන් ලා වගේ අපේ හමුදාව හොදයිම කියන මට්ටමේ මම නම් නැහැ. මොකෝ මාත් 71 වගේම 89 දීත් ජිවත් උනා. අපේ අය කාටත් කල නොහැකි වැඩක් යුද්දෙදි කලා වගේම අපට පුද්ගලිකව තියන අත්දැකීම් මත අපට කියන්න බැහැ උතුරේ මොකද උනේ කියා.(නදී)
සදරුවන් පුතේ හැමදේම අපි බලාපොරොත්තු වෙන විදියට රෝසමල් ලෝකයක් නෙවේනේ. ඇයි චෙම්මිනි අමතකද, බටලන්ද අමතකද? ඔයා සහතික කරලා කියන්නේ කොහොමද යුද්දේ කාලේ උතුරේ මොකෝ උනේ කියලා. මොකෝ ඇස් දෙකින් දැක්කද? ඔන්න 89 නම් දැක්කා ඇස් දෙකින් අපේ අයගේ වැඩ.(නදී)
මෙතන අදහස් ලියන අය සර්ව සුභවාදිව පමණක් හමුදාවේ විනය දකින්නේ මොන පදනමින්ද. ලෝකේ ඕනෑම හමුදාවකින් කිසිම රජයක් බලාපොරොත්තු නොවන විනයක් ගැන අපි සහතික දෙන්නේ කොහොමද. එතකොට චෙම්මිනි,88,89,සුරියකන්ද,එළියකන්ද, බටලන්ද,මුසාවක්ද. සියල්ල හොදයි කියා ෆිල්ම් හදනේ කොහොමද?.(නදී)
එයාලා ඔය වගේ අපේ හමුදාවට එරෙහිව කතා කරාවි.නිර්මාණ හදාවි. ඒත් ඔවුන් කවදාවත් කොටින් බුරුතු පිටින් සිදුකල ඝාතන ගැන කතා නොකරාවි. ඒත් ඔවුන්ට මෙහෙම රජයේ ආරක්ෂක අංශ විවේචනය කරන්න තරම් මාධ්‍ය නිදහසක් තියෙනවානේ. ඒ කොහොමද? (නි)
මෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් කුමටද මේ රටට.(නදී)
ප්‍රසන්න චිත්‍රපටියක් හදන්නේ ඔහුගේ තේමාව අනුව. අප එය බැලිය යුත්තේ සිනමා ඇසකින් පමණි. රට පිළිබද සියලු තොරතුරු පිටරට මිනිසුන් දැනගන්නේ ජනමාද්‍ය වලින්. (නි)
මේ රට කන චිත්‍රපට හදලා රට යවන එක නවත්වන්න ඕනේ. බාල පන්තියේ වැඩ.(නදී)
යුද්ධය දිනුවා කියලා අපි ලබපු ජය මොකක්ද? දහස් ගානක් මිනිස්සු, කිරිදරුවො මැරුණා. මොඩ මිනිස්සු පාරවල් වල ඉදන් කිරි බත් පවා ඉව්වා,කෑවා. උතුරෙ මැරුනු අහිංසක මිනිස්සුන්ගේ මරලතෝනිය,වේදනාව ගැන කාටවත් හැගීමක් නැහැ.මට මගේ රට ගැන ඇත්තටම ලැජ්ජයි (නි)
71 දි ප්‍රේමවතී මනම්පෙරිව හමුදාවෙන් අරන් ගිහිල්ලා අනෙක් හිරකාරිය සමග සමලිංගික ක්‍රියාවන් විශාල පිරිසක් ඉදිරියේ ප්‍රදර්ශනයක් ලෙස කිරීමට බල කලා. ඒවා ගැන නඩු වාර්තා පොත් ඕනා තරම් තියනවා. මේ හමුදාවමයි යුද්දේ දිනුවේ. මේ අයමනේ උතුරේත් හිටියේ. ඇයි අපි ෆිල්ම් හදන්නේ හොද කියලා විතරද?(නදී)
නුඹ අසත් පුරුෂයෙක්. අසත් පුරුෂයන් නිතරම අසාර්ථක වේ.(නදී)
ප්‍රසන්න විතානගේට අවශ්‍ය සම්මාන විතරයි. මේ පොලවේ පයගහන්න හැටියක් දන්නේ නැහැ.(නදී)
