ථේරවාදී භික්ෂු සංගමයේ යහපත සඳහා රජය ගෙන එන ථේරවාදී කතිකාවකට තමන් වහන්සේ ඉත සිතින්ම ප්‍රණාමය පුද කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශාධිපති අගලකඩ සිරි සුමන හිමියෝ පවසති.
මෙම කතිකාවත වූ කලී ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාටම කැප වෙන අයුරින් සකස් කළ යුතු අතර වසර පහක් තිස්සේම අභීතව හඬක් නැගූ බවද උන්වහන්සේ මෙහිදී මතක් කළ දුන්හ.
භික්ෂුවට අකැප විෂයන් සහ පරිබාහිර අංග වන මන්ත්‍ර ගුරුකම් සේම මුදල් ව්‍යාපාර කටයුතු සහමුලින්ම ඈත් කළ යුතු බව අගලකඩ සිරි සුමන හිමි තරයේම අදහස් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් රජය වැරදි කරන කොට සංඝයා වන්සේලා තමා ඒවා නිවැරදි කරගන්න උපදෙස් දුන්නේ. පස්කම් වල ගිලිච්ච ගිහි නායකයෝ පිස්සු නටනකොට සංඝයා වහන්සේලා තමා ඉදිරිපත් වෙලා නිවැරදි කළේ. දැන් පස්කම් වල ගැලී ඉන්න දේශපාලකයෝ සංඝයා ගැන තීරණ ගන්න යනවා. ඉදිරියට අපිට අදායත්මික උපදෙස් ගන්න වෙන්නේ මෙවැනි දේශපාලකයන්ගෙන් නම් අපේ අාධ්‍යාත්මය කොයිබටද? (බ)
භික්ෂුන් වහන්සේලා පාලනය කිරීම බාරදිය යුත්තේ මහා නායක හිමිවරුන්ට මිස ගිහියන්ට නොවේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කාලයේවත් නැති නීති දැන් අවශ්‍යද.? බුද්ද භික්ෂුන් වහසේලාට පමණක් මෙවැනි නීති මන්ද, අන් ආගමික පුජකවරුන්ට නීති පනවන්නේ නැත්තේ මන්ද?(අ)
චාමර - ඔබ කියන කතාව හරි ඉස්සර නම් රජය වැරදි කරන කොට සංඝයා වන්සේලා තමා ඒවා නිවැරදි කරගන්න උපදෙස් දුන්නේ. පස්කම් වල ගිලිච්ච ගිහි නායකයෝ පිස්සු නටනකොට සංඝයා වහන්සේලා තමා ඉදිරිපත් වෙලා නිවැරදි කළේ. දැන් පස්කම් වල ගැලී ඉන්න දේශපාලකයෝ සංඝයා ගැන තීරණ ගන්න යනවා. ඉදිරියට අපිට අදායත්මික උපදෙස් ගන්න වෙන්නේ මෙවැනි දේශපාලකයන්ගෙන් නම් අපේ අාධ්‍යාත්මය කොයිබටද? (අ)
ඔබ වහන්සේ ගත් වෑයම ඉතා හොද දෙයක් (ම)
මම නම් දැන් කාලයක ඉදලම සංඝයා වහන්සේලාට වඳින්නේ නැහැ. වඳින්නේ අරණ්‍ය වල භාවනා කරන දුෂ්කර ජිවිතයක් ගතකරන, පිඬු සිඟාවඩින හාමුදුරු කෙනෙකුට පමණයි. (නි)
රටේ ජනගහනය අනුව ස්වාමින්වහන්සේලා අනුපාතය ඉතා සුළුය. රටේ දැවෙන ප්‍රශ්ණ කොපමණ ප්‍රමාණයක් පවතීද? විධිමත් අහාර රටාවක් අපට නැත. පිටිගුලි ගිලින සංස්කෘතියක් අප නිර්මාණය කරගෙන ඇත. ආර්ථිකයට ගැලපෙන වෘතිකයින් භිහිකරන්නට විශ්වවිද්‍යාල පද්ධතිය අසමත් වී ඇත. ජාතියේ දරුවන් වැඩබැරි ලියන අප්පුහමිලා බවට පත්කර ඇත. ඔය කතිකා පසෙක තබා මුලික ගැටළු සදහා විසදුම් සෙවිය යුතුයි. රටේ මුලික ගැටළු සදහා විසදුම් ලැබෙන විට කතිකා ජනතාව ආරම්භ කරාවී. (ර)
ඔබවහන්සේ හරි (නි)
ඔබ වහන්සේට ස්තූතියි! (නි)
හරිම අගය ඇති කතාවක්. ඔබ වහන්සේට මගේ ප්‍රණාමය! (නි)
ඔබවහන්සේට අපේ නමස්කාරය! (නි)