IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැරිස් විහාර සංවර්ධනයට උදව් ඉල්ලයි

යුරෝපයේ වැඩිම ශ්‍රී ලාංකික දරුවන් ඉගෙන ගන්නා දහම් පාසල පවත්වාගෙන යන පැරීසියේ ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරය සංවර්ධනයකොට වැඩි ඉඩක්ද ලබාගෙන සංස්කෘතික, අධ්‍යාපනික, ආගමික හා සමාජයීය කටයුතු සිදු කිරීමට විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ දායකයෝ සැරසෙති.

එයට දායක වෙමින් පැරිස් බෞද්ධ විහාරස්ථානය ගොඩ නැගීමට දායකවන්නැයි දායක සභාව ඉල්ලයි.

හිමියන් විසින් ඒ පිළිබඳ සවිස්තරාත්මක නිවේදනයක්ද ඔබට ඉදිරිපත්කර ඇත.

පැරීසියේ-ධම්ම-චක්ක-බෞද්ධ-විහාරයේ-සංවර්ධන-කටයුතු--සඳහා-ඉල්ලීම



අදහස් (0)

පැරිස් විහාර සංවර්ධනයට උදව් ඉල්ලයි

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 29 September 2014 11:10 PM

ප්‍රංශ රටේ බෞද්ධ ධර්මදූත කටයුතු වලට මුලපිරූ ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂුවක් ලෙස කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ට අත්වන්නේ විශිෂ්ට නාමයක්. ඉතාමත් නිහඬව හා නිහතමානීව මේ කටයුත්ත මේ දක්වා කරගෙන ආවත් ඉදිරියටත් ඒ මහඟු සේවාව පවත්වාගෙන යන්න නම් ඒ ස්ථානයට ආධාර ලබාදීම විශේෂයෙන්ම යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික සැමගේම යුතුකමක්. උන්වහන්සේගේ අධිෂ්ටානය සඵල වේවා! (නි)

:       0       0

ගාමිණී Monday, 29 September 2014 11:06 AM

මිලානෝ පන්සලට වගේද ? (ස)

:       0       0

සේරම් පැරිස් Monday, 29 September 2014 11:47 AM

කෝන්ගස්දෙණියේ ආනන්ද හිමියන් විසින් කරනා සේවය ඉමහත්ය. මෙහි උපදින හැදෙන වැ‍ඩෙන ලාංකික දරුවන් සිංහල කියවීමට, ලිවීමට, ඉගෙනගන්නට එන්නේ මෙම පන්සලටය. ඉඩමදිකමත් ආධාර වල අඩුවත් එමටය. උදව් කළ හැකි සියලු දෙනා හැකි පමණින් මෙයට දායකවන්න (නි)

:       0       0

යොහාන් Monday, 29 September 2014 11:58 AM

අපිටත් ආඩම්බරයක් (දී)

:       0       0

ගයත්‍රී Monday, 29 September 2014 11:58 AM

අපේ යුතුකමක් එවන් වැඩ වලට සහාය දෙන එක (දී)

:       0       0

හේමන්ත Monday, 29 September 2014 12:26 PM

ගාමිණි, ඔයා නොදන්නා දේ කතා නොකර ඉන්නවා නම් ලොකු දෙයක්. (නි)

:       0       0

වික්‍රම තල්ගස්වත්ත Monday, 29 September 2014 05:09 PM

පැරිස් - ධම්මචක්ක විහාරයේ අැති සීමිත ඉඩකඩ ප්‍රමාණය තුළ වසර ගණනාවක සිට ඉටුකරනු ලබන අතිමහත් වූ උදාර සේවය සඳහාත්, දහම් පාසල සඳහාත් අත්‍යවශ්‍ය පහසුකම් සලසාදීමට ආධාර උපකාර කිරීම අප කාගේත් යුතුකමකි. ජාති භේදයකින් තොරව විවිධ ජාතීන්ට දහම් සිසිලස බෙදාදෙන පුජ්‍ය​ ආනන්ද හිමිපාණන්ගේ කාරුණිකභාවය මෙහි සාර්ථකභාවයට හේතු වේ. (නි)

:       0       0

දම්මික සිරිවර්ධන Monday, 29 September 2014 07:55 PM

පිං වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site