ඇමරිකාවෙන් ඇමරිකාවේ හමුදාවත් අනෙකුත් සිදුවිමුත් විවේචනේ කර හැදු මේ චිත්‍රපටි ඔබ බැලුවාද. "ද මැසෙන්ජර්, ඉන්වික්ටස්,ගුඩ් බායි බෆාන, ස්ශින්ද්ලර්'ස් ලිස්ට්, වගේ ලෝක ප්‍රසිද්ද ෆිල්ම් ඕන තරම් ඇත. නමුත් ඒවා ලංකාවේ මොකද්දෝ කරුමෙකට නොපෙන්වයි. පෙන්වන්නේ ලාබෙට ගත්තු ශාන්ති,ප්‍රගති.(නදී)
ප්‍රසන්න විතානගේ, ඔබ දේශ ද්‍රෝහියෙකි.(නදී)
මට සල්ලි දෙන්න. අම්ම උනත් දෙන්නම් කියන පුතාලට සම්මාන දෙන ඊට අනුබල දෙන දේශපාලුවෝ. කළාකරුවෝ ප්‍රෙක්ෂකයෝ නැත්තේ යාපනයේ විතරයි. මගේ කට මගේ බඩ විතරයි. මේවා කියවන අපටයි තලන්න ඕනේ. වරද කව්රු කලත් වැරදියි. මේකත් චැනල් 4 එකේ ආධාරද?(නදී)
චැනල් 4 කරන්නෙත් මෙයා කරපු දේම තමයි.(නදී)
ලංකාවේ මාධ්‍යවලට අරමුණක් නැහැ. පාඨකයාව කොහාටද ගෙන යන්නේ? සිනමාව, ටෙලි නාට්‍ය සහ අනෙකුත් මාධ්‍ය බොහොමයක් එහෙම තමයි. ඒක ඔප්පු වෙනවා චන්ගුමිගෙන්. කොරියානු නාට්‍යයක් ලංකාවේ ජනප්‍රිය වුණේ ඒ නිසා. ඔහොම ජාතිද්‍රෝහියෝ රජ කාලෙත් හිටියා. (නි)
අශෝක හදගම මහත්තයා තනි තටුවෙන් පියාඹන්න හදද්දීත් කට්ටිය මේ වගේ බෙරිහන් දුන්නා. ඒක කාටවත් තේරුනේ නැහැ.හේතුව ඒක හැදුවේ සිග්මන් ෆ්‍රොයිඩ් ගේ තුන් වැනි නියාමෙට අනුව. මනෝ විද්‍යාත්මක නියාම වලට අනුව. (නි)
මේක නොබලා මුකුත් කියන්න බැහැ.. කොහොම උනත් රටට හා හමුදාවට කැළලක් වෙනවනම් ඒක වැරදි .....(ස)
මෙවන් අය ලක් පොලොව මත සිටීම මටම පුදුමයක්. (නි)
පැරිසියේදීත් ඔහොම ප්‍රශ්න අහපු ලේකම් කෙනෙක්ව එලියට ඇදලා දැම්මාලු නේද? (නි)
චෙම්මිනි බොරුද එතකොට. රාජිනි තිරාණගම මැරුවේ එෆ්.බි.අයි එකද? සුරියකන්ද සි.අයි.ඒ එකේද, චෙම්මිනි කේ.ජි.බි එකේද, එළියකන්ද එම ඒ.වයි.අයි6 ඳ කලේ. බටලන්ද මොසාට් එකේද. ත්‍රිමා විතාන මැරුවේ ඉන්දියන් හමුදාවද. ඇයි මැරිලා ඉපදුනා වගේ කතා කරන්නේ. ඔව් යුද්දේ දිනපු එක වගේම අනික් දේවලුත් ෆිල්ම් වල පෙන්වන්න ඕනා.(නදී)
ප්‍රසන්න විතානගේ, ඇත්තටම ඔබ ගැන හරිම ලැජ්ජියි. ඔබ අසත් පුරුෂයෙකි.(නදී)
ප්‍රසන්නට කරන්න පුළුවන් ඔය වගේ නිර්මාණ විතරමද? එයාට වෙන විදිහකට නිර්මාණයක් කරන්න බැරිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඉතාලි ජාතිකයාගේ අදහස අනුමත කරමි. (ස)
කුඩා කාලේ වැටිලා ඔලුව බිම වැදුනහම ලොකුවෙනකොට සිහිකල්පනාව අඩුවෙනවා. එතකොට කරන්නේ ඔයවගේ මනෝ විකාර වැඩ තමයි. බිහිකරපු අම්ම තාත්ත හරියට අඳුරන්නේ නැහැ. උපන් රටට ජාතියට දහමට විනකරන්නමයි හිතෙන්නේ. නිදහස් චින්තනයේ නාමයෙන් ඕන අවලන් වැඩක් කරලා සම්මාන පිට සම්මානයි සල්ලියි තමයි ඉතින්. අනේ අපේ රටට වෙන දෙයක්.(නදී)
