අගෝස්තු මස 23 - 30 වැනිදා තෙක් රුසියාවේ පැවැති තෙවැනි අන්තර්ජාතික සකාලීන් චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට රුසියා විචාරක සංසදයෙන් පිරිනැමෙන සම්මානය දිනා ගැනීමට ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතුව ඔබ එක්ක" සමත්විය.
රුසියාව, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය, පිලිපීනය, චෙක් ජනරජය, කසකස්තානය, ජර්මනිය සහ ප්‍රංසය නියෝජනය කරමින් චිත්‍රපට නවයක් මේඋළෙලේදී තරගකාරී අංශය නියෝජනය කළේය.
මේ සම්මානය "ඔබ නැතුව ඔබ එක්ක" දිනූ පස්වැනි අන්තර්ජාතික සම්මානයයි.
43 වැනි ඉන්දීය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය එහි ප්‍රධාන නිළි අංජලී පාටිල් විසින් දිනා ගන්නා ලද අතර ප්‍රංශයේ වෙසුල් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි "රන් පාපැදිය" සම්මානය සමඟ නෙට්පැක් ජූරියෙන් හොඳම ආසියාතික චිත්‍රපටයට පිරිනැමෙන නෙට්පැක් සම්මානයද "ඔබ නැතුව ඔබ එක්ක" දිනාගත් අතර, ඉතාලියේ මිලානෝවේ අප්‍රිකා, ආසියා, ලතින් ඇමෙරිකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සිග්නීස් ජූරියෙන් පිරිනැමෙන "සිග්නීස්" සම්මානය ද දිනා ගැනීමට"ඔබ නැතුව ඔබ එක්ක" සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් චිත්‍රපටි ලංකාවේ පෙන්නන්නේ නැද්ද (දී)
මේකේ අපේ හමුදාවටයි සංඝයා වහන්සේලාටයි පහර ගහලා නැහැ නේද? (නි)
තමන්ගේ මනකල්පිත අදහස් වෙනම පටයකින් එලිදෑක්වීම වරදක් ණෙමෙයි නමුත් තමා තම ජාතියට, ආගමට, සංස්කෘතියට සහ ශ්‍රී ලන්කාවෙ කීර්ති නාමයට හානියක් නොවෙන විදියට වග බලා ගත යුතුයි තමා උපන් රටට කැළලක් ඇති කිරීම තම මවගෙය් චරිතය ගාතනය කළා හා සමාන වෙනවා. සම්මාන ගන්න බලාගෙන චිත්‍රපටි කරන අය මෙය සිහියට ගත්තොත් හොඳයි (දී)
කවුරුත් එන්නැති කව්රුත් යන්නැති සම්මාන උළෙලවල් වලදී අපේ අයට සම්මාන ලැබෙනවා . මේ ළඟදිත් හම්බවුනේ . ලෝක ප්‍රසිද්ද සම්මාන උළෙලවල් වල අපේ අය ගැලරියේත් නැහැ . තාමත් යුද්දේ පට්ට ගගහ ෆිල්ම් හදනවා . ඒවාට මුඩුක්කු සම්මාන උළෙලවල් වල සම්මානත් ලැබෙනවා ( දැන් කට්ටිය මට බැනපල්ලා අපේ මෙලෝ රහක් නැති ෆිල්ම් අගේ නොකලට ).(නදී)
පැවති යුද්ධයට අබමල් රේණුවකින්වත් දායක නොවී එයට අකුල් හෙලපු අය තමා දැන් යුද්ධයෙන් ප්‍රයෝජන ගන්නේ.මේගැන චිත්‍රපට හැදුවට ගැටළුවක් නෑ හැබැයි අපේ රණවිරුවන්ට අපහාස නොකර. (දී)
එක එක්කෙනා මොනවා කතා කලට ප්‍රසන්න ඔබ දක්ෂ සිනමා කරුවෙක් මගේ උණුසුම් සුබපැතුම් (දී)
රටට ගෞරවයක් ගෙනෙන සැමටම මගේ ගෞරවය (දී)
'සම්මාන නැතුව සම්මාන එක්ක' ඉන්න බවයි පෙනීයන්නේ. කලකට පෙර භික්ෂුවකුත් රුසියාවෙන් උපාධියක් ගන්න ගියා. (දී)
ප්‍රසන්න විතානගේ යනු කවුද කියා අපි දනිමු (නි)
අපි නම් බඩගින්නේ මළත්, මොන අගහිඟකම් තිබුනත් රට ,ජාතිය, ආගම නම් පාවලා දෙන්නේ නැහැ (නි)
බොහෝ සිනමා පට විදේශ රටවලදී සම්මාන ගන්නා . ඒවා අප රටේදී පවුලක් එකට සිට නැරඹීමට නොහැකි සිනමා පටයි. ඒවායේ ගොඩක් පසුබිම වී ඇත්තේ සමලිංගික සේවනය අස්වාබව්ක ලිංගික හෝ ලිංගික හිංසනයන්ය . නැතිනම් අපේ හමුදාව හෝ පොලිසිය කරන්නාවූ වැරදී ක්‍රියා පෙන්වන සිද්දින්ය. මෙම චිත්‍රපට බටහිර ලෝකයේ පෙන්වන්නේත් සීමිත කොටසකට පමණි . මේවා අපට බලා ගැනිමට ලැබෙන්නේ අන්තර් ජාලයෙන් හෝ වෙනත් ක්‍රමයකින් පමණි . එහෙත් එය එකී නෙකා හොරෙන් බලනවා මිස පවුලේ සියල්ල එකට නැරඹිය හැකි ඒවා නොවේ.(නදී)
මම මේ ෆිල්ම් එක බැලුවෙ ලංඩන් වල. ඉතා හොද නිර්මාණයක්. හැබැයි ඒක තේරෙන්නෙ බුද්ධි මට්ටම අනුව. සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නෙ හමුදාවට අගෞරවයක් කියලා. ඒ වුනාට නියම තේරුම අපේ හමුදාවට ඉතා හොද මිනිස්කමක් ඇති බව. එහි කියන හමුදා සොල්දාදුවා අතීතය අමතක කර වර්තමානය ගැන හිතන්න උස්සාහ කරනවා. නමුත් තාම දෙමළ අය එහෙම නැහැ කියන එක. මම හිතන්නෙ මේක තමයි එල්.එල්. ආර්.සී එකට හොදම ආදර්ශය. ඒ වගේම විදේශිකයන් මේක දැක්කොත් අනිවාර්යෙන්ම හිතනව අපිට තව කාලයක් ඕනෙ එල්.එල්.ආර්.සී වගේ දෙයක් කරන්න. (හැබයි රතු පස්සවල වගේ දෙවායින් පස්සෙ මම නම් කැමති අපේ හමුදාවට විරුද්ද එකක් කරනවනම්).(නදී)
එළ.(නදී)
ඔබ නැතුව ඔබ එක්ක ඉන්නේ කොහොමද? (නදී)
ඒ සම්මානයද? මට නම් පෙනෙන්නේ හරියට රෝස් කරපු කුකුලෙක් වගේ (නි)