වසර විස්සකට අධික කාලයක් මේ රටේ එක්තරා පිරිසකට පමණක් සීමාවී තිබුණු පහසුකම් ජාත්‍යන්තර සම්බන්ධතා මේ රටේ අනාගත පරපුරටම හා සමස්ත ජනතාවට භුක්තිවීදිමේ අවස්ථාව එළඹෙන අගෝස්තු 17 දිනෙන් පසුව පිහිටුවන එජාප රජය මගින් ලබාදෙන බව ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මහර ආසනයේ පැවති ජන හමුවකදී පැවසුවේය.
භෞතික සංවර්ධනය, පොදු අවශ්‍යතාවය, පොදු ප්‍රවාහන සේවා , පාසැල් ග්‍රාමිය මාර්ග, පානීය ජල පහසුකම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන අතර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය ඇතුව ගම්පහ දිස්ත්‍රික්කය සංවර්ධනය කර මෙතක් කල් දේශපාලන උවමනා වෙනුවෙන් ජනතාව යොදාගත් යුගය අවසන් කර ගම්පහ නගරය මත්ද්‍රව්‍ය මත්පැන් සහමුලින් තුරන් කර නීතිය හා සදාචාරය පිරිපුන් පුරවරයක් කරන බව විජයවර්ධන මහතා කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමති වරුන්ට තියන පහසුකම් එහෙමත් හැමෝටම දෙනවද ? (නදී)
රට රැකියා කරන උදවියටත් සහන සලසන්න බලන්න.(නදී)
මේවා විකාර කතා පමණි. මෙරට පාලක ඉහළ පෙලැන්ති දෙකක් ඇත. එකක් ගතානුගතික නාගරික පාලක ඉහළ පැලැන්තියයි. මෙය මාර්ටින් වික්‍රමසිංහ ශුරින් හැඳින් වුයේ බමුණු කුලය කියාය. ග්‍රාමීය පසුබිමක් ඇති පාලක ඉහළ පැලැන්තියක් ද වර්ධනය වී ඇත. තවමත් රටේ ආදායම වැඩියෙන් සංසරණය වන්නේ නාගරික ඉහළ පැලැන්තියේ ප්‍රධාන පවුල් අතරය. ජන මාධ්‍ය පවා ඇත්තේ මොවුන් අතේය. එනිසා ඔවුනට ඕනෑම බොරුවක් පැතිරවිය හැකිය. මොහු ද ඒ ඉහළ පැලැන්තිය නියෝජනය කරන දේශපාලකයෙකි. ධනය සම සේ බෙදී යාම ගැන මොවුන් කියන කතා ඡන්දයට කියන කතා පමණි. (නදී)