දෙමළ සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු දෙමළ දේශපාලඥයින් සහභාගීව සිටි හමුවකදී ඇතිවූ කළහකාරී තත්ත්වයක් පොලිසිය මැදිහත්ව සමථයකට පත්කර ඇති පුවතක් ප්‍රංශයේ පැරිස් නුවරින් වාර්තා වේ.
පැරිස් මාධ්‍ය වාර්තා වලට අනුව දෙපාර්ශවය අතර අදහස් හුවමාරුව ගුටිබැටි හුවමාරුවක් දක්වා දුරගොස් ඇත.එය සමථයකට පත්කර ඇත්තේ පොලිසියයි.
පැරිස් නුවර අවන්හලකදී මෙම හමුව පැවැත්වී තිබෙන්නේ ජීනිවාහිදී සම්මතවූ ශ්‍රීලංකාව පිළිබද යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු වන සෙල්වන් අඩෙයිකලනාදන්,ජී.කවීන්ද්‍රන්,සහ එම පක්ෂයේම පළාත් සභා මන්ත්‍රීවරු වන එන්.කේ.සිවාජිලිංගම්, සහ ගෝවින්දන් කරුණාකරන් මෙම හමුවට සහභාගීව සිට බව කියති.
හමුව පැවැත්වෙමින් තිබූ අතරවාරයේ අවන්හලට කඩාවැදී ඇති තරුණයින් 50 දෙනෙකුගේ පමණ සමන්විත කණ්ඩායමක් යුද අපරාධ විමර්ශනය කිරීමට අන්තර්ජාතික විමර්ශනයක් අවශ්‍ය බව කියමින් සිට,දැන් දේශීය යාන්ත්‍රණයකට කැමැත්ත පළ කරන්නේ මන්දැයි දෙමළ දේශපාලඥයින් පිරිසගෙන් විමසා ඇත.
ඔවුන් මෙසේ විදෙස් සංචාරයේ යෙදෙනුයේ තමන් ඇතුළු දෙමළ ඩයස්පෝරාව පක්ෂයට ලබාදෙන මුදලින් යැයි කියා ඇති තරුණ පිරිස දෙමළ ජතනාවගේ අරමුණු වලට පටහැනිව කටයුතු කරන බව කියමින් දේශපාලඥ පිරිසට චෝදනා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සාමය සංහිදියාව ඇති උනොත්, ආර්ථික වාසි තකා දේශපාලන රැකවරණ ගැනීම බැරිවන නිසා සිදුවන කටයුතු මේවා. (ර)
ලංකාවම කනවා. ඔවුන් අපහු ලංකාවට ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. (ස)
හරි හරි ලොකු දෙයක් නොවෙයි නම් අපිත් කලබල නොවී ඉන්නම්කො. (ර)
දේශපාලකයෝ ජනතාව රවටන තරමට පැරිසියේදී අවුල දුරදිග ගොස් නැත. පැරිසියේ සිට ලංකාව දිහා බලාගෙන් ගහගන්නේ නැතිව ඇවිත් කතා කර ගත්තොත් නරකද? (ම)
ගණන් ගන්න එපා කාපු බීපු වෙලාවට කරන කියන දේ ගැන.(බ)
ආවට පාසේ කොහෙද තොපි ගියේ අපේ රටේ ප්‍රශ්න විසදන්න පිට බල්ලන්ට පුළුවන්ද කියල ඕකුන්ට නෙලන්න ඕන අයෙත් පිට එවුන් ළඟට නොයන්න. (බ)
මේවා ලොකුවට අරගෙන අපි බියවන්න ඕනෑ නැහැ. (නි)
ශ්‍රී ලංකාව ඇතුළෙදි බැරිනම් පිටරටකදී හරි මේ "නැති ප්‍රශ්නෙට" විසඳුමක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති මෙම මැරබලය අවන්හලට කඩා වැදුනේ! (නි)
අළු යට තිබෙන ගිනි පුපුරු හා සමාන ත්‍රස්ත ක්‍රියාකාරීන් මුළු යුරෝපයයේම බලා සිටිනවා වෙලාව එනතුරු ලංකාවට වින කිරීමට (නි)
අනේ මන්දා මේවා! (නි)
ඕක තමයි කොල්ලනේ ඇත්ත. අන්තිමට උඹලත් පරාදයි අපිත් පරාදයි. දෙපැත්තේම දේශපාලකයෝ අපිට හිනාවෙනවා. හැමදාමත් මේක තමයි වුණේ (නි)