අධ්‍යක්ෂකවරයා නිදහස් කලාකරුවෙකු වුවත්, ඔහුගේ චිත්‍රපටි හරහා වැරදි ආකල්ප සමාජගත කරන එක වැරදියි.(ස)
කොන්ද පන තියෙන රට ජාතිය ගැන කැක්කුම තිබ්බ එවුන් දෙන්නයි ශාලාවටම ඉදලා තියෙන්නේ.(නදී)
මම දන්නා තරමින් මේ මහත්තය දේශද්‍රෝහියෙක් නොවේ. ඔහු විවාහ වෙලා ඉන්නේ මාලනී ෆොන්සේකා මහත්මියගේ නැගණියත් සමග. කලාව ගැන වර්ගවාදීන්ට දැනීමක් නැති වුනාම ඔහොම එනවා.කලාව කියන්නේ අච්චුවේ දාපු දෙයක් නෙවේනේ.(ස)
මට කියන්නකෝ කොහෙද හොද මානව හිමිකම් රැකුන යුද්ධ තිබුනේ කියලා? කොහෙවත් නැහැ. නමුත් හමුදාව කලේ කළ යුතුම දේ. ඔවුන් අපි හැමදාම අදහනවා.හැබැයි මිතුරනි කලාකරුවන්ට ඒ ගොල්ලන්ගේ අදහස් නිදහසේ එළිදක්වන්නත් ඉඩ හරින්න ඕනෑ. (නි)
මේ හොයන සත්‍යය තියෙන්නේ එන්.ජී.ඕ. සල්ලි වල. අම්මා තාත්තා විකුණලා හරි සල්ලි තමා හොයන්නේ.(ස)
ඔයවගේ චිත්‍රපටි හැදුවම ලංකාවයි සවුත්තු වෙන්නේ. රටට මොනවා උනත් කමක්නෑ සම්මාන, මුදල් ලැබෙනවා නම් කියලා හිතනවා නම් වැරදියි. (ස)
ඔහු නිතරම හදන්නේ එකම තේමාවයි. (නි)
අඟේ ඉඳන් කණ කන මනුස්සයෙක් නම් වෙන්න එපා. (ස)
ප්‍රසන්නගේ පිළිතුර තේරුම් ගත්ත නම් ගැඹුරින් තවදුරටත් ප්‍රශ්න කිරීම් පැහැදිලි කිරීම් අනවශ්‍යයි. කලා කෘතියක් විචාරය කිරීමේ ඒ බී සී නොදැන. මං මුලා වූ විවේචකයින්ට කලා නිර්මාණ රස විඳින්ඩ බැරි එක පුදුමයට කරුණක් නොවෙයි.(ස)
කොන්දක් තියන ලංකාවේ පිරිමි ටිකක් එතන ඉඳලා තියෙනවා."තවත් අයෙක් කිවුවේ අධ්‍යක්ෂකවරයා නිදහස් කලාකරුවෙකු බවයි. ඔහුට ඕනෑම දෙයක් කිරීමට අයිතිය ඇති බවයි" මේ කොහේ තිබෙන අයිතියක්ද ? එහෙමනම් නිල් චිත්‍රපටි හදන්නත් අයිතියක් තිබෙනවද ? එක වෘත්තියකට විතරක් ඕනෑම දෙයක් කරන්න කොහෙවත් අයිතියක් නැහැ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
චිත්‍රපටවලට විදේශීය සම්මාන ලබන්න හොඳම විදිහ තමයි විතානගේ අනුගමනය කරන ක්‍රමය. පුරහඳ කළුවර වගේ ඒවයෙත් එයා කරන්නේ රටේ පැවති ත්‍රස්තවාදී ප්‍රශ්නයේදී යුද හමුදාව කල දේ විවේචනය කිරීමයි. මොනම කලාකාරයෙක්වත් යථාර්තයෙන් වෙන්වූ මනෝ ලෝකවල ඉඳන් කෘති නිර්මාණය කරන්නේ නැහැ. (නි)
ජපනා දියුණු වුණේ රටට තියෙන ආදරය නිසා. අපේ ලංකාවේ අය කලාව පහතට දාලා අපේ වීර හමුදාව පහත් තත්වයට ගෙනෙන්න හැදුවට තමයි කණගාටුව. (නි)
