යුරෝපයේ වැඩිම ශ්‍රී ලාංකික දරුවන් ඉගෙන ගන්නා දහම් පාසල පවත්වාගෙන යන පැරීසියේ ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරය සංවර්ධනයකොට වැඩි ඉඩක්ද ලබාගෙන සංස්කෘතික, අධ්‍යාපනික, ආගමික හා සමාජයීය කටයුතු සිදු කිරීමට විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ දායකයෝ සැරසෙති.
එයට දායක වෙමින් පැරිස් බෞද්ධ විහාරස්ථානය ගොඩ නැගීමට දායකවන්නැයි දායක සභාව ඉල්ලයි.
හිමියන් විසින් ඒ පිළිබඳ සවිස්තරාත්මක නිවේදනයක්ද ඔබට ඉදිරිපත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශ රටේ බෞද්ධ ධර්මදූත කටයුතු වලට මුලපිරූ ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂුවක් ලෙස කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ට අත්වන්නේ විශිෂ්ට නාමයක්. ඉතාමත් නිහඬව හා නිහතමානීව මේ කටයුත්ත මේ දක්වා කරගෙන ආවත් ඉදිරියටත් ඒ මහඟු සේවාව පවත්වාගෙන යන්න නම් ඒ ස්ථානයට ආධාර ලබාදීම විශේෂයෙන්ම යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික සැමගේම යුතුකමක්. උන්වහන්සේගේ අධිෂ්ටානය සඵල වේවා! (නි)
මිලානෝ පන්සලට වගේද ? (ස)
කෝන්ගස්දෙණියේ ආනන්ද හිමියන් විසින් කරනා සේවය ඉමහත්ය. මෙහි උපදින හැදෙන වැඩෙන ලාංකික දරුවන් සිංහල කියවීමට, ලිවීමට, ඉගෙනගන්නට එන්නේ මෙම පන්සලටය. ඉඩමදිකමත් ආධාර වල අඩුවත් එමටය. උදව් කළ හැකි සියලු දෙනා හැකි පමණින් මෙයට දායකවන්න (නි)
අපිටත් ආඩම්බරයක් (දී)
අපේ යුතුකමක් එවන් වැඩ වලට සහාය දෙන එක (දී)
ගාමිණි, ඔයා නොදන්නා දේ කතා නොකර ඉන්නවා නම් ලොකු දෙයක්. (නි)
පැරිස් - ධම්මචක්ක විහාරයේ අැති සීමිත ඉඩකඩ ප්‍රමාණය තුළ වසර ගණනාවක සිට ඉටුකරනු ලබන අතිමහත් වූ උදාර සේවය සඳහාත්, දහම් පාසල සඳහාත් අත්‍යවශ්‍ය පහසුකම් සලසාදීමට ආධාර උපකාර කිරීම අප කාගේත් යුතුකමකි. ජාති භේදයකින් තොරව විවිධ ජාතීන්ට දහම් සිසිලස බෙදාදෙන පුජ්‍ය ආනන්ද හිමිපාණන්ගේ කාරුණිකභාවය මෙහි සාර්ථකභාවයට හේතු වේ. (නි)
පිං වැඩක් (දී)