IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


පැරිස් වෙසක් පිංකමට මහා පිරිසක්

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂික වෙසක් පිංකම දින දෙකක් පුරා පැවැත්විණි.

පැරිස් නගරයේ බුවා ද වැන්සන්හි පිහිටි බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී  පැවැත්වුණ මෙම පිංකමට භික්ෂුන් වහන්සේ 10 නමක් වැඩමකර සිටියහ.

උන්වහන්සේ විහාරස්ථාන භුමියේ සංකේතාත්මකව පිඩුසිඟා වැඩියහ. පිණ්ඩපාත දානය පිළිගැනීම උදය කාලයේත් වෙසක් පින්මක සවස් භාගයේත් පැවැත්විණි.

 වෙසක් පින්කමේදී තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ තෙසත්තැ ඥාණ වෙනුවෙන් සංවිධානය කරන ලද ඥාණ පුජාව විවිධ ජාතික සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ බොදු බැති ගී සංදර්ශනයක් ඉදිරිපත් කළහ

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සිට වැඩමකළ  බෝදාගම චන්දිම හිමි, මන්ත්‍රීතැන්නේ සද්ධාලෝක හිමි සහ  මිහින්තලේ සෝමානන්ද හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ හත් නමක්ද ප්‍රංශයේ බෞද්ධ මධ්‍යස්ථාන වාසී  මාපලගම ජිනානන්ද සහ  වජිර හිමියෝ ද සහභාගී වුහ.

 

 

 

 

 



අදහස් (0)

පැරිස් වෙසක් පිංකමට මහා පිරිසක්

සන්ද්‍රා Thursday, 22 May 2014 10:25 PM

සුනිල් ආනන්ද මහත්තයෝ මේවගේ පින්කම් ඔබ ලියන්නේ නැද්ද .(ස)

:       0       0

රොහාන් දයාදර පැරිස් Thursday, 22 May 2014 03:07 PM

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නායක සුවාමින්වහන්ස හා මාපලගම ජිනානන්ද අපේ පොඩි හාමුදුරුවෝ බෞද්ධයාට කියලා වැඳුම් පිඳුම් කරන්න පන්සලක අලුත් ගොඩ නැගිල්ලක් ගොඩ නගලා. අපේ බෞද්ධ සංස්කෘතිය යුරෝපයට පමණක් නොව, මුළු මහත් ලෝකයාට දැක බලාගැනීමට කටයුතු කිරීම ප්‍රංශයේ වෙසෙන බෞද්ධ අපිට පමණක් නොව, සියලුම ශ්‍රී ලාංකිකයන්ට මහත් ආඩම්බරයකි. සතුටකි. ( සතුට පරම ධනයයි ) මෙයට සම්මාදන් වූ සැමට චිරන් ජයතු !!! (නදී)

:       0       0

හේරත් Thursday, 22 May 2014 03:34 PM

අනේ වාසනාවන් සාදු සාදු සාදු (නදී)

:       0       0

කුෂානි Thursday, 22 May 2014 03:36 PM

සද්දාලෝක හිමි අපෙත් යාලුවෙක්. හොඳ හිමිනමක්. (නදී)

:       0       0

එඩ්වර්ඩ් පෙරේරා-ජර්මනිය Friday, 23 May 2014 05:09 AM

පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පොඩි හාමුදුරුවන්ගෙන් විශාල ශාසනික මෙහෙයක් ඉටුවෙනවා. මෙය අප කවුරුත් විසින් අගය කළ යුතු මහඟු කාර්යයක්. (නි)

:       0       0

සිරි හීන්පැල්ල Thursday, 22 May 2014 11:51 AM

පුජ්‍ය පරවාහැර චන්දරතන ස්වාමීන් වහන්ස යුරෝපය පුර බුදු දහම ප්‍රචාරය කිරීමට ඔබ වහන්සේ ගන්න අපිරිමිත මෙහෙවර සද්නුස්මරණීය වේවා.වසර 35 කට පෙර ෆ්රන්සයට පැමින ඔබ වහන්සේගේ සාසනික සේවයට උරදීමට හෙකිවීම කිසිදා අමතක නොවේ (අ)

:       0       0

සුනිල් ආනන්ද පැරිසියේ සිට Friday, 23 May 2014 05:50 PM

පැහැදිලි හරි අනන්‍යතාවයක් නොමැති සන්ද්‍රා නම් ජීවියාගේ ප්‍රශ්ණයට ස්තුතියි වන්ත වෙමි .මම ඇස් දෙකෙන් දැක සටහන් තැබීමට ප්‍රිය කරමි.ඇස් දෙකෙන් නොදැකපු දෙයක් සටහන් තැබීමට ප්‍රිය නොකරමි . එය වගකීමකි .එනමුදු මාධයයේ යෙදෙන්නෙක් ලෙසට නොදැකපු දෙයක සිදුවීමක් වගකීමෙන් පවසන්නේ නම් එම සටහන් තැබීමටද ප්‍රිය කරමි. ඉහත වෙසක් පිංකම දින මම සේවයේ සිටි බැවින් සහාබාගී වීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි .එසේ නමුදු මෙම පිංකම ගැන කිසිම සම්පතක් නැති මම කුමක් කෙසේ ලියන්නේද ?සම්පත් තිබුණි නම් මීටත් වඩා රසවත් ලෙස ඔබලාට දැන්වීමට අවස්ථාව තිබුණි . එසේ මම කර ඇත්තෙමි .එබැවින් එම අවස්ථාව නොලැබීම ගැන මම කණගාටු වෙමි . මෙම වෙනස දුටු සන්ද්‍රාට මම නැවත වරක් ස්තුති වන්ත වෙමි . ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍ර රතන හිමියෝ හා එම විහාරස්ථානය විශාල සමාජ මෙහෙවරක් සිදුකරණ ස්ථානයකි .ඉතාමත්ම දිළිඳු ලංකාවේ දරුවන්ට නවීන තාක්ෂණය හා අධ්‍යාපනය ලබා දීමට උන්වහන්සේ කරන සේවයත් විහාරස්ථානය හරහා සිදුවෙන සේවයත් ඒ අතර පෙරමුණේ සිටී .උන්වහන්සේ ශ්‍රී මහා බෝධීයේ අංකුරයක් පැරීසියට වැඩමකර රෝපණය කළේය .පිංකමක් කළේය. එදා ඒ ගැන සටහන් තැබුවේ මම පමණි . තව බොහෝය .අදද මට සම්පත් ලබා දෙන්නේ නම් ; මම තවමත් එදා මෙන්මය . සන්ද්‍රා එම උපකාරය කරනු ඇතැයි මම සිතමි . (අ)

:       0       0

එසෝ Sunday, 25 May 2014 09:23 PM

සුනිල් ආනන්ද කියන දේ පිලිගන්නවා.(දී)

:       0       0

සිරියලතා කෙන්යා Thursday, 22 May 2014 12:20 PM

සාදු සාදු සාදු සාදු (නදී)

:       0       0

රංජිත් සෝමවංහ Thursday, 22 May 2014 12:24 PM

සිරි හීන්පැල්ල මහතාගේ අදහස මම අනුමත කරමි. ඔබ වහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබේවා.(නදී)

:       0       0

පහන් Thursday, 22 May 2014 01:09 PM

පුජ්‍ය පරවාහැර චන්දරතන ස්වාමීන් වහන්සේගේ පස් දරු දිරි අරමුදල ඉතාම හොද වැඩක්. එම අරමුදල පස්දරු අම්මාවරුන්ට ශක්තියක් .අරමුදලට තව තවත් ආධාර ලැබේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 38 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 466 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 243 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site