අකමැති අය බලන්න එපා. මෙහෙ පෙන්නන්න හැදුවොත් විරුද්ධ වෙන්න වෙනවා. (නි)
අපේම අය අපිවම කනවා. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මේක දැන් ලංකාවේත් පෙන්වනවද? ඔය හමුදාවේත් හොඳ නරක අය දෙගොල්ලොම ඉන්නවා. ඒකයි සත්‍ය. (නි)
අප්‍රසන්න වැඩ කරන ප්‍රසන්න. මොහු වැනි උදවිය මල මාලා දමා පිළිගත් රටකි මෙය. සල්ලි වෙනුවෙන් ඕනෑම පාහර වැඩක් කරයි මුන්.(නදී)
රට පාවාදීල කොච්චර සම්මාන ගත්තත් මොකටද ඒත් චිත්‍රපටය නොබලා මොකුත් කියන්න බෑ. (ස)
ඇෆ්ගනිස්ථානය,ජපානය,වියට්නාමය,බුරුමය,ඉරාකය,ලිබියාව... මේ හැම රටකම යුද්දයේදී මිනිසුන් මැරුනා,දුෂණය වුනා. ඒ අය ගැන චිත්‍රපටියෙන් කතා කිරීමේ වරද කිම? වැඩි හුදී ජනයා යථාර්තය අවබෝධ කර ගැනීමට වැඩිය මතුපිටින් උකහා ගැනීමට සමතුන්ය. අපි සිතන ආකාරයේ වෙනසක් ඉක්මනින්ම අවශ්‍යය. (නි)
පැරිස්, ඉතලි වගේ රටවල් වල වැඩියෙන් ඉන්නෙ ලංකාවෙන් පැනල ආපු අය. ඊට පස්සෙ ලංකාවෙ ඉන්න බැහැ කියලා නොයෙකුත් බොරු කියල පුරවැසිබාවය ගත්ත අය. ඉතින් මේ අය කොහමද කියන්නේ රටට ජාතියට ආදරය කරන හොද රසිකයන් පිරිසක් කියල? මේ නිර්මාණයෙන් කියවෙනවා 3ක්. (1). අපේ හමුදාව නීතිය හරියට ක්‍රියාත්මක වීම. (2). හමුදා සාමාජිකයන්ට උනුවෙන හදවතත් ඇති බව (3). දෙමල මිනිසුන් තවමත් පරණ මිලේච්ඡ මතවල සිටීමත් සහ වෙනස් නොවෙන බවත්. තවද මෙලෙස අනාථ වුණ දමිල තරුණියක් මෙම නිර්මාණය බැලුවානම්, අනිවාර්යයෙන් පරණ තරහවල් අතහැර සාමාන්‍ය ජීවිතයක් ගතකරීමට උත්සාහ දරනවා. මෙය තේරෙන්නෙ නැති අය අට පාස් බොරු කියල රට පාවාදීපු අයට මොන කතාද?(නදී)
ප්‍රසන්න මහත්තයෝ, ඔබතුමා සම්මාන ගනීවි. නමුත් රට වෙනුවෙන් මගේ සහෝදරයත් නින්දාවක් නේද කරලා තියෙන්නේ? (නි)
ඊලග පාරත් ප්‍රශ්න අහන්න නැගිට්ටොත් නිකන් එලියට නොදා මම හිටියොත් ගහලයි එලියට දමන්නේ (නි)
ප්‍රසන්න විතානගේ යනු නිදහස් කලාකරුවෙකි. (නි)
හමුදාවෙ සියල්ලම සෝවාන් වෙලා නැහනේ. ඉතින් අපේ හමුදාව 100% ක් සුද්දයි කියනවට වඩා, හමුදාව හරියටම හමුදා නීතිය ක්‍රියාත්මක කරනවා පෙන්නුවහම ඇති. හොද ෆිල්ම් එකක් (නි)
කෙනෙක්ට සම්මතයට විරුද්ධව හිතීමේ අයිතිය ඇත.සල්මන් රුස්දී,තස්ලිම් නස්රීන් කළෙත් එහෙමයි. ඇමරිකාවෙත් ඕනෑ තරම් චිත්‍රපටි හදනවා ආණ්ඩුවට හමුදාවට විරුද්ධව.කරුමෙකට ඒවා අපේ රටේ නැහැ.ඕනැ කෙනෙක් ඉන්නවා නම් අන්තර්ජාලේ හරහා දැනගන්න.අනික අපේ හමුදාව ගැන අපිට ප්‍රායෝගික අත්දැකීම් තියනවනේ අසු ගැන වලින් පස්සේ. අපි කොහොමද කියන්නේ උතුරේ හිටියේ සාන්තුවරු වගේ කියලා. (නි)
