යුද්ධයේදී ආබාධිත හමුදා සාමාජිකයන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කොට තිබියදීත් සඳුදා (07) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ හා ඒ අසළ ඇති වූ කළ කළහකාරී තත්ත්වය සැලසුම් සහගතව රජය අපහසුතාවයට පත් කිරීමටත් හමුදා සාමාජිකයන් හා රජය අතර බරපතල බෙදීමක් සිදුකිරීමටත් කළ කුමන්ත්‍රණයක් බව රජය කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ මෙම සමාජිකයන් මෙයෙවූයේ කවුදැයි ඔවුන්වත් නොදන්නා බවයි.
මෙම ඉල්ලීම් ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති මීට මාස හතරකට පෙර අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එහි තීන්දුව භාණ්ඩාගාරයට යවා අවශ්‍ය කටයුතු සිදු වෙමින් පැවතුන බවත් එම නිවේදනයේ සඳහන්ය.
දීර්ඝ කාලයක සිට රජයට විරුද්ධ දේශපාලන සංවිධානවල කටයුතු කරන භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකු හා පිටස්තර පිරිසකගේ මැදිහත්වීම මත ඇති කළ මෙම කළහකාරී සිදුවීම දේශපාලන අවශ්‍යතාවයක් බව ඉතා පැහැදිලි බව ද, මෙම කළහකාරී හැසිරීම සිදුකෙරුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ බලවේගයේ නියෝජිතයන් පස් දෙනෙකු සමග සාකච්ඡා කරමින් සිටිය දී බවත් ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
මෙම සේවා විශ්‍රාම වැටුප වසර 12 කට අඩු කාලයක් සේවයේ නියුතු ආබාධිත රණවිරුවන් වෙත ලබාදීම සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂිත ව්‍යවස්ථා සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි වුවත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම සියලූ නීති රෙගුලාසී සංශෝධනය කරමින් සේවා විශ්‍රාම වැටුප මෙම පිරිසට ද ලබාදීමට තීරණය කර තිබුණු බව ද ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.
‘‘ජනධිපති කර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් උද්ඝෝෂණය කළ අවස්ථාවේ ජනාධිපති කාර්යාලය තුළ විදෙස් නියෝජිතයින් පිරිසක් විශේෂ සාකච්ඡාවක ද නිරතව සිටි අතර ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් කරමින් කාර්යාල පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළ්වීමට කළ උත්සාහය පාලනය කිරීමට කටයුතු කරන ලදී. ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට දැනට ලබාදෙන වැටුප් හා දීමනා, දුබලතා දීමනාවට අමතරව අපේක්ෂිත සේවා විශ්‍රාම වැටුප ගෙවනු ලබන බවට ආරක්ෂක අමාත්‍යාංශය 2016 නොවැම්බර් මස 06 වන දින විශේෂ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලිනොච්චියේ පහුගිය දවස් වල ටයර් පුච්චලා පාරවල් වහල පොලිස් නිලධාරීන් පිහි වලින් කඩපු බෝතල් වලින් කපල තිබුන ඒවාට ලනු දීපු අය හොයන්නේ නැත්ද.? මෙතන තියෙන්නේ දේශපාලනයක් නෙමෙයි අහිංසක කකුල් අතපය රට වෙනුවෙන් පුජා කරපු රණ විරුවන්ගේ ජීවත්වීමේ සටනක්. (බ)
දෙයි හාමුදුරුවනේ! ඇයි මේ ආණ්ඩුව හැම එකකින්ම ඇදගෙන නාන්නේ. මොළයක් නැද්ද ප්‍රශ්නයක් ඔඩුදුවන්න කලින් විසඳන්න. (නි)
තවමත් කඩේ යන කට්ටියගේ කයිවාරු කතා නම් අඩුවක් නැහැ. තමන්ගේ නායකයෝ ඉන්නකාලේ ඇතිවූ ප්‍රශ්න බව නොදන්නා ගානට මේ අය අදහස් දාන්නේ හරියට තොත්ත බබාලා වගෙයි (නි)
ප්‍රශ්න තියෙන්නේ මුහුණ දෙන්න මිස පැනලා දුවන්න නොවේ. කලින් රජයේ දුර්වලකම් කියා ශක්තිවන්ත වෙන්න අලුත් ආණ්ඩුවක් උත්සාහ කරනවා නම් අපි ඒවා මින්මතු "පාණ්ඩු" නමින් හඳුන් වමු. කඩාකප්පල්කාරයෝ කියන්නේ පිටින් ආ අය නොවේ. හිටපු පාලකයෝමයි. ජනතාව ඔවුන් ගෙදර ඇරියට නව පාලකයින්ට ඒගොල්ලන් හුරතල් නොකර ඉන්න බැරි තත්වයක් වගේ උදාවෙලා වගේ තියෙන්නේ. (නි)
