දරු දැරියන් 850 දෙනෙකු පමණ උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන කුරුණෑගල මහව   ගජනැග්ගම මහා විදුහලට වතුර පෙරන යන්ත‍්‍රයක් සවිකරදී බීමට පිරිසිදු ජලය ලබා ගැනීමට හැකි කුඩා ව්‍යාපෘතියක් පැරීසියේ වෙසෙන පින්වතුන් පිරිසක් පසුගියදා පරිත්‍යාග කළහ. 

ඉහළ මට්ටමක සවි කළ ටැංකියකට භූගත ජලය රැගෙන විත් එයින් ගලා බසින ජලය පෙරණයක් හරහා වෙනත් ටැංකියක ගබඩා කොට එයට සවි කළ නළ මාර්ගයක් මගින් කරාම හතරකට සම්බන්ධ කොට පහසුවෙන් බීමට ලබා ගැනීමට හැකි ලෙස මෙම යන්ත්‍රය සවි කැරිණි. පැයකට ලීටර් 1500ක නිෂ්පාදන ධාරිතාවයක් ඇති මෙම ජල පෙරණය ලබාදීම පැරීසියේ මිතුරෝ පිරිසක් ප‍්‍රියන්ත වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කටයුතු කළහ. යන්ත‍්‍රයේ නඩත්තු බරපැන ද කටයුතු ඔවුන් විසින්ම දරුණු ඇත.

වර්ෂ 1959 දී තාවකාලික ගොඩනැගිල්ලක දරුවන් 6 දෙනෙකුගෙන් සමාගම් පාසැලක් ලෙස ආරම්භ කළ ඉහත පාසලේ මුල් ගුරුවරයා වුයේ එන්. බී ධර්මසිරි බලල්ල මහතාය. එය වර්ෂ 1961දී රජයේ ප‍්‍රාථමික පාසලක් බවට පත්විය. වර්ෂ 1974දී ගජනැග්ගම කනිෂ්ඨ විදුහලක් බවට පත් වෙමින් පළමු ශ්‍රේණියේ සිට 10 වැනි ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ විය.

අද 1 සිට 13 දක්වා පන්ති පවත්වමින් සිසුන් 850ක් පමණ ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනුම්, ඉගැන්වීම් කටයුතුවල යෙදෙමින් විභාග ප‍්‍රතිපල ඉහළ නංවමින් විෂය සමගාමි හා විෂය බාහිර කටයුතු විශිෂ්ට මට්ටමින් පවත්වා ගෙන යන හොඳ ගති පැවතුම් හා සදාචාර සම්පන්න ආදර්ශවත් දුදරුවන් පිරිසක් රටට දැයට දායාද කිරීමට උරදෙන පාසලකි.

gaganagama-maha-vidyalaya-995-(1)

gaganagama-maha-vidyalaya-1110 IMG_9066gaganagama-maha-vidyalaya-1100 IMG_9071 IMG_9083