ජාති ද්‍රෝභියෝ තමයි විදේශිකයින්ට උවමනා දේවල් කරන්නේ. එතකොට සම්මාන ලැබෙනවනේ.(නදී)
පිට රටින් සම්මාන දෙනවනම් කට්ටිය අම්මව උනත් දුෂණය කරනවා පෙන්නන චිත්තර පටියක් හදයි. (නදී)
දෙමල ගැහැණු ළමයි බලහත්කාරෙන් එල්.ටී.ටී.ඊ එකට බඳවා ගැනීමෙන් බේරෙන්න තාත්තලා දියනියන්ව ගැබ් ගැන්නවීම, හින්දු ළමයි ඉස්ලාම් ආගමට යාම ප්‍රසන්නට පෙනෙන්නේ නැහැ. ළමා සොල්දාදුවන් අපයෝජනය වුන හැටි පෙනෙන්නේ නෑ. මාලිනි මන්ත්‍රීතුමිය එක්ක ගිහින්වත් පුනරුත්ථාපනය උන කොටියෙක් හෝ කරුණා, කේ පී වගේ නායකයෙක් මුණ ගැහිලා ඇත්ත දැනගන්න. තවත් දෙයක් කියන්න ඕනා. ශින්ද්ලර්ස් ලිස්ට් චිත්‍රපටියේ තියෙන්නේ ජර්මන් හමුදාවේ අපරාධ මිසක් ඇමෙරිකන් හමුදාවේ අපරාධ ගැන නෙවෙයි. ස්ටීවන් ස්පිල්බර්ග් තාම ප්‍රසන්න වගේ පහත් තත්වෙකට පත්වෙලා නෑ.(නදී)
චිත්‍රපටි ඇත්ත නෙවේ. ඇයි සිංදු දාන චිත්‍රපටි වලටත් බනින්නෙ නැත්තේ? ඒවාත් ඇත්ත නොවෙයිනේ (නි)
මම හිතන්නේ පුරහද කළුවර චිත්‍රපටයත් සොල්දාදුවන්ගේ චිත්ත ධෛර්ය නැතිකරන්න සමත් වුණා. එහෙම නේද? (නි)
අපේ හමුදාව විරෝදාර බව ඇත්ත. හිතන්න 71,88,89, උතුරෙන් පිට හැසිරුණ විදිහ. ඉතින් මේ හමුදාවමනේ උතුරේත් හිටියේ.අපි කොහොමද 100% ම කියන්නේ අපේ අය කිසිම වරදක් කලේ නැහැ කියා. (නි)
ප්‍රසන්න විතානගේ යනු දේශයට ගරුකරන, තම දෘෂ්ටි කේන්ද්‍රය මෙහෙයවා කටයුතු කරන, නිහතමානී කලා කරුවෙක් බව ලාංකීය ජනතාව තේරුම් නොගැනීම කලාවේ උන්නතියට කරන්නා වු අගෞරවයක්ම වනු ඇත. (නි)
අමෙරිකාව කවදාවත් වියට්නාමයේ හොද කියලා ෆිල්ම් හදලා නැහැ. ඇමෙරිකාව හැමතිස්සෙම ඒ ගොල්ලන්ගේ හමුදාවේ හොද කියලා ෆිල්ම් හදනවා. (නි)
චිත්‍ර පටයක් විදියට හොද ඇති. ඒත් රට, ජාතිය, ආගම බාල්දු කරලා ගන්න සම්මානය මොකටද? අපේ රටේ විතරයි ඔහොම වැඩ කරන්නේ. බලන්න ඇමෙරිකානු චිත්‍රපටි. එයාලා මොන ජරා වැඩේ කළත් රටේ නම කන්නේ නැහැ. කණගාටුයි (නි)
තවත් මෙවැනි චිත්‍රපටි නිර්මාණය කරන්න. (ස)
අනුන් කියන දේවල් අහලා වැඩක් නැහැ. අපිත් ඔය චිත්‍රපටිය බලලා මිසක් ඔය ගැන නිගමනයකට එන්න බැහැ (නි)
මාර ප්‍රතිචාර ටිකක්නේ. මේ දෙන්නෙක් කරපු වැඩේ මෙච්චර වීරකමක් කරලා තියෙන හැටි. (නි)
ආ අපි දන්නේ නැද්ද අපේ අයගේ වැඩ. සුරියකන්ද, චෙම්මිනි, එළියකන්ද, ප්‍රේමවතී මනම්පේරි,ත් රිමා පරණවිතාන, රවී ජෝන්, සාගරිකා ගෝමස්. අලුත්ම එක දැන් මාතලේ.(නදී)