ගැරඬියන්ට පෙනේ පුප්පන්න බැහැ කියනවනේ! (නි)
දැන් නම් සද්දෙට කිවිසුමක් අරින්නත් බය හිතෙනවා රජය අපහසුතාවයට පත්වෙයිද කියලා. (නි)
මේ අහිංසකයෝ රට වෙනුවෙන් යුද්ධෙට ගිහිල්ලා අත පය කඩාගත්තේ. එහෙම නැතුව හොරකමේ ගිහිල්ලා නොවෙයිනේ. අවුරුදු 12 නෙමෙයි, එකදවසක් රාජකාරි කරලා එහෙම වුණත් සියලු හිමිකම් දෙන්න ඕනෑ. ඒ විතරක් නොවෙයි තව වන්දියකුත් දෙන්න ඕනෑ. දේශපාලකයන්ට කෝටී ගණන් හොරකම් කරන්න පුළුවන්. වාහන ගෙන්වන්න පුළුවන්. ඒවාට කිසිම පරික්ෂණයකුත් නැහැ, දඬුවමකුත් නැහැ. (නි)
අපේ කට්ටියගේ වැඩ ගැන දන්නේ නැද්ද! බල්ලෝ මරල හරි තමන්ට වාසි ගන්න බලන කට්ටිය නේ.(බ)
පෙනේ පුප්පල නායක බව පෙන්නුවේ නැත්තම් තව තව ලෙඩ ඉස්සරහට එවි (බ)
ඉතාම කනගාටු දායක තත්ත්වයක්, මෙය අප සියලු දෙනාම දුටුවා. ඔවුන්ගේ අවශතාවය වුණේ ගැටුමක් ඇතිකර ආණ්ඩුව විසින් අබාදිත රන්විරුවන්ට පහර දුන් බවට ප්‍රචාරය කරන්න. නින්දිතයි (අ)
අනේ ඔහෙලා වැඩේ අනාගෙන දැන් අනික් යට ඇඟිල්ල දික් කොරනවා. කව්රුහරි මෙහෙයවා තිබෙනවානම් ඒ යුද්ධයේදී ආබාධිත හමුදා සාමාජිකයන්ගේ යහපත පිණිසයි. අර පැනල යන්න ගිහින් වෙඩිකපු ත්‍රස්තයගේ පවුලට ලක්ස 20 දුන්නනම් මෙයාලට කෝටි 20 දුන්නත් කමක් නැත. (අ)
ආබාධිත රණවිරුවන් භාවිතා කරමින් පරාජිත දේශපාලන බලවේගවල් කරන මේ පහත් සහ පටු අරමුණ හෙළාදකිනවා. (අ)
අවරුදු 5ක් පාර්ලිමේන්තු ගිහින් මංගල කතාව විතරක් කරපු කට්ටියටත් විශ්‍රාම වැටුපක් හිමිවන රටේ, රට වෙනුවෙන් එක දවසක් හරි යුද්ධ කරලා සදාකාලිකවම ආබාධිත තත්ත්වයට පත්වුණ රණ විරුවන්ට විශ්‍රාම වැටුප ලබාදිය යුතුයි. එතැනදී රණ විරුවාගේ සේවා කාලය කිසිසේත්ම බාධකයක් නොවිය යුතුයි. කෙසේ නමුත් මේ රණ විරුවන්ව කිසියම් බලවේගයකින් මෙහෙයවපු බවනම් නිර්පාක්ෂික සාමාන්‍ය ජනතාවට සක්සුදක්සේ පැහැදිලියි. නමුත් ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ආබාධිත රණවිරුවන්ට පහර දෙන්න. රජයක් මීටවඩා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබුණ බවයි මගේ විශ්වාසය. ආණ්ඩුව කරන්නේ තුන්මුල්ලේ පත්මෙලවත් මරදානේ චොප්පේලාවත් නෙමෙයිනේ. පහරදීම දැඩිසේ හෙලා දකින අතර අවසානයේ හෝ විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතුකිරීම සම්බන්ධව සතුටු විය හැක. (අ)
කවුරුවත් මෙහෙයවන්න ඕනේ නැහැ.මේ අයගේ ඉල්ලීම් මහින්දගේ කාලේ දුන්නේ නැත්නම් මේ රජයට තියෙන්නේ ඒ වරද නිවැරදි කරන්නනේ. මාසෙකට කලින් ආරක්ෂක ලේකම් තුමා දුමින්ද ඇමතිතුමා එක්ක ඇවිත් දුන්නු පොරොන්දුව ඉටු කළා නම් ඉවරයිනේ.මේ උපවාස උද්ඝෝෂණ මොකුත් නැහැනේ.(අ)
කව්ද ඉතිං අර දෙන්න . උපවාසය කරන වෙලාවෙ පිටකොටුවටත් ආවා අපි දැක්කා .(බ)
අපිත් හිතුවා අන්තිමට ඔත්නෙන්ට ඒවී කියල.දෙන්න නම් හිටියේ ඔච්චර කාලයක් ස්ට්‍රික් කරනකකම් හිටියේ මොකද ? කලින්ම කියන්ඩ තිබ්බනේ ලබන අව්රුද්දෙ දෙනවා කියල ....අහෝ යහ පාලනය (බ)
මෙයාල බබාලා..මොනවත් දන්නේ නැහැ..(බ)
අනේ මෙහෙමත් දුර්වලකම් වහන්න නිදහසට කරුණු කියන රජයක්.පව් (බ)
එහෙනම් හර්තාලය පටන්ගත් දවසම කියන්න තිබුනනේ ආබාධිතයන්ව දින ගණනක් පිටකොටුවේ වැස්සේ තියන්නේ නැතිව. ඔරුව පෙරලුනු පිට හොදය කියනවා වගේ. (බ)
බඩගින්න නැමැති පිටස්තර පිරිසක් මොවුන්ව මෙහෙයවා ඇති බව රහස් පොලිසිය සොයා ගෙන ඇති අතර , නැති බැරිකම නැමැති බලයක් අවසන් මොහොතේ මොවුන්ව දිරිමත් කර ඇති නමුත් තුච්ඡකම හා පාහරකම නැමැති මැර කල්ලි වල ප්‍රහාරයට ලක්ව ඇත . (බ)
තමන්ගේ පටු දේශපාලන අදහස් ඉටුකර ගැනීමේ කුඨ චේතනා මුල් කරගෙන, මෙවැනි තුට්ටු දෙකේ වැඩ කර අසරණ ජනතාව රවටන දේශපාලුවන් තරයේ හෙලා දැකිය යුතු වෙනවා ! (බ)