ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂික වෙසක් පිංකම දින දෙකක් පුරා පැවැත්විණි.
පැරිස් නගරයේ බුවා ද වැන්සන්හි පිහිටි බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණ මෙම පිංකමට භික්ෂුන් වහන්සේ 10 නමක් වැඩමකර සිටියහ.
උන්වහන්සේ විහාරස්ථාන භුමියේ සංකේතාත්මකව පිඩුසිඟා වැඩියහ. පිණ්ඩපාත දානය පිළිගැනීම උදය කාලයේත් වෙසක් පින්මක සවස් භාගයේත් පැවැත්විණි.
වෙසක් පින්කමේදී තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ තෙසත්තැ ඥාණ වෙනුවෙන් සංවිධානය කරන ලද ඥාණ පුජාව විවිධ ජාතික සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.
ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ බොදු බැති ගී සංදර්ශනයක් ඉදිරිපත් කළහ
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සිට වැඩමකළ බෝදාගම චන්දිම හිමි, මන්ත්‍රීතැන්නේ සද්ධාලෝක හිමි සහ මිහින්තලේ සෝමානන්ද හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ හත් නමක්ද ප්‍රංශයේ බෞද්ධ මධ්‍යස්ථාන වාසී මාපලගම ජිනානන්ද සහ වජිර හිමියෝ ද සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල් ආනන්ද මහත්තයෝ මේවගේ පින්කම් ඔබ ලියන්නේ නැද්ද .(ස)
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නායක සුවාමින්වහන්ස හා මාපලගම ජිනානන්ද අපේ පොඩි හාමුදුරුවෝ බෞද්ධයාට කියලා වැඳුම් පිඳුම් කරන්න පන්සලක අලුත් ගොඩ නැගිල්ලක් ගොඩ නගලා. අපේ බෞද්ධ සංස්කෘතිය යුරෝපයට පමණක් නොව, මුළු මහත් ලෝකයාට දැක බලාගැනීමට කටයුතු කිරීම ප්‍රංශයේ වෙසෙන බෞද්ධ අපිට පමණක් නොව, සියලුම ශ්‍රී ලාංකිකයන්ට මහත් ආඩම්බරයකි. සතුටකි. ( සතුට පරම ධනයයි ) මෙයට සම්මාදන් වූ සැමට චිරන් ජයතු !!! (නදී)
අනේ වාසනාවන් සාදු සාදු සාදු (නදී)
සද්දාලෝක හිමි අපෙත් යාලුවෙක්. හොඳ හිමිනමක්. (නදී)
පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පොඩි හාමුදුරුවන්ගෙන් විශාල ශාසනික මෙහෙයක් ඉටුවෙනවා. මෙය අප කවුරුත් විසින් අගය කළ යුතු මහඟු කාර්යයක්. (නි)
පුජ්‍ය පරවාහැර චන්දරතන ස්වාමීන් වහන්ස යුරෝපය පුර බුදු දහම ප්‍රචාරය කිරීමට ඔබ වහන්සේ ගන්න අපිරිමිත මෙහෙවර සද්නුස්මරණීය වේවා.වසර 35 කට පෙර ෆ්රන්සයට පැමින ඔබ වහන්සේගේ සාසනික සේවයට උරදීමට හෙකිවීම කිසිදා අමතක නොවේ (අ)
පැහැදිලි හරි අනන්‍යතාවයක් නොමැති සන්ද්‍රා නම් ජීවියාගේ ප්‍රශ්ණයට ස්තුතියි වන්ත වෙමි .මම ඇස් දෙකෙන් දැක සටහන් තැබීමට ප්‍රිය කරමි.ඇස් දෙකෙන් නොදැකපු දෙයක් සටහන් තැබීමට ප්‍රිය නොකරමි . එය වගකීමකි .එනමුදු මාධයයේ යෙදෙන්නෙක් ලෙසට නොදැකපු දෙයක සිදුවීමක් වගකීමෙන් පවසන්නේ නම් එම සටහන් තැබීමටද ප්‍රිය කරමි. ඉහත වෙසක් පිංකම දින මම සේවයේ සිටි බැවින් සහාබාගී වීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි .එසේ නමුදු මෙම පිංකම ගැන කිසිම සම්පතක් නැති මම කුමක් කෙසේ ලියන්නේද ?සම්පත් තිබුණි නම් මීටත් වඩා රසවත් ලෙස ඔබලාට දැන්වීමට අවස්ථාව තිබුණි . එසේ මම කර ඇත්තෙමි .එබැවින් එම අවස්ථාව නොලැබීම ගැන මම කණගාටු වෙමි . මෙම වෙනස දුටු සන්ද්‍රාට මම නැවත වරක් ස්තුති වන්ත වෙමි . ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍ර රතන හිමියෝ හා එම විහාරස්ථානය විශාල සමාජ මෙහෙවරක් සිදුකරණ ස්ථානයකි .ඉතාමත්ම දිළිඳු ලංකාවේ දරුවන්ට නවීන තාක්ෂණය හා අධ්‍යාපනය ලබා දීමට උන්වහන්සේ කරන සේවයත් විහාරස්ථානය හරහා සිදුවෙන සේවයත් ඒ අතර පෙරමුණේ සිටී .උන්වහන්සේ ශ්‍රී මහා බෝධීයේ අංකුරයක් පැරීසියට වැඩමකර රෝපණය කළේය .පිංකමක් කළේය. එදා ඒ ගැන සටහන් තැබුවේ මම පමණි . තව බොහෝය .අදද මට සම්පත් ලබා දෙන්නේ නම් ; මම තවමත් එදා මෙන්මය . සන්ද්‍රා එම උපකාරය කරනු ඇතැයි මම සිතමි . (අ)
සුනිල් ආනන්ද කියන දේ පිලිගන්නවා.(දී)
සාදු සාදු සාදු සාදු (නදී)
සිරි හීන්පැල්ල මහතාගේ අදහස මම අනුමත කරමි. ඔබ වහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබේවා.(නදී)
පුජ්‍ය පරවාහැර චන්දරතන ස්වාමීන් වහන්සේගේ පස් දරු දිරි අරමුදල ඉතාම හොද වැඩක්. එම අරමුදල පස්දරු අම්මාවරුන්ට ශක්තියක් .අරමුදලට තව තවත් ආධාර ලැබේවා! (නදී)