වැඩිය ඕන නැහැ ඇමරිකාවේ අලුත්ම චිත්‍රපටිය සිරෝ ඩාර්ක් තර්ටි බැලුවොත් පේනවා සි අයි ඒ එක තලේබාන්ලාට දෙන වද ටික. හරියට අවසානෙදි ඇමරිකාවේ වීරකම පෙන්වනවා වුණත් කාටවත් ඇමරිකන් හමුදාවේ කුරිරුබව හොදින්ම උලුප්පා පෙන්වනවා.කලාකරුවෙක්ගේ වගකීම එයයි. (නි)
වියට්නාම් යුද්දෙ කාලෙ ඇමරිකාව හදපු චිත්‍රපටි ගණන කොච්චරක්ද කියලා මතකද? අපේ රටේ මිනිහෙක් දෙයක් හැදුවට පස්සෙ ඒකට බැන බැන ඉන්නවා මිසක් ඕනෑතරම් උත්තර දෙන්න පුලුවන් විදියට නිර්මානයක් කරන්නෙ නැහැ (නි)
ලංකාවෙ කීර්තිනාමය ගැන ප්‍රශ්නාර්ථයක් සහිත කතිකාවතක් යන මේ වෙලාවෙ ජාතීන් අතර සහජීවනය ගැන ඉහළින් කතා කරන අපේ මුස්ලිම් සහෝදරයන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත්තෙ ඇයිද මන්දා? මං හිතන්නෙ, ලංකාව අපි හැමෝගෙම රටක් කියලා මොනතරම් කෑගැහුවත් මේ චිත්‍රපටියට මුස්ලිම් සහෝදරයෙක් පැටළිලා නැති හින්දා වෙන්න ඇති ඔවුන් නිහඩ. (නි)
ප්‍රසන්න මහත්තයා ඔබ කර ඇති වරද සුළුපටු නොවේ. මෙය චැනල් 4 නාලිකාවට උඩගෙඩි දීමක් නොවෙයිද? (නදී)
චෝදනා කරනවා නෙමෙයි.නමුත් අපි ඇස් දෙකින් දැකපුවා, කන් දෙකින් අහපුවා නැහැ කියන්නද? හමුදාව වීරෝධාර වග ඇත්ත. නමුත් අපිට ඇස්දෙකට බොරු කරන්න බැහැ නේද? (නි)
දැන් ගොඩක් චිත්‍රපටි කරන්නේ මුදල් හා සම්මාන බලාගෙන. ටෙනිසන් කුරේලා මොනවා වුණත් ලේ හරි පිරිසුදු කරනවා. අගය කරන්න ඕනෑ අන්න එහෙම මිනිස්සු (නි)
කැත වැඩක්.(නදී)
අයියෝ අයියෝ අනේ මන්දා
මෙය නිර්මාණයක් වුවත් සුදුසු අවස්ථාවට සුදුසු නිර්මාණ කළ යුතුයි. මේ ඒ සදහා අවස්ථාව නොවේ. රට පත්ව ඇති බැරෑරුම් අවස්ථාවක අසත්‍ය සත්‍යය කිරීමට ඔබේ නිර්මාණ දායක වේ නම් ඔබ සැබෑ දක්ෂයෙක් නොවේ. (නි)
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ අල්පමාත්‍රයක් වුවද එකී සත්‍යය කිසිවෙකු හෝ පිළිනොගන්නා විට පවා, හෙළිදරවු කිරීමයි. ඇත්තෙන්ම ඔහුට මඟ වැරදීමට පුළුවන. එහෙත්, ඔහු අව්‍යාජ නම්, එකී වැරදීම් පවා සිත්ගන්නාසුළුය. මන්ද යත් එකී වැරදීම් ඔහුගේ අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනයත් අරගලයත් මූර්තිමත් කරන බැවිනි. (නි)
අපි තුන්වන පන්තියේ රටක් නිසා ප්‍රශ්න එනවා වැඩියි. රටක් වශයෙන්, ජාතියක් වශයෙන් රටේ ඒකීයභාවය බිදෙන දෙයක් සුළුවෙන්වත් නොකළ යුතුයි (නි)
කලාකරුවා වශයෙන් හැදින්වෙන්නා,රටකට හෝ ජාතියකට වෙන් වූ කෙනෙක් නොවෙන බව තවත් තේරුම් නොගත් මන්ද බුද්ධිකයෝ රටේ තව මේ වගේ කොතෙක් ඇත්ද ? (නි)
ගොඩක් අය නිතරම කළේ ලංකාවේ සමාජ සංස්කෘතිය විනාශ වෙන විදියට ෆිල්ම්ස් හදලා , ලංකාව විනාශ කරන්න බලන් ඉන්න අයගෙන් සම්මාන ගන්න එක. හැබැයි ඒක වැරදියි (නි)
රවී ජෝන්, ත්‍රිමාවිතාන, චෙම්මිනි, එළියකන්ද, සුරියකන්ද, මාතලේ, සාගරිකා ගෝමස් 88,89,71. ඇයි අමතකද? (නදී)
මොනවා වුණත් දේශද්‍රෝහී වැඩ කරන එක වැරදියි. (නි)
ඔය වගේ සිනමා පටි හදන්න ,ඉදිරිපත් කරන්න තිබුනේ තව අවරුදු 50 ක් විතර ගියාට පසුව . අපේ හමුදාව හොඳ කියලවත් නරකයි කියලවත් මම කියන්නේ නැහැ. මේවා ලෝකේ වටේ යවපුවම වෙන්නේ ,ආයෙම ගින්දර ඇවිලෙන එක විතරයි . ප්‍රසන්න ගේ දක්ෂ කමට වඩා අද අපට රට ගැන හිතන්න ගොඩක් දේවල් තියෙනවා .ඇයි එයාට වෙන තේමාවක් හොයා ගන්න බැරි උනේ ?(නදී)
තවමත් බැහැනේ ඇත්තට සිංහල දෙමළ හමුදාව සම්බන්ධ කරන්නෙ නැතුව චිත්‍රපටියක් හදාගන්න? (නි)
සුරිය කන්ද... එළියකන්ද,චෙම්මිනි, මාතලේ මාතලේ......
අපේ රටේ යුද්ධයේදී වැඩිපුරම පීඩනයට පත්වුණේ අපේ අහිංසක සිංහල ජනතාව (නි)
ලෝකයේ ඕනෑම රටක හොද වගේම නරකත් තියෙනවා. ඒක වාසියට ගෙන පහර ගැසීම පහත් දෙයක් (නි)
අනේ මම මේ දන්නෙ නැති හින්දයි අහන්නෙ. අමෙරිකාවෙ, බ්‍රිතාන්‍යයෙ වගේ රට වල මෙවැනි නිදහස් කලාකරුවො ඉන්නවද? ඒ ගොල්ලන්ගෙ හමුදා අනෙක් රටවල කරන යුධ අපරාධ ගැන මේ වගේ එක චිත්‍රපටයක්වත් නිපදවලා තියෙනවද? (නි)
හරි වැඩක් නේ
මට හිතාගන්න බැරි දේ තමයි මේ මිනිසුන්ට මේක නිර්මාණාත්මක චිත්‍රපටියක් කියලා තේරුම් ගන්න බැරි ඇයි කියලයි. මේක වාර්තා චිත්‍රපටියක් නොවෙයි. ඉතාලියේ ඉන්න සිංහල මිනිසුන්ගේ මානසික තත්වය මේකෙන් හොඳට තේරෙනවා. (නි)
පිට රටින් සම්මාන හම්බ වෙනවා නම් අපේ අය ඕනෑම දෙයක් කරයි (නි)
ප්‍රසන්න විතානගේ, ඔබ දේශ ද්‍රෝහියෙකි.(නදී)
මෙහි සත්‍ය අසත්‍යභාවය සාධාරණ ලෙස පෙන්වා දෙන්න අමාරුයි. ලංකීක හමුදාවේ සොල්දාදුවෝ ගොඩක් කැප කිරීම් කරලයි මේ යුද්දය දිනුවේ. නමුත් මෙම සිනමා අධ්‍යක්ෂකවරයා පෙන්වා දුන්නු තර්කය කොට්ඨාශයකට පමණක් නිවැරදියි. නමුත් ඔහු කළ වරද රට සහ බහුතර රණවිරු පිරිසක්ව ජාත්‍යන්තරය හමුවේ හෑල්ලුවට ලක්කිරිමකි. විවෘත වෙන එක හොඳයි, නමුත් එයට එරෙහිව නැගී සිටින පිරිස ගැනත් සිතිය යුතුයි (නි)
හමුදාව පස්සේ කාලයකදී යුද්දේ දිනුවම අපි සන්තෝෂ වුණත් කලින් හිටිය විදිය ගැන අපි කියන්න දන්නේ නැහැනේ. (නි)
කොන්ද පන තියෙන, රට ජාතිය ගැන කැක්කුම තිබුණු අය දෙන්නයි ශාලාවටම ඉදලා තියෙන්නේ (නි)
සුරිය කන්ද, එලිය කන්ද , චෙම්මිනි ,මාතලේ.(නදී)
කැත වැඩක් ප්‍රසන්න විතානගේ කරලා තියෙන්නේ.(නදී)
පද්ම අක්කා, ඔබ සම්පූර්ණයෙන්ම හරි. ඇත්ත තමයි අපි කොහොමද දන්නේ ගෙදරින් ගියාට පස්සේ අපේ ගැණු කොහේ යනවාද කියලා. විශ්වාස කරන්න එපා. ඔයා හරියටම හරි. මාත් එහෙමයි. මොකද මගේ කණ්ණාඩියේ පාට මට විශ්වාසයි. (නි)
1989 දි හමුදාවෙන් දූෂණය කර මරාදැමූ සිංහල තරුණියන් ගන කතා නොකරන්නෙ ඇයි? (නදී)
ලංකාවට පිටරටින් මේ වෙලාවේ ගොඩක් ප්‍රශ්න තියෙන නිසා මේ වගේ දෙයක් පෙන්වීම අඥාන වැඩක්. (නි)
නිකන් හිතන්න 88,89,71 ටයර් සයවල්,සුරුඉය කන්ද, චෙම්මිනි, එළියකන්ද, දැන් මාතලේ... මේ පුද්ගල ගතන වලටත් එකල හමුදාවට ඇගිල්ල දික් උනා. උදාහරණ රවී ජෝන්,සාගරික ගෝමස්,ප්‍රේමවතී මනම්පේරි,ත්‍රිම විතාන,රාජිනි තිරාණගම.මේක නෙවේද යුද්දේ කුරිරු බව.මේ කලාකරුව පෙන්වන්නේ එහෙම දෙයක්නේ.(ස)
ප්‍රසන්න, ඔයා ඔය වගේ චිත්‍රපට හදන්නේ නැතුව "සුදු වැන්,කොමිස්,පත්තර කන්තෝරු ගිනි තැබිම,නිලධාරින් ගස් බැඳිම,අධිකරණයේ ප්‍රශ්න" ආදිය ගැන චිත්‍රපටි හදන්න. (නි)
මේ ලැයිස්තුව හැමෝම කියවන්න. මට වට කරලා ගහන්න ඕන නම් ගහන්න. ප්‍රේමවතී මනම්පේරි, රවී ජෝන්, සාගරික ගෝමස්, සුරිය කන්ද, චෙම්මිනි, එළියකන්ද, ත්‍රිමා විතාන, රාජිනි තිරාණගම... දැන් අලුත්ම එක මාතලේ. මන් නම් චරිත සහතික කාටවත් දෙන්න යන්නේ නැහැ. මට ඉතිහාසේ හොදට මතකයි.(නදී)
මේ වගේ අයට කියන වචනේ මට මෙතන ලියන්න බැහැ (නි)
අපි කොහොමද අපේ අය 100 % හරි කියන්නේ, දැක්කේ නැතුව. මේ තරුණ කොල්ලොනේ. (නි)
ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න පුලුවන්. ඒත් මේ වගේ දෙයක් රටින් පිට කරලා ලෝකෙටම පෙන්වන්න අවසර දුන්නේ කවුද කියන එකත් සොයා බලන්න ඕනෑ. (නි)
මොකද්ද ඒ කතාව
මේ කතාවම සිංහල දෙමල පැත්ත මාරුකරලා චිත්‍රපටය හදන්න තිබුනා. ඒ කියන්නේ සිංහල පැත්තේ වැරදි නැතුව දෙමල පැත්තේ වැරැද්ද උලුප්පලා පේන විදියට. නමුත් විතානගේ දන්නවා එහෙම කලොත් චිත්‍රපටිය බටහිර රටවල මාකට් කරන්න බැහැ, සම්මාන ගන්න බැහැ කියලා. කවුරු මොනවා කිව්වත් සත්‍ය නම් ඒකයි. (නි)
චිත්‍රපට කියන්නේ, නිදහස් කලාවක්. ඕනෑම කෙනෙකුට ඕනෑ විදයකට එය නිපදවන්නට පුලුවන්.ඒ වගේම විවේචනය කරන්නත්, නිදහක් තියෙනවා. (නි)